Home > Latest Articles > ගර්භනී අවස්ථාවේදී නීරෝගීව රැකියාව කිරීමට උපදෙස්

ගර්භනී අවස්ථාවේදී නීරෝගීව රැකියාව කිරීමට උපදෙස්

 ශ්‍රී ලංකාවේ රැකියාවන්වල නිරතවන ගැබිණි මව්වරුන් රැකියාව සම්බන්ධයෙන් පොදුවේ මුහුණ පාන ප්‍රශ්නයක් වන්නේ මෙයයි.  කෙසේ හෝ, මවගේ මානසික ආතතිය මවට සහ බබාට හානිදායක විය හැක.  එමඟින්,  සති 37සම්පුර්ණ වීමට පෙර, එනම් නොමේරු දරු උපත් ඇති වීමටත්, බරින් අඩු දරු උපත් ඇති වීමටත් හේතු විය හැක.  එමනිසා, නිරෝගී ගර්භනී භාවයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් වේ.  පහත සඳහන් උපදෙස් පිළිපැදීමෙන්, ගර්භනී අවස්ථාවේදී මානසික ආතතියෙන් තොරව රැකියාව කරගෙන යාමට හැකිවේ.

නිස්කලංකව සිටින්න
නිස්කලංකව සිටීමට සහ සන්සුන්ව සිටීමට කාලය වෙන්කර ගන්න.  නිමකර නොමැති වැඩ ඔබේ දණහිස තෙක් ගොඩ ගැහී ඇති වූවත්, සෑම පැය දෙකකට වරක්වත්  විනාඩි 15ක් පමණ නිස්කලංකව සිටින්නට උත්සහ කරන්න.  ඔබට හැකි නම්, ඔබේ අනෙක් සහෝදර සේවකයන් නොමැති ස්ථානයක් සොයාගන්න.  මෙය ඔබේ ශරීරය සහ ආත්මය නැවත ප්‍රාණවත් කර ගැනීමට  ඉවහල් වේ.  එවිට ඔබට නැවත ඔබේ වැඩ සඳහා නිරවුල් මනසකින් යුක්තව ඔබේ ආසනයට පැමිණිය හැකිය.

ආශ්වාස සහ ප්‍රශ්වාස කිරීමේ ව්‍යායාම
ඔබ මානසිකව පීඩනයකට පත් වී ඇත්නම්, ඔබේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට සිත යොමන්න.  ඔබේ දෑස් වසාගෙන, විනාඩි 10 – 20ක්  දක්වා ඉතා ගැඹුරු ලෙස හුස්ම ගන්නා අතර, ඔබ එම ශබ්දයට ඇහුම්කන් දෙන්න.  ඒ අතර ඔබේ පෙනහළුවල ක්‍රියාකාරිත්වයට සිත යොමු කරන්න.  ශ්‍රී ලංකාවේ ගර්භනී මව්වරුන් මෙම ශිල්පී ක්‍රමය භාවිත කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ඇත.

“නැහැ” “බැහැ” කියන්නට පුරුදු වන්න

ඔබ ගර්භනී අවස්ථාවේදී ඔබේ කාර්යාලයේ වීරයකු වීමට උත්සහ කරන්න එපා.  බොහෝ වැඩ රාජකාරි කිරීමට සහ වගකීම් ආදිය බාර ගන්න එපා.  ගර්භනී අවස්ථාවේදී, ඔබේ ඵලදායකත්වය සහ කාර්යක්ෂමතාවය අඩුවීම සාමාන්‍ය කාරණයකි.  එමනිසා, “නැහැ” “බැහැ” කීම සාපරාධි ක්‍රියාවක් ලෙස සළකන්න එපා.

වැඩ බෙදා ගන්න
ඔබේ වැඩ ප්‍රමාණය අන් අය අතර බෙදා ගන්න.  ඔබ ජ්‍යෙෂ්ඨ පදවියක් දරන්නේ නම්, ඔබේ වැඩවලින් කොටසක් ඔබගේ යටත් නිලධාරීන් අතර බෙදා දෙන්න.

උදව් ඉල්ලන්න
ඔබේ සහෝදර නිලධාරීන්ගෙන් ඔබේ වැඩ වලට සහය පතන්න.  වෙනත් කෙනෙකු ඔබේ වැඩ වලට උදව් කිරීමට පෙළඹෙයි නම්, එය කැමැත්තෙන් පිළිගන්න.  රැකියාව කරන ස්ථානයේදී සහයෝගයෙන් වැඩ කිරීමෙන්, ඕනෑම මානසික පීඩාව ඇති කරන අවස්ථාවකට එය අරුම පුදුම ලෙස ඉවහල් වේ.

මෙම අවස්ථාවේ ජීවත් වන්න.
ඉදිරියට කිරීමට ඇති වැඩ පිළිබඳව කරදර වෙන්න එපා.  දැනට ඇති වැඩ පිළිබඳව සිත් යොමු කර, එය හොඳින් කිරීමට උත්සහ කරන්න.

ප්‍රමාද වෙනතුරු වැඩ කිරීම මඟ හරින්න
බොහෝ ප්‍රමාද වනතුරු වැඩ කිරීමට පෙළඹෙන්න එපා.  එය ඔබේ රැකියාවට සහ නිවසේ ඇති වැඩ කටයුතු වලටත් දැඩි පීඩනයක් ඇති කරයි.  ඔබ රාත්‍රී  වැඩ මුරයක් කරන අයෙකු නම්, ඔබේ පාලකයන්ට කතා කර, දහවල් වැඩ මුරයකට මාරු වන්න.  එය ඔබේ ගර්භනී භාවය සම්බන්ධයෙන් ඇති වන පීඩනය අඩු කරනු ලබයි.

ගර්භනී අවස්ථාවේදී ඇතිවන පීඩනයෙන් මිදෙන්න
ඉතාම අත්‍යවශ්‍ය අවස්ථාවක දී හැර, අනෙකුත් අවස්ථාවන්හිදී සෘජුව හෝ වක්‍රාකාරයෙන්  හෝ ඔබ වෙත එල්ලවන පීඩාකාරී අවස්ථාවන් මඟ හරින්න.

මාතෘත්ව නිවාඩු පිලිබඳ දැනුවත් වන්න

ඔබ මවක් වශයෙන් කිරුළු පැළඳීමට ලැහැස්ති වනවිට , ඔබේ මාතෘත්ව නිවාඩු පිලිබඳ ඇති ක්‍රියා පිළිවෙත් සහ සෞඛ්‍ය ප්‍රතිලාභ පිලිබඳ දැනුවත් වන්න.   ඔබ කුමන කාලයේ මාතෘත්ව  නිවාඩු ලබා ගන්නේදැ’යි හොඳින් සිතා බලා තීරණය කරන්න.  ඔබ මාතෘත්ව නිවාඩු යන කාලයේ ඔබේ වැඩ කටයුතු කිරීමට වෙනත් නිලධාරියකු පුහුණු කිරීම හොඳ අදහසකි.

සෑමවිටම කාර්යාලයේ ඇතිවන පීඩනය මඟ හැරිය නොහැකිය.  ඔබ එවැනි අවස්ථාවන් හොඳින් හසුරුවා ගැනීමට උත්සහ කරන්න.  ඔබේ පීඩාකාරී අවස්ථාවන් සාර්ථකව පාලනය කිරීමට හුරු වීමෙන්, ඔබටත්, ඔබේ ඉපදීමට සිටින බබාටත් බොහෝ අස්වැසිල්ලක් ලැබෙනු ඇත.

රැකියා ස්ථානයේ නිරෝගී ලෙස ගර්භනී අවස්ථාව ගත කරන්න! මමිපේජස්

අයිතිය අත්හැරීමේ ප්රකාශය :

මමිපේජස්  වෛද්ය වෘතීයවේදියෙක් හෝ වෛද්යවරයෙක් හෝ වෛද්ය උපදේශකයෙක් හෝ නොවේ.  මෙම වෙබ් අඩවියේ ඇති කරුණු ඔබේ සාමාන්ය දැනුම සඳහා පමණි.  මෙය වෛද්ය උපදේශයක් හෝ ඒ හා සම්බන්ධ ආදේශිතයක් ලෙස නොසළකන්න.  මෙම වෙබ් අඩවියේ ඇති කරුණු ඔබේ  රෝග ලක්ෂණයක් හඳුනා ගැනීමට හෝ රෝගයට පිළියම් කිරීමට යොදා නොගන්න.  යම්කිසි රෝග ලක්ෂණයක් කෙරෙහි ඔබට යම්කිසි සැකයක් ඇත්නම්, කරුණාකර ඔබේ වෛද්යවරයා හෝ වෛද්ය සහයකයා හමුවන්න.