Home > Latest Articles > ගර්භනී සමයේ ඔබටත් පපුව දැවිල්ල හට ගන්නවාද ?

ගර්භනී සමයේ ඔබටත් පපුව දැවිල්ල හට ගන්නවාද ?

ගර්භනී සමයේ ඇතිවන පපුවේ දැවිල්ල

ඊට බලපාන හේතු

පපුවේ දැවිල්ල හා ආහාර නොදිරවීමේ ගැටලුව ගර්භනී සමයේ බහුලව දක්නට ලැබෙන ගැටළුවක් වේ.මෙයට ප්‍රධාන ලෙසම බලපානු ලබන්නේ ජීරණ යුෂ ,ජීරණ පද්දතිය ආවරණය කරන පටල වල ගැටීමයි.මෙයට බලපාන එක් හේතුවක් වන්නේ හෝමෝන වල වෙනස් වීම වේ.ගර්භනී සමයේ අවසානයේදී (බොහෝ විට සති 28සිට )ගර්භාෂය විශාල වීම නිසා අමාශය මත අමතර පීඩනයක් ඇති වීමද මෙයට බලපායි.ගර්භාෂය විශාල වීමට ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය මගින් මෘදු මාංශ පේශි ඉහිල් වීම සිදුවේ එමෙන්ම එය මගින් ගල නාලයේ මෘදු මාංශ පේශි ඉහිල්වේ.ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය මගින් අමාශය හිස්වීමද ප්‍රමාද කිරීම සිදුවේ.මෙසියලුම කරුණු නිසා අමාශයික අම්ල ඉහලට එමෙන් පපුවේ දැවිල්ල ඇතිවේ

ගැබ් ගැනීමට ප්‍රථම ඔබට ආහාර නොදිර වීමේ ගැටළුවක් තිබුනේනම් ඔබ මින් පෙර ගැබ් ගෙන තිබේනම් හෝ ඔබ සිටින්නේ ගර්භනී සමයේ අවසන් අදියරේ නම් ආහාර නොදිරවීමේ ගැටළුව හා පපුවේ දැවිල්ල ඇති වීමට වැඩි ඉඩ කඩක් ඇත.

මෙහි බහුලව දැකිය හැකි ලක්ෂණය වන්නේ පිරුණු හා බර ස්වභාවය ,ඔක්කාරය ,වමනය ,’ගුඩුස් ‘ නොදිරවූ ආහාර උගුරට එම හා ආහාර ගත් වහාම දැනෙන පපුවේ දැවිල්ල සමහර අවස්ථා වල පපු ඇටයට පහලින් ආරම්භ වන පපුවේ දැවිල්ල උගුර දක්වා එම සිදුවේ.මෙම ලක්ෂණය ඔබ දරුඋපත සිදුකල පසු පහව යයි.

ඔබට මෙම ලක්ෂණය තිබේනම් වෛද්‍යවරයාට ඒ බව දන්වන්න.එමගින් ආහාර නොදිරවිම නිසා මේ තත්වය ඇතිවී ඇත්දැයි තහවුරු කරගැනීමට ඔහුට හැකියාව ලැබේ.ආහාර ගැනීමේ අපහසුව හෝ ඔබේ බර අඩුවීම පිලිබදව කනස්සල්ලෙන් ඔබ පසුවන්නේනම් වෛද්‍යවරයා මුණගැසීම සිදුකල යුතුවේ

පාලනය කිරීම –

පහත දැක්වෙන උපදේශන මගින් ඔබේ ආහාර නොදිරවීමේ ගැටළුව හා පපුවේ දැවිල්ල අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

1. පෝෂ්‍යදායි හා මධ්‍යම ප්‍රමාණයේ ආහාර වේල් ලබා ගන්න.-මේ පිළිබද පෝෂ්‍යදායි ආහාර හා අතහැර දැමියයුතු ආහාර යන ලිපියෙන් දැනගත හැක.

2. ක්‍රමානුකුල ආහාර රටාවක් ඇති කර ගන්න.-නියමිත වෙලාවට ආහාර ලබා ගන්න.ආහාර වේල් මග හැරීමෙන් වලකින්න,ආහාර ලබා ගත් විගස නින්දට යාමෙන් වලකින්න.

3. ආහාර ගෙන අවසන් වූ වහා ඉදිරියට නැමීමෙන් හෝ නිදා ගැනීමෙන් වලකින්න.මෙම පීඩාකාරී ලක්ෂණය රාත්‍රී කාලයේදී වැඩිපුර ඇතිවේනම් නින්දට යාමට පැය 3-4ට ප්‍රථමව ආහාර ලබා ගන්න.

4. පපුවේ දැවිල්ල අඩු කර ගැනීම සදහා කිරි වීදුරුවක් හෝ යෝගට් භාවිතා කල හැකිය.

5. ආහාර නොදිරවිම උත්ප්‍රේරණය කරන ආහාර පාන ලබා ගැනීමෙන් වලකින්න.සමහර පලතුරු යුෂ ,චොකලට් ,කුළුබඩු අධික ආහාර හා කැෆෙන් අඩංගු ආහාර මේ අතර වේ.

6. නිදා ගැනීමේදී හිස මදක් ඔසවා තබන්න.-නිදා ගන්නා විට හිසට කොට්ටයක් තබා මදක් එසවීමත් අමතර කොට්ටයක් උරහිස අතරට තබා ගැනීමෙනුත් රාත්‍රීයේදී අමාශයික යුෂ ඉහල පැමිණීමෙන් ඇති වන පපුවේ දැවිල්ල අවම කර ගත හැකිය.

7. ඔබ ලබා ගන්නා ඖෂද මගින් පපුවේ දැවිල්ල ඇතිවන්නේද යන්න පිළිබද සැලකිලිමත් වන්න.

වෛද්‍යවරයා විසින් නියම කරනු ලබන ප්‍රතීආම්ලික (antacids) හා අල්නෙට් ආරක්‍ෂිත ඖෂධ මගින් අමාෂයික යුෂ උදාසීන කිරීම මගින් පපුවේ දැවිල්ල නැතිකර ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.සමහර අවස්ථා වල ඔවුන් අම්ල ,මර්ධනය කරන ඖෂධ නිර්දේශ කරනු ලැබේ.මෙම ඖෂධ ලබා ගැනීමේදී වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය නිලදරිතුමියගේ උපදෙස් භාවිතා කරන්න.එමෙන්ම නියමිත මාත්‍රා වට වඩා ලබා ගැනීමෙන් වලකින්න.

පපුවේ දැවිල්ල මගින් දරුවාට හානියක් ඇතිවේද?

පපුවේ දැවිල්ල ඉතා පීඩාකාරී හා දරාගැනීමට අපහසු තත්වයක් වුවද ඔබේ දරුවාට ඉන් හානියක් නොමැත.වෛද්‍ය උපදෙස් ලබා නොගෙන කිසිදු ඖෂදයක් (ශාක සාර ස්වභාවික ඖෂද මෙයට ඇතුලත්වේ)ගර්භනී සමයේදී ලබා ගැනීමෙන් වලකින්න.

  

සාමාන්‍යයෙ590343572600001900c483d8න් පපුවේ දැවිල්ල පපු ඇටයට පිටුපසින් ඇතිවී උගුර දක්වා පැතිරේ.පපු ඇටයට පහලින් මොට හෝ තියුණු වේදනාවක් ඇතිවේ.එය අමාශයේ දකුණුපස ඉහල කෙලවර දක්වා පතිරේනම් හෝ පර්ශු වලට පහලට පතිරේනම් එය ප්‍රී එක්ලැම්ප්සියා තත්වයේ ලක්ෂණයක් විය හැකිය.ඔබට අසනීප බවක් දැනේන්නේනම් වහාම වෛද්‍යවරයෙකු /රෝහල වෙත යාමෙන් රුධිර පීඩනය හා මුත්‍රා පරීක්ෂණයක් වහාම සිදු කරන්න.  

#duringpregnancy #pregnantmothers #Pregnancycare #pregnancycheckup #pregnancypain

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

You may also like
Physical Changes During Pregnancy
නීරෝගී ගර්භනී අවස්ථාවක් ගත කිරීමට අවශ්ය ආහාර රටාවක්
Perspective Of The Whole Nine Months
සිසේරියන් සැත්කමකින් දරුවෙක් ලැබුනු කාන්තාවකට ලේ දන් දෙන්න පුලුවන් ද ?
error: Content Protected © mummypages.lk