Home > දෙමාපිය දැනගැනිම පිණිස > ගුණදායි ආහාර > ගෙදරදිම කැරට් කේක් හදමු

 

mummypages.lk-digital-magazine-march-edition

කැරට් කේක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි 500g
සීනි 480g
කපාගත් කජු 250g
කුරුඳු කුඩු තේ හැඳි බාගයක්
ලුණු ස්වල්පයක්කි
බේකින් පවුඩර් තේ හැදි බාගයක්
බේකින් සෝඩා තේ හැඳි බාගයක්
බිත්තර 6
එළවළු තෙල් අවශ්‍ය ප්‍රමාණයට
ග්රේට් කරගත් කැරට් 375g

චීස් ෆ්‍රොස්ටින් සඳහා

බටර් 150g
ක්‍රීම් චීස් 250g
අයිසිං සීනි 100G
සැරසම සඳහා කුඩාවට කපාගත් කජු
කැරට් පෙති කීපයක්

සාදන ආකාරය

1. මුලින් අවන් එක සෙන්ටිග්රේනඩ් අංශක 175 කට රත්වෙන්න තබා කේක් තැටි දෙකක අඩියේ බටර් ටිකක් ගාන්න

2 පාන් පිටි, කුරුඳු කුඩු,  බේකින් සෝඩා, ලුණු ,බේකින් පවුඩර් හොඳින් මිශ්‍ර වන ආකාරයට හලා ගන්න ඉන් පසුව  කුඩාවට කපාගත් කජු ටික එම මිශ්‍රණයට දමා තියාගන්න

3. පසුව භාජනයට බිත්තරයි සීනියි එකතු කර මිනිත්තු පහක් පමණ  හොදින් මිශ්‍ර කලාට පස්සේ එළවලු තෙල්,ග්‍රේට් කරගත් කැරට්, මුලින් හදාගත්ත පිටි මිශ්‍රණයට  එකතු කරලා නැවතත් මිනිත්තු දෙකක් විතර මිශ්‍ර කරන්න.

4. හදා ගත් කේක් බැටර් එක කලින් සූදානම් කර ගත් කේක් තැටි දෙකට සමානව වෙන්කරලා අවන් එකේ පැය භාගයක අතර කාලයක් තුළ බේක් කරන්න.

5. කේක් එක බේක් වෙන අතරේ අපි ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එක හදාගමු. මික්සර් එකේ භාජනයට බටර් එකතු කරලා මිනිත්තු පහක් විතර හොඳට මිශ්‍ර කරන්න. මේ විදිහට හොඳට මිශ්‍ර කරනකොට තමයි බටර් ටික ඉතා මෘදුවට ඒ වගේම ලස්සන සුදු පාටකින් එන්නෙ. බටර් ටික හොඳට මිශ්‍ර උනාට පස්සෙ ක්‍රීම් චීස්, අයිසින් සීනි එකතු කර මිනිත්තු තුනක් පමණ නැවතත් මිශ්‍ර කරන්න. ෆ්‍රොස්ටින් එක දැන් හොඳ මෘදුවට ඇවිත් තියෙන්නෙ.

6. කේක් එක බේක් වු පසුව හොදින් නිවෙන්නට හරින්න ඉන්පසුව ෆ්‍රොස්ටින් කරන්න  .   කේක් එක කොටස් දෙක බැගින් කපාගෙන එක කේක් ලේයර් එකක්  වෙන් කර තබාගෙන එකේ තියලා කේක් එකේ මතුපිටට හදාගත් ෆ්‍රොස්ටින් එක තවරන්න. මේ විදියට ඉතුරු ලේයර් තුනම එකින් එක තියලා ෆ්‍රොස්ටින්  තවරලා සම්පූර්ණ කේක් එකම ෆ්රොයස්ට් එකෙන් ආවරණය කරන්න. ඊට පස්සේ මිනිත්තු තිහක් පමණ කේක් එක ශීතකරණයේ තියලා නැවත ෆ්රොනස්ට් එකෙන් ආවරණය කරන්න.

7. හදාගත්ත කැරට් කේක් එක වටේට කුඩාවට කපාගත් කජු එකතු කර කපාගත් කැරට් පෙති කීහිපය කේක් එක උඩට එකතු කරලා  මේසයට පිලිගන්වන්න

වට්ටෝරැව එවන ලද්දේ : ඈන් සෙනවිරත්න

#cake #carrotcake #sinhalacakewattoru #carrotcakesinhalaarticle #mummypagesrecipearticle #carroytrecipe

 

 

 

error: Content Protected © mummypages.lk