ඔබේ ගර්භයේ සිටියදීම ඔබේ බබා ඉගෙන ගැනීමට පටන් ගන්නා බව ඔබ දන්නවාද?
මෙම අවස්ථාවේදී ඔබේ බබාගේ දැනීමේ ශක්තිය අවට පරිසරයේ ඇති උත්තේජක වලට ප්‍රතික්‍රියා දක්වන්නට පටන් ගනී.
බබා ගර්භයේ සිටින විට,
මුලින්ම දැනීම ඇති වන්නේ ශබ්ද සඳහා වූවත්, ස්පර්ශය, රසය ආදියද පිටත ලෝකයෙන් ලැබෙද්දී, ඔහුගේ/ඇයගේ මොළය වැඩීමට පටන් ගනී.
බබාට සති 15ක් වනවිට
ස්පර්ශයට ග්‍රහණය වන අතර, ඔහුගේ/ඇයගේ නාසය සහ රසය දැනීමේ ඉන්ද්‍රියන් වර්ධනය වීමට පටන් ගනී. විවිධ රස සහ සුවඳවත් ආහාර වැළඳීමෙන් බබාගේ රස සම්බන්ධ ස්නායු අවදි කරන්න.
ස්පර්ශයෙන් ඔබේ බබාව උත්තේජනය කරන්න
ඔබේ බබා ගර්භය තුළ එහා මෙහා වන බව දැනෙන විට, බබාව සෙනෙහසින් ස්පර්ශ කරන්න. මෙම ස්පර්ශය ඔබේ බබාව උද්දීපනය කරයි.
කළලයට සති 25ක් වනවිට
ඔබේ බබා පැහැදිළිව ඔබේ කටහඬ ඇසීමටත්, සති 27 වනවිට, දෙමව්පියන්ගේ කටහඬවල් හඳුනා ගැනීමටත් හැකියාව ඇත.පොත්පත් කියවන්න, සිංදු කියන්න: ඔබේ තවමත් නූපන් බබාට වචන වටහා ගත නොහැකි වුවත්, නිරතුරුව එක පිළිවෙලට ශබ්ද ඇසීමෙන්, ඒවා හඳුනා ගත හැකිය. තවද මෘදු සංගීතය වාදනය කරන්න: මෙයට බබා ධනාත්මකව ප්‍රතික්‍රියා කරන බව අධ්‍යනය කර ඇතහොඳින් විවේක ගන්න, මානසික සංසුන්තාවයෙන් යුක්ත වන්න, ගර්භනී අවස්ථාවේ ලබා දෙන විටමින් පිළිවෙලට ගන්න, ඒවගේම සෞඛ්‍යට හිතකර සමතුලිත ආහාර පරිබෝජනය කරන්න. මේ සෑම දෙයක්ම බබාගේ නීරෝගී භාවයත්, මානසික වර්ධනයත්, ඉගෙන ගැනීමේ හැකියාවත් පසුව බබාට ලබා දෙනු ලැබේ.
#duringpregnancy #pregnancy #learningwhileinthewomb ##babyandmotherrelationship