Home > ගර්භනී > ගර්භනී කාලයෙදී රුධිර පරිත්‍යාග කල නොහැකිද ?

ගර්භනී කාලයෙදී රුධිර පරිත්‍යාග කල නොහැකිද ?

කාන්තාවක් ගැබ් ගෙන බවට දැනගත් පසු එම අවස්තාවේ සිට දරුවා ප්‍රසූත කර අවුරුද්දක් යනතුරු කාලය තුල කාන්තාවන් ගෙන් රුධිරය ලබා ගන්නේ නැහැ.අපි ඔවුන්ට උපදෙස් දෙන්නේ එම කාලය තුල රුධිරය දන් දීමට යොමු වන්න එපා කියල .මොකද අපි දන්නවා ගර්භනී කාලයේදී මවට වගේම විශේෂයෙන්ම ගර්භාෂය තුල වැඩෙන දරුවාට ඉතා හොඳ පෝෂණයක් අවශ්‍යයි. එ වගේම දරුවාගේ වර්ධනයට විශේෂයෙන්ම දරුවාගේ මොළයේ වර්ධනයට ඉතාම හොඳ ඔක්සිජන් සැපයුමක් අවශ්‍යයි. එය දරුවාට ලැබෙන්නේමවගේ රුධිරය හරහා. එම නිසා ගර්භනී කාලය තුල කාන්තාවන් ගෙන් රුධිරය ලබා ගන්නෙ නැහැ.

ඒ වගේම තමයි දරු ප්‍රසූතියේදි කාන්තාවකගෙන් විශාල රුධිර ප්‍රමාණයක් පිට වනවා. මේ හේතුව නිසා මව රක්තහීනතා තත්වයට ගොදුරු වන්න උනත් පුලුවන් .. එ නිසාම යි අපි ඔවුන්ට යකඩ පෙති පවා ගන්න උපදෙස් දෙන්නෙ . දරු ප්‍රසූතියෙන් පසුව දරුවාට මව් කිරි දීම සඳහා මව ඉතා සෞඛ්‍යය සම්පන්න වී සිටීම වැදගත්. එම නිසා දරු ප්‍රසූතියෙන් අවුරුද්දක කාලයක් සම්පූර්ණ වන තුරු කාන්තාවන් ගෙන් රුධිරය ලබා ගන්නේ නැහැ.

අවුරුද්දකට පසුව රුධිරය පරිත්‍යාග කරීමට අනෙකුත් සුදුසුකම් ඇති කාන්තාවන්ට රුධිරය පරිත්‍යාග කරන්න පුලුවන්.විශේෂයෙන්ම ඒ සඳහා කාන්තාවන් සෞඛ්‍ය සම්පන්නව සිටීම වැදගත් . රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමානය හොඳ මට්ටමක තබා ගැනීමට , රක්තහීනතාවයෙන් ආරක්‍ෂාවීමට ඔබ මව් කිරි දෙන කාන්තාවක් විදිහට පෝෂ්‍යදායී , සමබර ආහාර වේලක් ලබා ගැනීම අනිවාර්‍යයයි.

(ලංකාව තුල දරු ප්‍රසූතියෙන් පසු අවුරුද්දක් දක්වා රුධිරය පරිත්‍යාග නොකරන ලෙස උපදෙස් දුන්නත් එය විවිධ රට වල එම කාල සීමාව වෙනස් විය හැකියි)

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස්  වෛද් වෘතීයවේදියෙක් හෝ වෛද්යවරයෙක් හෝ වෛද් උපදේශකයෙක් හෝ නොවේමෙම වෙබ් අඩවියේ ඇති කරුණු ඔබේ සාමාන් දැනුම සඳහා පමණිමෙය වෛද් උපදේශයක් හෝ හා සම්බන්ධ ආදේශිතයක් ලෙස නොසළකන්නමෙම වෙබ් අඩවියේ ඇති කරුණු ඔබේ  රෝග ලක්ෂණයක් හඳුනා ගැනීමට හෝ රෝගයට පිළියම් කිරීමට යොදා නොගන්නයම්කිසි රෝග ලක්ෂණයක් කෙරෙහි ඔබට යම්කිසි සැකයක් ඇත්නම්, කරුණාකර ඔබේ වෛද්යවරයා හෝ වෛද් සහයකයා හමුවන්න

You may also like
Infections in Pregnancy
ඔබත් රැකියාවට යන මවක් ගර්භනී මවක්ද ?
ගර්භනී කාලයේ ඇතිවන ශ්‍රෝණි මේඛලා වේදනාව
ඔබගේ පුර්ව ප්‍රසව අවදියට සම්බන්ධ නිලධාරීන් හඳුනා ගනිමු ?