Home > Latest Articles > ගර්භනී කාලයේ ඇතිවන ශ්‍රෝණි මේඛලා වේදනාව

ගර්භනී කාලයේ ඇතිවන ශ්‍රෝණි මේඛලා වේදනාව

ශ්‍රෝණියේ ඇතිවන වේදනාව “ගර්භනී කාලයේ ඇතිවන ශ්‍රෝණි මේඛලා වේදනාව {(Pregnancy Related Girdle Pain (PRGP)} ලෙස හෝ යුනිකා අස්ථියෝගයේ අවක්‍රියාකාරිත්වය නිසා ඇතිවන වේදනාව ලෙසද හදුන්වයි. ගර්භනී කාන්තාවන්ගෙන් 20% පමණ මෙම තත්වය ඇතිවේ. මෙය ඔබේ දරුවාට බලපෑමක් ඇති නොවුනත් ගර්භනී සාමය පුරාම මේ නිසා වේදනා විඳීමට ඔබට සිදුවේ.

යුනිකා අස්ථි යෝගය යනු දෙපස ඇති ශ්‍රෝණි යුගල සමබන්ධ කරන චලනය කල නොහැකි සන්ධියකි. චලනය කල නොහැකි ලෙස මෙය සඳහන් කලද ගර්භනී සමයේදී ශ්‍රාවය වන ප්‍රෝජේස්ටෙරෝන් හෝමෝනය හා රිලැක්සින් හෝමෝනය මගින් මෙම සන්දියේ අස්ථි බන්ධනී මෘදු කිරීම මගින් ඇදීමට ලක්විය හැකි ලෙස පත්කරයි.

මෙහි ප්‍රධානම ලක්ෂනය නම් ඇවිදීමේදී, පඩි නැගීමේදී, වාහනයට ගොඩ වීමේදී, ඇඳුම් ඇඳීමේදී හෝ ඇඳට නැගීමේදී ඇතිවන වේදනාවයි. යුනිකාස්තියේ අසල ඇතිවන වේදනාව, කොන්දේ පහල දෙපස ඇතිවන වේදනාව හෝ යෝනිය හා ගුද මාර්ගය අසල ඇතිවන වේදනාව මෙහි ප්‍රධාන ලක්ෂණ වේ. යුනික අස්ථිය අසල “කුඩු වෙන’ නැත්නම් ‘ටික් ගාන” සංවේදනයක් බවට දැනෙනු ඇත. සමහරවිට වේදනාව කලවේ ඇතුල් පැත්තෙන් කකුල්වල දෙපැත්තෙන් පහලට යාම සිදුවේ. සාමාන්‍යයෙන් රාත්‍රියට වේදනාව ඇතිවේ. මෙම තත්වය ඇතිවීමට පෙර ශ්‍රෝණිය අවට ඇති වී ඇති තුවාල ගර්භනී සමයේදී ශ්‍රෝණි සන්ධි අසමාන ලෙස  චලනය වීම දරුවා පිහිටන ආකාරය හා දරුවාගේ බර බොහෝවිට හේතුවේ.

මින් පෙර කොන්දේ අමාරුව තිබී ඇති කාන්තාවන්, මින් පෙර ශ්‍රෝණියට හානියක් (වැටීමෙන් හෝ හදිසි අනතුරකින්) සිදුවී ඇති කාන්තාවන් මින් පෙර දරු උපතේදී යුනිකා අස්ථියෝගයේ අවක්‍රියාකාරිත්වය නිසා වේදනාවට ලක්වූ කාන්තාවන් හා දිනපතා අධික ලෙස වෙහෙසවී කටයුතු කරන කාන්තාවන්ට මෙම තත්වය ඇතිවීමේ අවධානම වැඩිවේ.

පාලනය කිරීම

යුනිකා අස්තියෝගයේ අවක්‍රියාකාරිත්වය නිසා ඇතිවන වේදනාව පාලනය කිරීම භෞතචිකිත්සකවරයකුගෙන් ලැබෙන්නේ ඉමහත් සේවයකි. ඔබට මෙම තත්වය ඇතිබව වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍යය නිලධාරිනිය නිගමනය කළහොත් ඔවුන් ඔබව භෞතචිකිත්සකවරයකු වෙත යොමු කිරීම සිදු කරනු ඇත.

මෙම තත්වය පාලනයට සම්භාහනය, ඔබේ ශ්‍රෝණිය, කොන්ද, උකුල හා උදරයේ මාංශ පේශීවල ශක්තිමත්භාවය වැඩිකිරීම සඳහා ව්‍යායාම ලබාදීම භෞතචිකිත්සාව මගින් සිදු වේ. විශේෂයෙන්ම ජලයේ සිදුකරන ව්‍යායාම ලබාදීමත්, වේදනාව අවම කර ගැනීමට ඔබ එදිනෙද වැඩකටයුතු වලදී පවත්වා ගතයුතු ඉරියව් පිළිබඳවත් ඔබට උපදෙස් ලබාදීම සිදුවේ.

සමහර අවස්ථාවල වේදනා නාශක හෝ ශ්‍රෝණියට ආධාර කරන බඳ පට භාවිතා සඳහා උපදෙස් ලබාදෙනු ඇත.

පහත සඳහන් උපදෙස් මගින් ඔබට දැනෙන වේදනාව අවමකර ගත හැක.

  • වේදනාව වැඩිවන ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් වලකින්න. (උදා; පඩිපෙල් නැගීම)
  • අවශ්‍ය තරම් විවේකය ලබාගන්න. එමෙන්ම සාමාන්‍ය වැඩකටයුතු කරගැනීමට අන් අයගෙන් උපකාර ලබාගන්න.
  • දිගු වේලාවක් හිඳගෙන හෝ සිටගෙන සිටීමෙන් වලකින්න.
  • උස නැති සැහැල්ලු පාවහන් පළඳින්න.
  • බඩු මලු, කුණු පිරුණු බාල්දි ආදී ඉතා අධික බර එසවීමෙන් වලකින්න.
  • ඔබට තවත් දරුවකු සිටීනම් ඔහුව හෝ ඇයව උකුළට වඩාගැනීමෙන් වලකින්න.
  • බර අධික දේවල් තල්ලු කිරීමෙන් වලකින්න. 

#pregnancyrelatedgirdlepain #Paininthepelviclegduringpregnancy #pregnancy care

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

You may also like
Infections in Pregnancy
ඔබත් රැකියාවට යන මවක් ගර්භනී මවක්ද ?
ඔබගේ පුර්ව ප්‍රසව අවදියට සම්බන්ධ නිලධාරීන් හඳුනා ගනිමු ?
Benefits of exercise during pregnancy