Home > ගර්භනී > ගර්භනී අවස්ථාව තුල බෙහෙත් පාවිච්චිය පරිස්සමින්…

ගර්භනී අවස්ථාව තුල බෙහෙත් පාවිච්චිය පරිස්සමින්…

ගර්භනී අවස්ථාවේ දී පාවිච්චි කරන බෙහෙත් වර්ග පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ, එය ඔබට පමණක් නොව, ඔබේ ගර්භයේ සිටින බබාටත් බලපාන බැවිනි.

 පිළිබඳ පරෙස්සම් විය යුත්තේ ඇයි?

සමහර බෙහෙත් වර්ග වල ඔබට සහ ඔබේ බබාට හිංසාකාරි ද්‍රව්‍ය අඩංගු විය හැක.  මෙම ද්‍රව්‍ය ඔබේ ඩිම්බ බන්ධය තුළින් ගොස් ඔබේ ගර්භයේ සිටින බබාගේ රුධිර පද්ධතිය තුලට ඇතුලත්  විය හැක.  ගර්භය තුළ ඇති කළලය ඉතා වැදගත් අවස්ථාවල වර්ධනය වෙමින් සිටින විට, මෙම ද්‍රව්‍ය නිසා, උපත් දෝෂ ඇතිවිය හැක.  එමනිසා, ගර්භනී අවස්ථාවේදී නොයෙකුත් බෙහෙත් වර්ග පාවිච්චි කිරීමේදී ඉතා පරීක්ෂාකාරී විය යුතුය.

ප්‍රයෝජන සහ අවදානම

ගර්භනී කාන්තාවන්ගේ නීරෝගිභාවය සඳහා බොහොමයක් බෙහෙත් වර්ග  අත්හදා බලා නොමැති බැවින්, මෙම බෙහෙත් වර්ග පාචිච්චි කිරීම තවමත් අභිරහසකි.  එමනිසා, ඔබේ වෛද්‍යවරයාගේ  උපදෙස් මත පමණක් බෙහෙත් වර්ග පාවිච්චි කිරීම සුභදායකය.  ඔබ ගර්භනී භාවයට පත්වීමට පෙර, බෙහෙත් වර්ග පාවිච්චි කළේ නම්, ගර්භනී තත්ත්වයට පත් වූ පසු, එම බෙහෙත් දිගටම පාවිච්චි කිරීම පිළිබඳව ඔබේ වෛද්‍යවරයාගෙන් විමසිය යුතුය. එම බෙහෙත් වර්ග දිගටම පාවිච්චි කළ යුතුද, දිගටම පාවිච්චි කළ යුතු නම් කුමන ප්‍රාමණයක්ද, නැතහොත් නවතා දැමිය යුතුදැ’යි වෛද්‍ය උපදෙස් මත සිදු කළ යුතුය. දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ ඇඳුම, ආදී රෝග වලට ඔබ වෛද්‍ය ප්‍රතිකාර ගන්නේ නම්, ගර්භනී තත්ත්වයට පත් වූ පසු එය ගත යුත්තේ කෙසේදැ’යි ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න.

සමහර සාමාන්‍ය රෝග වලට වුවද, ගර්භනී අවස්ථාවේදී ප්‍රතිකාර ගැනීම වෛද්‍ය උපදෙස් මත ගැනීම යෝග්‍ය වේ. කැස්ස වැනි රෝගයකට අයඩින් සහ මධ්‍යසාර වැඩි පරිමාණයක් සහිත  බෙහෙත් පාවිච්චි කිරීම නුසුදුසුය.  එසේම, ඇස්පිරින් සහ නැප්‍රොක්සන් වැනි ඖෂධ වර්ග ගර්භනී මව්වරුන්ට සුදුසු නොවේ.

කවුන්ටරයෙන් ලබා ගන්නා ඖෂධ වර්ග

 ඔබ ගර්භනී නම්, වෛද්‍යවරයෙක් නිකුත් කළ බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව කවුන්ටරයෙන් බෙහෙත් ලබා ගැනීම සුදුසු නොවේ.  ශ්‍රී ලංකාවේ ෆාමසි වල නොයෙකුත් රෝග සඳහා බෙහෙත් ලබා දෙනු ලැබේ.  නමුත්, වෛද්‍ය උපදෙස් නොමැතිව භාවිතා කරන ඖෂධ වර්ග හිතකර නොවේ.  තවද, ඔබට විටින් විට වැළඳෙන රෝග වලට වුවද ප්‍රතිකාර ගන්නා විට, ඔබ ගර්භනී බව ඔබේ වෛද්‍යවරයාට පැවසිය යුතුය (සමහර විට,ඔබ ගර්භනී බව පිටතට නොපෙනේ).

වෛද්‍ය ප්‍රයෝජන සඳහා  උපදෙස්

ඔබ ගර්භනී අවස්ථාවේ පසුවේ නම්, විටමින් වර්ග භාවිතා කළ යුතුවේ.  කෙසේ නමුත්, වැඩිපුර විටමින් සහ එහි අඩංගු දෑ, ඔබටත්, ඔබේ බබාටත් අහිතකර විය හැක.  එයින් ඔබට සහ බබාට වෙනත් රෝග සෑදිය හැකි අතර, එමඟින් ගැබ්ගෙල සති 37ට පෙර සංකෝචනය වීමට පටන් ගත හැක.  තවද, ගැබ් ගෙල තුනී වීමෙන් සහ ප්‍රසාරණය වීම නිසා, කළලය  උපත් නාලය තුළට ඇතුල්විය හැක. මේ නිසා, ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් මත පමණක් විටමින් වර්ග භාවිත කළ යුතුය.

බටහිර ඖෂධ වර්ග වලට වඩා, දේශීය ඖෂධ වර්ග භාවිතය සුදුසු බව ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයකි.  නමුත්, සමහර දේශීය ඖෂධ වර්ග වල පවා මවට සහ කළලයට නොයෙකුත් අහිතකර ද්‍රව්‍ය අඩංගු වේ.  සෑම ස්වභාවික ද්‍රව්‍යයක්ම ශරීරයට හිතකර නොවේ!

සුළු අසනීප සඳහා භාවිතා කළ හැකි, ඖෂධ වලින් තොර ක්‍රම ඇත.  මාංශ පේශීන්ගේ වේදනාව නැති කිරීම සඳහා, විවේකය සහ එම ස්ථානය හොඳින් පිරිමැදීමෙන් නැති කළ හැක.  මල බද්ධය නැති කිරීම සඳහා තන්තු සහිත ආහාර සහ වැඩිපුර ජල ප්‍රමාණයක් භාවිතා කරන්න.  සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ  සඳහා ලුණු මිශ්‍ර උණුසුම් වතුරෙන් උගුර සෝදන්න.  ගර්භනී අවස්ථාවේදී ඖෂධ වලින් තොර මෙවැනි දේ නිවසේදී භාවිතා කිරීමෙන් කිසිදු හානියක් සිදු නොවේ.

ගර්භනී භාවය සතුටින් සහ සෞඛ් සම්පන්නව ගත කරන්න!

#pregnancycare #pregnancy #pregnancycheckup #pregnancypain #pregnancytime #pregnancytips #pregnant mother #pregnantwomen #duringpregnancy

notice.png low

You may also like
ගර්භණි සමයේ ඇති වන හිසරදය
දරු ප්‍රසුතියේදි ඇතිවන වේදනාව අඩු කිරීම
සිසේරියන් සැත්කමකින් දරුවෙක් ලැබුනු කාන්තාවකට ලේ දන් දෙන්න පුලුවන් ද ?
ගර්භනී කාලයෙදී රුධිර පරිත්‍යාග කල නොහැකිද ?