Home > වට්ටෝරු > ගුලාබ් ජාමුන්

ගුලාබ් ජාමුන්

අවශ්‍ය ද්‍රව්‍ය
කිරි පිටි පැකට් 1
පාන් පිටි කප් 1
කිරි මේස හැඳි 1
මී කිරි හෝ යෝගට් මේස හැඳි 1
බේකින් පව්ඩර් තේ හැඳි 1
බැදීමට තෙල් හෝ ගී
සීනි කප් 1 1/2 (සිනිරත් කර දියර කරගන්න)
වතුර කප් 1 1/2

සාදන ක්‍රමය
වතුර, සීනි එකට එක් කර තරමක් ඝණ වන තුරු උණු කරගෙන තබාගන්න.පිටි, කිරි පිටි සහ බේකින් සෝඩා හොඳින් එකට මිශ්‍ර කරගන්න.එයට කිරි සහ යෝගට් එක් කර හොඳින් කලවම් කරගන්න. හුඟක්ම තෙත ගතියට දැනේ නම් පිටි ස්වල්පයක් එක් කරගන්න. හැඩය රඳවා ගන්න පුළුවන් ඩෝ එකක් මෙයින් අනාගන්න. එකම ප්‍රමාණයේ කුඩා බෝල අවශ්‍යය ප්‍රමාණයට පමණක් සාදා  තෙල් තරමක් රත් වෙන්නට හැර සාමාන්‍ය ගින්දරේ රන් වන් පාට වන තුරු බැදගන්න.. සීනි සිරප් එකට බැදගත් ගුලාබ් ජමුන් බෝල දමාගන්න. සිනි වල හොදින් පෙගෙන්න හැර ආහාරයට ගන්න.

error: Content Protected © mummypages.lk