Home > ගර්භනී > ගර්භනී සමයේ ඇතිවිය හැකි ආසාදන

ගර්භනී සමයේ ඇතිවිය හැකි ආසාදන

mptv-ad

අපට ජිවිත කාලය පුරාම මෙන්ම ගර්භනී සමයේදීත් ආසාදන ඇතිවීමේ නැඹුරුතාවයක්  ඇත. මේ හේතුව නිසා ගර්භනී කාලයේදී ඔබ තවත් ඕනෑකමින් ප්‍රවේශම් වියයුතුයි. එමගින් සමහර ඖෂධ හා ප්‍රතිකාර ලබා ගැනීමට සිදුනොවීම ඔබට අමතර වාසියක් සලසාවි. පහත දැක්වෙන ආසාදන වලින් ඔබ අනිවාර්යෙන්ම ප්‍රවේශම් විය යුතුයි.මන්ද එය ඔබටත් ඔබේ දරුවාටත් සංකුලතා ඇතිවීමේ අවදානමක්  ඇත.

පැපොල රෝගය

ගර්භණී සමයේදී පැපොල රෝගය ඇතිවීම මවටත් දරුවටත් බරපතල තත්වයක් ඇතිවිය හැකි අතර එමනිසා බරපතල සංකූලද ඇතිවිය හැකිය. බොහොමයක් කාන්තාවන්ට ළමා කාලයේදී පැපොල රෝගය ඇතිවීම නිසා ප්‍රතිශක්තිකරණය ශරීරය තුල ගැබ්වී ඇත. කෙසේ වෙතත් ඔබට මෙම රෝගය ඇතිවී නැත්නම් පැපොල රෝගය වැළදුන දරුවකු හෝ වැඩිහිටියකු සමග සම්බන්ධ වීමට සිදුවූවහොත් ඔබේ වෛද්‍යවරයාව හෝ පවුල් සෞඛ්‍යය නිලධාරිනිය හමුවන්න. ඔබේ රුධිරය පරික්ෂා කිරීම මගින් ඔවුන්ට ඔබ ආසාදනයට ලක්වී ඇත්දැයි හැකි වන අතර ඒ සදහා ඉක්මනින් ඔබට උපදෙස් ලබාදෙනු ඇත.

සයිටෝමෙගලෝ වයිරසය (cytomegalovirus-cmv)

සයිටෝමෙගලෝ වයිරසය යනු සාමාන්‍ය හර්පිස් වයිරසය මාදිලියේම වයිරසයකි. මෙම වයිරසය මගින් සෙම්ප්‍රතික්ෂාව , තුවාල හා පැපොල ඇතිවිය හැකිය. ගර්භනී කාලයේදී සයිටෝමෙගලෝ වයිරසය අසාදනය වීම ඔබේ දරුවට අහිතකර ලෙස බලපෑ හැකිය. විශේෂයෙන්ම ඔබට මෙම වයිරසය මින් පෙර ආසාදනය වී නොමැතිනම් ,මෙම වයිරසය ආසාදනය විමනිසා පෙනීම නැතිවීයාම, ශ්‍රවණ ආබාධ, ඉගෙනීමේ දුර්වලතා හා අපස්මාරය වැනි රෝග දරුවාට ඇති විය හැකිය. පහත සදහන් නිවාරණ ක්‍රම යොදා ගැනීම මගින් එහි අවදානම අවම කරගත හැකිය.

  • සයිටෝමෙගලෝ වයිරසය කුඩා දරුවන් අතර බහුලව දක්නට ලැබෙනවා. එම නිසා ඔවුන්ගේ මුහුණු සිපගැනීමෙන් වැළකීමෙන් මෙම වයිරසය ආසාදනය අවම කර ගත හැකිය.
  • ඔබේ දෑත නිතරම සබන් යොදා සෝදන්න. විශේෂයෙන්ම කුඩා දරුවන් සමග කටයුතු කිරීමේදී.
  • ගර්භනී සමයේදී ඔබ ගන්නා ආහාර , කෑම හා බීම සදහා භාවිතා කරන උපකරණ කිසිවෙකු සමග පොදුවේ භාවිතා නොකිරීමට ප්‍රවේශම් වන්න. අවම තරමින් ඔබේ දරුවන් සමගවත් එසේ කිරීමෙන් වලකින්න. නොමැතිනම් මෙම වයිරසය ඔබට නොදැනිම ආසාදනය වීමෙන් ඔබේ උපදින්නට සිටින දරුවාට බලපෑම් ඇති කල හැකිය.

(B) ගණයේ ස්ට්‍රෙප්ටෝකොකොස්

බොහෝ පුද්ගලයන් තුල B ගණයේ ස්ට්‍රෙප්ටෝකොකොස් බැක්ටීරියාව දක්නට ලැබෙනවා. කාන්තාවන්ගේ අන්තරය හා යෝනි මාර්ගය තුල මෙම බැක්ටීරියාව නිතර දක්නට ලැබේ. ඉතා කලාතුරකින් හානිකර ලක්ෂණ ඇතිකරනවා. කෙසේවෙතත් ඉතා කලාතුරකින් දරු උපතට ඉතා ආසන්නයේදී හෝ උපත ලබා දීමේදී මෙම බැක්ටීරියාව දරුවාට ආසාදනය විය හැකි අතර මේ නිසා දරුණු රෝග තත්වයක් ඇති විය හැකිය. ආසාදිත මවක් නොමේරු දරු ප්‍රසුතියක් සිදු කරයිනම් දරුවා වටා තිබෙන පටලය කලින්ම කැඩී ගියේනම් හෝ ප්‍රසුතියේදී මවට උණ තිබේනම් බැක්ටීරියාව දරුවාට ආසාදනය වීමේ හැකියාව වැඩිය. මෙම B ගණයේ ස්ට්‍රෙප්ටෝකොකොස් බැක්ටීරියාව ආසාදනය වූ මවුවරුන්ට දරු උපත සිදුකිරීමේදී ප්‍රතිජීවක ඖෂධ ලබාදී දරුවාට මෙය ආසාදනය අවම කිරීම සිදු කෙරේ.

රුබෙල්ලා (ජර්මන් සරම්ප )

ගර්භනී කාලයේදී, විශේෂයෙන්ම පළමු මාස 03දී රුබෙල්ලා ආසාදනය වීමෙන් උපදින්න සිටින දරුවාගේ දෘෂ්ටි, ශ්‍රවණ, හදවතේ ක්‍රියාකාරිත්වයට මෙන්ම මොලයේ වර්ධනයට ඉතා හානිදායක ලෙස බලපායි. බොහෝ පුද්ගලයන් ළමා කාලයේදීම MMR එන්නත ලබා ගැනීමෙන් රුබෙල්ලා සදහා ප්‍රතිශක්තිකරණය ලබා ගනී. ඔබ මේ සදහා එන්නත් ලබා ගෙන නොමැතිනම් හෝ ඔබට රුබෙල්ලා ආසාදනය වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. රුධිර පරීක්ෂණ මගින් ඔබට රුබෙල්ලා ආසාදනය වී ඇත්දැයි වෛද්‍යවරයාට දැනගත හැක.

B19 පැරවො වයිරසය – (B19 paravo virus)

මෙම වයිරසය කුඩා ළමුන්ට බහුලව ව්‍යාප්ත වන අසාදන තත්වයකි. එමගින් බොහෝ විට මුහුණ රතු පාටට හැරේ. බොහෝ කාන්තාවන්ට ගර්භනී කාලයේදී මේ සදහා ප්‍රතිශක්තිය ලබා දේ. මෙම වයිරසය ඉතා තදින් ආසාදනය වීම දරුවාට අහිතකර බලපෑම් ඇති කරයි. ඔබට මෙම රෝගය ඇති වුවහොත් වෛද්‍යවරයාට හෝ පවුල් සෞඛ්‍යය නිලධාරිනිය දැනුවත් කිරීමට අමතක නොකරන්න.

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (sexually transmitted infections-STIS)

ලිංගික සම්ප්‍රේෂණය වන ආසාදන බොහෝවිට රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් ඔබ නොදැනුවත්වම හෝ ඔබට එම තත්වයක් ඇතිවී තිබිය හැකිය. කෙසේ වෙතත් මෙම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන මගින් ගර්භනී කාලයේදී දරු උපතෙන් පසුව දරුවට බලපෑම් ඇති කිරීමේ අවදානමක් ඇත. ඔබ සිතනවානම් ඔබට හෝ ඔබේ සහකරුවාට ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් ඇතැයි කියා වහාම වෛද්‍යවරයාව හෝ පවුල් සෞඛ්‍යය නිලධාරිනියව දැනුවත් කරන්න. එමගින් ඔවුන් අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීම තුලින් ඒ බව තහවුරු කරගැනීම සිදු කරන අතර දරුවාගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සදහා  අවශ්‍ය උපදෙස් ලබාදීම සිදු කරනු ඇත.

HIV – ඒඩ්ස්

ඔබට HIVආසාදනය වී තිබුනද රෝග ලක්ෂණ නොපෙන්වා හොද සෞඛ්‍යය තත්වයෙන් සිටිය හැක. නමුත් මේ බව ඔබේ වෛද්‍යවරයාට හෝ පවුල් සෞඛ්‍යය නිලධාරිනියට හැකි ඉක්මනින් දැනුම් දෙන්න. ඔබගෙන් දරුවාට HIV සම්ප්‍රේෂණය ට ඇති අවදානම අඩු කර ගතහැකි පිලීවෙත් පිළිබද ඔවුන් ඔබව දැනුවත් කරනු ඇත.

හෙපටයිටිස් B

හෙපටයිටිස් B වයිරසය මගින් අක්මාවට බලපෑම් ඇති කරයි. මෙය සම්ප්‍රේෂණය වන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරීම් මගින් හෝ ආසාදිත රුධිරය මගිනි බොහෝ මිනිසුන් රෝග ලක්ෂණ නොපෙන්වා මෙම රෝගය අසාදිතව සිටියි. ඔබට මෙම වයිරසය ආසාදනය වී ඇත්නම් දරු උපත සිදුකිරීමේදී ඔබේ දරුවාට එය සම්ප්‍රේෂණය වේ. ඔබේ දරුවාට ඒ සදහා අවදානමක් ඇත්නම් ඔහුට /ඇයට උප්තෙන් පැය 24ක් ඇතුලත හෙපටයිටිස් B එන්නත ලබා දෙනු ලැබේ. මුල් මාස 12න් පසු බුස්ට මාත්‍රා (booster dose) කිහිපයක්ම ලබා දෙනු ලැබේ. සමහර දරුවන්ට ඉමියුනොග්ලොබින් (immunoylobin) නමැති විශේෂ ප්‍රතිදේහ උපත සිදු වූ වහා එන්නත් කිරීම සිදුවේ. මෙම ක්‍රියා පිළිවෙත් මගින් දරුවන්ට ආසාදනය වර්ධනය වීමේ අවදානම අවම කර ඇති බව ඔප්පු කර ඇත. අවදානම් සහිත දරුවන්  ආසාදන ලක්ෂණ පෙන්වනවාද යන්න මස 12න් තවදුරටත් පරික්ෂා කරනු බලනු ලැබේ.

හෙපටයිටිස් C

හෙපටයිටිස් C වෛරසයද ආසාදිත රුධිරය මගින් සම්ප්‍රේෂණය වන අතර අක්මාවට බලපෑම් ඇතිකරයි. බොහෝ පුද්ගලයින් ඔවුන්ට මෙම වෛරසය ආසාදනය වී ඇති බව නොදන්නා අතර රෝග ලක්ෂණද නොපෙන්වයි. මෙම වෛරසය සම්ප්‍රේෂණය  වන්නේ ආසාදිත රුධිරය හෝ පටක තරල කෙලින්ම ශරීරයේ තැවරීම නිසා වේ. ඔබ ආසාදිත මවක් නම් ඔබගෙන් දරුවට වෛරසය සම්ප්‍රේෂණය වේ. එමෙන්ම මේ දක්වාම මෙය වලක්වා ගැනීම සදහා ක්‍රියාමාර්ගයක් නොමැත. කෙසේ වෙතත් මෙහි අවධානම HIV හා හෙපටයිට්ස් Bවලට වඩා අවම වේ. උපතෙන් පසු දරුවාට මෙම වෛරසය ආසාදනය වී අත්දැයි පරීක්ෂා කර එය ආසාදනය වී ඇත්නම් අවශ්‍ය  ප්‍රතිකාර ලබා දෙනු ඇත.

හර්පීස්

හර්පීස් රෝගය සාමාන්‍යයෙන් සම්ප්‍රේෂණය වන්නේ ලිංගික සංසර්ගයෙන් / මුඛ සංසර්ගය වන අතර එය  ඔබගේ උපදින දරුවාට අහිතකර ලෙස බලපායි. ගර්භනී සමයේ මුල් කාලයේදී මෙය ආසාදනය වුවහොත් ඔබට ප්‍රතිකාර ලබා දෙනු ඇත. ගර්භනී සමයේ අවසන් අදියරේදී  ඔබට මෙම රෝගය ආසාදනය වුවහොත් සිසේරියන් සැත්කමක් සිදු කිරීමෙන් දරුවාට මෙය සම්ප්‍රේෂණය වලක්වාගත හැක. ඔබට හෝ ඔබේ සහකරුවාට මෙම රෝගය ඇත්නම් එය වෛද්‍යවරයාට හෝ පවුල් සෞඛ්‍යය නිලධාරීතුමියට දැනුම් දෙන්න.

ගෘහාශ්‍රිතව සම්ප්‍රේෂණය වන ආසාදන

පුසන් මගින්

පුසන්ගේ මුහුණ ස්පර්ශ වීම මගින් ටොක්සොප්ලාසමොසිස් ආසාදනය  හැකි අතර එය උපදින්න සිටින දරුවාට අහිතකර ලෙස බලපෑ හැක. මෙහි අවධානම අවම කර ගැනීමට නම්,

  • පුසන්ගේ අපද්‍රව්‍ය සහිත භාජන ඇල්ලීමෙන් වළකින්න. ඔබට මේවා පිරිසිදු කිරීමට සිදු වී ඇත්නම් ඉවත දැමිය හැකි අත්වැසුම් පළදින්න. එමෙන්ම අනතුරුව හොදින් සබන් දමා අත් සෝදන්න.
  • රෝගී බවක් පෙන්වන පුසන් ඇල්ලීමෙන් වළකින්න.
  • වත්තේ වැඩ කිරීමේදී අත්වැසුම් භාවිත කරන්න. ඔබ ඇති කරන පුසන් නැති වුවත් අවට සිටින පුසන්ගේ මළ මුත්‍රාවලින් ගෙවත්ත අපිරිසිදු වී තිබිය හැක. ඒ කටයුතු වලින් අනතුරුව අත් හොදින් සබන් ගා සෝදන්න .

ඔබ සැක කරනවානම් ඔබට මෙය අසාදනය වී ඇතයි කියා වෛද්‍යවරයාව හෝ පවුල් සෞඛ්‍යය නිලධාරීතුමියව වහා හමුවන්න

#pregnancytime #duringpregnancy #foodtopregnantmother #pregnancycheckup #pregnancypain #pregnantmother

notice.png low

You may also like
Physical Changes During Pregnancy
නීරෝගී ගර්භනී අවස්ථාවක් ගත කිරීමට අවශ්ය ආහාර රටාවක්
Perspective Of The Whole Nine Months
සිසේරියන් සැත්කමකින් දරුවෙක් ලැබුනු කාන්තාවකට ලේ දන් දෙන්න පුලුවන් ද ?
error: Content Protected © mummypages.lk