Home > ගර්භනී > ගර්භනී අවස්ථාවේ ගත යුතු විටමින් සහ අමතර පරිපූරක

ගර්භනී අවස්ථාවේ ගත යුතු විටමින් සහ අමතර පරිපූරක

“ගර්භනී අවස්ථාවේ දී, අනිවාර්යයෙන්ම සමබර සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය කළ යුතු වේ.  ඔබ ගන්නා ආහාර වලින්ම ශරීරයට අවශ්‍ය විටමින් සහ ඛනිජ ද්‍රව්‍ය ලබා ගැනීම වඩාත් සුදුසුය. කෙසේ නමුත්, ඔබ සහ බබා නීරෝගීව සිටීමට නම්, ගර්භනී අවස්ථාවේ දී, අමතර විටමින සහ ඛනිජ ද්‍රව්‍ය ශරීරයට අවශ්‍ය වේ”

ගර්භනී අවස්ථාවේදී ගත යුතු අත්‍යවශ්‍ය අමතර පරිපූරක වර්ග:

සාමාන්‍යයෙන්, බොහෝ ගර්භනී මව්වරුන්ට පහත සඳහන් අමතර පරිපූරක ලබා ගැනීමට උපදෙස් දෙනු ලැබේ:

ගර්භනී අවස්ථාවේ සිට මව්කිරි දෙන කාලය පුරාවටම මයික්‍රෝග්‍රෑම් 10 කින් සමන්විත විටමින ලබා ගත යුතුය 

අස්ථි සහ දත් නීරෝගීව තබා ගැනීම විටමින් ඩී (Vitamin D) ඉවහල් වේ.  ඔබේ බබාගේ ජීවිතයේ මුල් මාස කීපය තුල ඔහුගේ ග්‍රන්ථි සහ දත් වලට අවශ්‍ය වන විටමින් ලබා දීම සඳහා ඔබ ගර්භනී අවස්ථාවේ සිට මව්කිරි දෙන කාලය තුල විටමින් ඩී අවශ්‍ය ප්‍රමාණයට ගත යුතුයි.  නියමිත මාත්‍රාව තුල විටමින් ඩී ලබා නොගත් දරුවන්ගේ ග්‍රන්ථි ශක්තිමත් නොමැති නිසා  මාන්දම වැනි  රෝග මතුවේ.  ස්වභාවික විටමින් ඩී ලබා ගැනීම සඳහා, සැමන්, මැකරල් , බිත්තර, මස්, සෝයා නිෂ්පාදන,  කිරි වලින් නිෂ්පාදිත සමහර ආහාර වර්ග සහ නිශ්චිත ධාන්‍ය වර්ග වලින් තැනූ උදේ ආහාර ආදිය ගත යුතුයි.  උදේ  10ට පෙර පායන  හිරු රශ්මියෙන් ද, ශරීරයට අවශ්‍ය විටමින් ඩී ලබා ගත හැක.

දිනපතා මයික්‍රෝග්‍රෑම් 400 ෆෝලික් ඇසිඩ්

  • උපත් විකලතාවයන්ගෙන් ආරක්ෂා වීම සඳහා ගර්භනී අවස්ථාවේ දී ෆෝලික් ඇසිඩ් ගත යුතුයි.   ඔබ ගැබ් ගැනීමට පෙර සහ ගැබ් ගැනීමෙන් පසු සති 12ක් සම්පූර්ණ වන තෙක්, දිනපතා ෆෝලික් ඇසිඩ් පරිභෝජනය කළ යුතුයි.  ඔබ ගැබ් ගැනීමට ප්‍රථම ෆෝලික් ඇසිඩ් භාවිතා කර නැත්නම්, ගැබ් ගත් බව ඔබ දැනගත් විගස ෆෝලික් ඇසිඩ් ගැනීම පටන් ගත යුතුය.  ඔබ දියවැඩියාවෙන් පෙළෙයි නම් හෝ ඔබ පරම්පරාවේ ස්නායුක නළය සම්බන්ධ රෝග හෝ  දියවැඩියා රෝගය හෝ අපස්මාරය වැනි රෝග ඇති අය ඇත්නම්, වහාම  ඔබේ වෛද්‍යවරයාව මුණ ගැසී ඔබ ගතයුතු  ෆෝලික් ඇසිඩ් ප්‍රමාණය නිර්ණය කර ගන්න. එයට හේතුව නම්, එම රෝග ඇති අය හෝ පරම්පරාවේ එම රෝග ඇති අය ඇත්නම්, එම කාන්තාවන් ෆෝලික් ඇසිඩ් වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කළ යුතු වේ.  පලා වර්ග, නිශ්චිත ධාන්‍ය වලින් තැනූ උදේ ආහාරයට ගන්නා සීරියල් වර්ග, පාන්, මාගරීන් සහ රතු බත් වල ස්වභාවික ෆෝලික්  ඇසිඩ් අන්තර්ගත වේ.  මෙම ද්‍රව්‍ය ඔබේ ආහාර සැලැස්මට එකතු  කර ගැනීමට උත්සුක වන්න.

ඉහත සඳහන් දේ වලට අමතරව, පහත සඳහන් විටමින් සහ ඛනිජ ද්‍රව්‍යයන්ද, ඔබේ ආහාර වේලට එකතු කර ගැනීම අත්‍යවශ්‍ය බව සැලකිල්ලට ගන්න.  ඔබට අවශ්‍ය නම්, ඊට අමතරව එම ද්‍රව්‍යයන් අතිරේක වශයෙන් ඔබ ලබා ගත යුතුදැ’යි ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න.

යකඩ

ස්වභාවික ආහාර වර්ග : තෙල් වලින් තොර මාංශ, පලා වර්ග, වියළි පලතුරු සහ දෘඩපල (කජු, රටකජු වැනි දේ)

විටමින් බී6 (Vitamin  B 6 )

ස්වභාවික ආහාර  ද්‍රව්‍ය : කුකුල් මස්, අල, හාතවාරිය සහ  රතු මල් ගෝවා (Broccoli)

විටමින් සී (Vitamin C)

 අඩංගු ස්වභාවික ආහාර ද්‍රව්‍ය :  බොහෝ පලතුරු සහ එළවලු වර්ග, රතු මල් ගෝවා, පැඟිරි සහිත පලතුරු, තක්කාලි සහ බෙල් ගම්මිරිස් (bell pepper)

කැල්සියම්

 ස්වභාවික ආහාර  ද්‍රව්‍ය :  කිරි වලින් නිෂ්පාදිත ද්‍රව්‍ය, කුඩා මාළු, වියළි පලතුරු, ආමන්ඩ් (almonds), පලා වර්ග සහ රතු මල් ගෝවා

ඔබට ගර්භනී අවස්ථාවේ ගත යුතු අමතර පරිපූරක පිළිබඳව නියමාකාරයෙන් දැන ගැනීම සඳහා  ඔබේ වෛද්‍යවරයා මුණ ගැසී උපදෙස් ලබා ගන්න.  විටමින් ඒ (Vitamin A) හෝ විටමින් ඒ ඇතුලත් වෙනත් පරිපූරක අවශ්‍ය ප්‍රමාණයට වඩා ගැනීමෙන් ඔබේ බබාට හානි විය හැකි හෙයින්, එම විටමිනය ගැනීමේදී ප්‍රවේශම් විය යුතු බව හොඳින් මතක තබා ගන්න.

මාළු තෙල් සහිත පරිපූරක

ඔබේ ආහාරයට ඔබ දිනපතා මාළු ඇතුලත් කර ඇත්නම්, මාළු තෙල් සහිත පරිපූරක අමතරව ලබා ගැනීම අනවශ්‍යය.  ඔබට මාළු තෙල් සහිත අමතර පරිපූරක අවශ්‍ය වේදැ’යි ඔබේ වෛද්‍යවරයාගෙන් නිසැකයෙන්ම දැන ගන්න.  සාමාන්‍යයෙන්, පහත සඳහන් කොන්දේසි  අඩංගු විය යුතුයි.

මාළු තෙල් ලබා ගැනීමෙන් සාදන පරිපූරක සාදා ගන්නේ මාළුවාගේ ශරීරයෙනි (ඔමේගා 3 අඩංගු පරිපූරක).  මෙය ගර්භනී අවස්ථාවේ පරිභෝජනයට සුදුසුය.  නමුත් මාළුන්ගේ අක්මාවෙන් ලබා ගන්නා තෙල්, එනම් මෝරතෙල් ආදිය ගර්භනී අවස්ථාවේ දී පරිභෝජනයට සුදුසු නොවේ.

එළවළු පමණක් අනුභව කරන, මස් මාළු වලින් තොර ආහාර ගන්නා අය සහ විශේෂ ආහාර සැලැස්මක් ඇති ගර්භනී මව්වරුන්  

විවිධත්වයෙන් යුත් සමබර එළවළු බොජුන් ඔබටත්, ඔබේ බබාටත් හොඳ පෝෂණයක් ලබා දෙනු ලැබේ.  කෙසේ හෝ, ඔබ මාළු, මස්, සහ බිත්තර අනුභව නොකරන නිසා, එම ආහාර වර්ග වලින් ලැබෙන පෝෂණය නොලැබෙයි කියා ඔබ අනුමාන කරනවා නම්, ඔබේ වෛද්‍යවරයාගෙන් ඒ පිළිබඳව අසා දැනගෙන, ඔබට පරිපූරක ලබා ගැනීමට අවශ්‍ය නම්, ඒවා ලබා ගන්න.

ඔබ එළවළු  භක්ෂකයෙක් නම් (කිරි ආහාර ඇතුළුව, මාංශ නිෂ්පාදන අනුභව නොකරයි නම්) හෝ ඔබට යම් අසාත්මිකතාවයක් ඇතිවන ආහාර හෝ ඔබේ ශරීරයට නොගැලපෙන ආහාර, ආදිය ඔබ පරිභෝජනය නොකරන්නේ නම්, ඔබට සහ ඔබේ බබාට සියළුම පෝෂණ වර්ග ලැබේදැ’යි දැනගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයාගෙන් ඒ පිළිබඳව විමසන්න.

#duringpregnancy #goodfood #pragnancyfood #foodtopregnantmothers

note

You may also like
Physical Changes During Pregnancy
සිසේරියන් සැත්කමකින් දරුවෙක් ලැබුනු කාන්තාවකට ලේ දන් දෙන්න පුලුවන් ද ?
Those Dreaded Labour Pains & Final Reward
ගර්භය තුළ සිටියදී ඉගෙනීම
error: Content Protected © mummypages.lk