Home > දෙමාපිය දැනගැනිම පිණිස > ගුණදායි ආහාර > ගැස්ටරයිසිස් වලට හොඳම බෙහෙත දිය බත්

ගැස්ටරයිසිස් වලට හොඳම බෙහෙත දිය බත්

ආහාරයක් වශයෙන් බොහෝ පෝෂණීය ගුණ ලබා දෙන, දවස පුරාම ශරීරට නැවුම් බවක්, ශක්තියක් ලබා දෙන, ඉතාමත් සිසිල් ගුණයෙන් යුතු ආහාරයකි. නමුත් මේ දින වල පවතින වෛරස් ආසාදන රෝගයේ ප්‍රධානවම සෙම් කෝප ලක්ෂණ පෙන්වන නිසා, ඔබ සෙම කෝප ලක්ෂණ යම් මට්ටමකට මේ දිනවල පෙන්වනවා නම්, මෙය භාවිතයෙන් වළකින්න. පිත් දෝෂය කෝප වීමෙන් ඇතිවන අම්ලපිත්තය (ගැස්ට්‍රයිටිස්) රෝගය සදහා ඉතාමත් ගුණදායක ඖෂධයක් මෙන් ක්‍රියා කරන ආහාරයකි.

අවශ්‍ය දෑ ;

  • රාත්‍රියේ ඉතිරි වන බත් ( මැටි මුට්ටියේ නම් වඩාත් යෝග්‍ය යි.)
  • රතු ලූනු ගෙඩි 6-7 ක්
  • අමු මිරිස් කරල් 2-3 ක්
  • දෙහි බෑයක යුෂ
  • ලුණු අවශ්‍ය පමණ
  • පොල් කිරි කෝප්ප 1 1/2 ක් පමණ
  • උම්බලකඩ ස්වල්පයක්

සාදන අයුරු ;

රාත්‍රියේ ඉතිරි වූ බත වැසෙන ප්‍රමාණයට වතුර දමා, රැයක් පෙගෙන්නට තබන්න.

උදෑසන රතු ලූණු සිහින්ව කපා, අමු මිරිස් සිහින්ව කපා, රාත්‍රියේ පෙගෙන්නට තිබූ බත ඇති මැටි මුට්ටියටම දමා ලිප තබන්න. උම්බලකඩ ද ලුනු ස්වල්පයක් ද එයට එක්කරමින් මදක් වතුර ගතිය හිදෙන්නට හරින්න. බත හොදින් තැම්බුනාට පසු නෑඹිලියකට දමා පොල්කටු හැන්දෙන් හොදින් පොඩි කරගන්න. ඉන්පසු එය මැටි මුට්ටියටම දමා, පොල්කිරි ද දමා දියර ගතිය හිටින අයුරින් පිසගන්න.අවසානයේ දී දෙහි යුෂ එක් කරගන්න.

ගුණ ;

  • අම්ලපිත්ත (ගැස්ට්‍රයිටිස්) රෝගයට ඉතාමත් ගුණදායකයි.
  • බඩේ තුවාල (Gastric ulcers) ඇති අයට ද ගුණදායකයි.
  • කට තොල් පැලීම, අධ්ක දහදිය, ශරීර දාහය ඇති අයට ද ගුණ ලබා දෙයි.
  • වියළි කාල වලදී ඇස්වල ඇති වන දැවිල්ල, යටි පතුල් පැලීම සහ දැවිල්ලට ද ඉතාමත් ගුණදායකයි.
  • පෝෂ්‍යදායී ඔසුවක් වැනි ආහාරයක් බැවින් යෞවන වයසේ පසුවන දරුවන්ට ඉතාමත් ගුණදායකයි.