Home > දෙමාපිය දැනගැනිම පිණිස > ගෘහස්ථ ප්‍රචන්ඩත්වය නවතමු!

ගෘහස්ථ ප්‍රචන්ඩත්වය නවතමු!

නිවස යනු ආදරය, දයාව, කරුණාව, සුරක්ෂිත භාවය සහ රැකවරණය නොඅඩුව තිබෙන, එහි වෙසෙන සියලු දෙනාගේම මනදොළ සපුරන ඉතා සාමකාමී පරිසරයක් ඇති ස්ථානයක් විය යුතුයි. කෙසේනමුත්,  ශ්‍රී ලංකාවේ වෙසෙන කාන්තාවන්ගෙන් 60%ක ප්‍රමාණයක්, තම නිවස තුළ දිනපතා භීෂණයට ලක්වන බව ඔබ දන්නවාද?

භීෂණය යනු කුමක්ද?

නිවස තුල භීෂණකාරී තත්ත්වයක් යනු, ශාරීරිකව, වාචිකව, මානසිකව, ලිංගික වධ හිංසා  වලට හෝ ආර්ථික ප්‍රශ්ණ කෙරෙහි, තමාගේ සහකරුගෙන් හෝ පවුලේ වෙනත්  සාමාජිකයෙකුගෙන් නිවසේදී  අනිසි ලෙස හිංසාකාරී බලපෑම් වලට ලක්වීමයි. මෙවැනි තර්ජන ගර්ජන වලට බියෙන්, මුළු ජීවිත කාලයම ගත කරන සහ ශාරීරික වධ හිංසා සහ මානසික බලපෑම් වලට මුහුණ දෙන කාන්තාවන් බොහෝ ප්‍රමාණයක් අද සමාජයේ දක්නට ඇත.

නිවසේ අතවරවලට ලක්වන්නේ කවුද?

ගෘහස්ථ අරගල ඇතිවීම අද ලෝකයේ සෑම තැනකම දක්නට ඇති ප්‍රශ්නයකි. මෙය, ජාති, ආගම්, කුල භේද, අධ්‍යාපන තත්ත්වය, සාමාජීය තත්ත්වය හෝ ආදායම් තත්ත්වය මත වෙනස් නොවේ.  කාන්තාවන් හිංසාකාරී අතවරවලට ලක්වීම සාමාන්‍ය සිද්ධියක් නමුත්, සමහර අවස්ථාවල දී පිරිමින්ද මෙවැනි ගැටළුවලට මුහුණ පානු ලැබේ.  මෙම ගෘහස්ථ ඛේදයාචකයන්ට මුහුණ පාන ළමුන් නිතරම මානසික ගැටළුවලට ලක් වේ.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නැවැත්විය නොහැකි මන්ද?

ගෘහස්ථ ගැටළු ඇතිවීම මානව අයිතිවාසිකම් වලට පටහැනි දෙයකි. ඒවාට විරුද්ධව පොලිසියට පැමිණිලි කළ හැක.  නමුත්, මෙය ශ්‍රී ලංකාවේ සිදු නොවන්නේ, අප රටේ සංස්කෘතිය අනුව “කාන්තාවන් පවුලේ ගෞරවය රැකිය යුතුයි” යන්න  පුරාතණයේ සිට පැවතෙන  මතයක් බැවින් සහ කාන්තාවන් තම පවුලේ සාමාජිකයන්ව ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කිරීමට ඇති අකමැත්ත නිසාය.

ඔබ මෙවැනි ගෘහස්ථ ගැටළු වලට මුහුණ දෙන අයෙක් විය හැකිය.

ඔබේ සහකරු සහ පවුලේ අනිකුත් සාමාජීකයන්ගෙන් ඔබ ශාරීරිකව සහ ලිංගිකව නිවසේදී අතවරවලට ලක් වෙයි නම්, වාචිකව සහ මානසික පීඩනයන් නිසා  ඔබ නිතරම බියෙන් සහ තැති ගැන්මෙන් යුක්ත වේනම්, හෝ මූලික මනුෂ්‍ය අවශ්‍යතා පරිහරණය කිරීමට ඔබට නොලැබෙයි නම්, ඔබ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන අයෙකු වේ.

ඔබ තනියම නොවේ

ඔබ ග්‍රහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ පාන අයෙක් නම්, සහය පතන්න.  ඔබේ ඉතා හිතවත්, විශ්වාසනීය යහළුවෙක්, ඥාතියෙක්, ආගම් නායකයෙක් හෝ උපදේශකයෙකුගේ සහය පතන්න.  ඔබ හෝ ඔබේ දරුවෙක් නිවසේදී ශාරීරිකව හෝ මානසිකව දූෂණයට පාත්‍ර වේ නම්, හැකි ඉක්මණින් ආරක්ෂාව ලබා ගන්න.  ඔබේ පොලිස් ස්ථානයේ ඇති කාන්තා සහ ළමා කාර්යාංශය වෙතින් ඔබේ ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔබට උදව් ලබා ගත හැක.

උදව් ලබා දෙන්න

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ පාන අයෙක් ඔබෙන් සහය පතයි නම්, ඔවුන්ගේ කන්නලව්වට හොඳින් සාවධානව ඇහුම්කන් දෙන්න.  ඔවුන්ට ආරක්ෂාව සහ උදව් ලබා ගැනීම සඳහා උනන්දු කරන්න.  ඔබේ අසල්වැසි නිවෙස්වල කාන්තාවන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙයි නම්, එය නොසලකා හරින්න එපා.  ඔවුන්ව ගෙන්වා එම ගැටළු සහගත තත්ත්වය ඇති වීමට හේතු කාරණා විමසා, පොලිස් ස්ථානයට කතා කරන්න.

ළමුන්ව දැනුවත් කරන්න

ළමයින් හැමවිටම ගෘහස්ථ ප්‍රචණ්ඩකාරී තත්ත්වයට ගොදුරු වන්නන් මෙන්ම, එම තත්ත්වය තම නිවසේ ඇත්නම්, ඒවායේ ඇසින් දුටු සාක්ෂි කරුවන්ද වන අතර, ඔවුන් එම තත්ත්වයේදී අසරණව නිහඬ පුද්ගලයන් බවට පත්වේ.  ශ්‍රී ලාංකික පාසැල්වලට මෙම නීති හොඳින් දන්නා කථිකයෙක් ගෙන්වා, නිවසේ ඇති ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් සහ ඒවාට ඇති විසඳුම්  සම්බන්ධයෙන් දරුවන්ව දැනුවත් කරන්න.

වරදකරුවන්ට උපදෙස් දෙන්න

ඔබ දන්නා කෙනෙක්, ඔවුන්ගේ නිවසේ කලහකාරී ලෙස හැසිරෙයි නම්, ඔවුන්ව ගෙන්වා, ඔවුන්ගේ වරද පැහැදිළි කර දී, ඔවුන්ට එහි භයානක තත්ත්වය පිළිගැනීමට සලස්වා, ඔවුන්ගේ එම කලහකාරී තත්ත්වය නැවත ඇතිවීම වැළැක්වීමට උපදෙස් දෙන්න.

ඔබේ දරුවන් නිවැරදි මාර්ගයේ ගමන් කරවන්න

ඔබේ නිවස තුළ දරුවන්ට හිතකාමී සහ සාමකාමී පරිසරයක් ඇති කරන්න.  දරුවන් අතර හොඳ හැඳියාව ජනිත කරවන්න.  ඔබේ පුතුන්ට කාන්තාවන්ට ගෞරව කිරීමට සහ කාන්තාවන්ට එරෙහිව පවතින විවිධ වර්ගයේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් හෙළා දැකීමට උනන්දු කරවන්න.  කුඩා කළ සිට ළමයින් තුල ඇතිවන  මෙවැනි හැඟීම් නිසා, අනාගතයේ දී ඔවුන් කාන්තාවන්ට හොඳින් සැළකීමට පෙළඹේ.

අපිට සුළුවෙන් හෝ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව යම් බලපෑමක් කළ හැක. ඔබ ගෘහස්ථ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට විරුද්ධව නැඟී සිටි අයෙක් පිළිබඳ යම් විශ්මිත කතාවක් දන්නේ නම්, එය අප සමඟ බෙදා ගන්න www.mummypages.lk ශ්‍රී ලංකාවේ සිටින අනෙකුත් මව්වරුන්ට ඔබේ කතාව ඉතා ප්‍රයෝජනවත් විය හැක!

#domesticviolence #whatisterror #informthechildren #family #husbandandwife

note

You may also like
නිවසේ වැඩ කටයුතු වලට ඔබේ ස්වාමි පුරුෂයා සහ දරුවන් සහභාගි කරගැනීම
පවුලක අත්දැකිම්
ගර්භණීභාවය පවුලක සතුට වැඩිකරයි
දරුවන් සමඟ විනෝදයෙන් කාලය ගත කරන දෙමව්පියන්
error: Content Protected © mummypages.lk