Home > වට්ටෝරු > ගෙදරදිම අයිස්ක්‍රිම් හදමුද

ගෙදරදිම අයිස්ක්‍රිම් හදමුද

අවශ්‍ය ද්‍රව්‍ය:
ඇල් ජලය අවශ්‍යය ප්‍රමාණයට
කිරි ටින් 1
ජෙලටින් තේ හැඳි 04
කිරි පිටි මේස හැඳි 05
සීනි අවශ්‍යය ප්‍රමාණයට
වැනිලා
කස්ටර්ඩ් පවුඩර් මේස හැඳි 01

සාදා ගන්නා ක්‍රමය :
කිරි ටින් එක භාජනයකට දමන්න. එයටම මදක් ජලය එකතු කර හොදින් කලත්වන්න. පසුව ජෙලටින් මේස හැඳි 04ක් පමණ ජලයේ දිය කර කිරි බන්දුනටම එක කරන්න. අවවශ්‍යය රස අනුව සීනි , කස්ටර්ඩ් පවුඩර් හා වැනිලාද එකතු කර ගන්න මෙසේ සාදාගත් මිශ්‍රණය විනාඩි 45ක් පමණ අධි ශීතකරණයේ තැබිය යුතුය. ශීතතකරණයෙන් පිටතට ගෙන නැවතත් හොදින් ගසා නැවත ශීතතකරණයටම දමන්න. මෙසේ දෙතුන්වතාවක් කර අහාරයට ගන්න

error: Content Protected © mummypages.lk