Home > Latest Articles > ගර්භණී අවස්ථාවේදී අනුභවයෙන් වැළකිය යුතු ආහාර වර්ග

ගර්භණී අවස්ථාවේදී අනුභවයෙන් වැළකිය යුතු ආහාර වර්ග

නොයෙකුත් ආසාදන වලින් ඔබත්, ඔබේ බබාත් ආරක්ෂා වීම පිණිස, ඔබ ගර්භණී අවස්ථාවේදී සමහර ආහාර ද්‍රව්‍ය අනුභවයෙන්  වැළකිය යුතු වේ.

උදාහරණ කීපයක් පහත සඳහන් වේ.

මෘදු චීස් වර්ග :  හොඳින් නොපිසූ මෘදු චීස් වර්ග (එළු කිරිවලින් නිෂ්පාදිත චීස් වර්ග) අනුභවයට නුසුදුසුය.

හොඳින් රත් කර උතුරා නොමැති කිරි :  හොඳින් විෂබීජ නැසූ හෝ අධි උෂ්ණත්වයෙන් සැකසු කිරි භාවිතයට සුදුසුය.  නැවුම් විෂබීජ නැසූ කිරි භාවිතා කරයි නම්, එය හොඳින් නටවා බීමට ගන්න.  මෙය එළකිරි සහ එළුකිරි යන දෙකටම අයත්ය.

අමු/බාගෙට තැම්බූ බිත්තර :  විෂබීජ වලින් වැළකීම සඳහා හොඳින් තැම්බූ සුදු මදය හෝ කහ මදය ආහාරයට ගන්න.  එසේම, වෙනත් ආහාර වලට යෙදූ  බාගෙට තැම්බූ බිත්තර සහිත ආහාර, එනම් සලාද සඳහා යොදන බිත්තර මදයෙන් සාදන ලද ආහාර (mayonnaise)ආදිය පරිභෝජනයේදී ද, ප්‍රවේශම් විය යුතුය.

අමු/හොඳින් නොපිසූ මාංශ :  හොඳින් පිසූ මාංශ අනුභවයට ගන්න.  එසේම හොඳින් නොපිසූ මස් යොදා පිළියෙළ කළ ආහාර පරිභෝජනයෙන් වැළකී සිටීම සුදුසුය. හැම් සහ උරුමස් හෝ හරක් මස්වලින් සාදන ලද සොසේජස් ආදී නොපිසූ ආහාර වර්ග අනුභයට ගැනීමෙන් වළකින්න.

 පීකුදු :  වැඩි ප්‍රමාණයක් පීකුදු වලින් පිසූ ආහාර වර්ග අනුභවයෙන් වැළකීම නුවණට හුරුය. එයට හේතුව, එහි වැඩිපුර විටමින් ඒ අඩංගු බැවින්, එයින් ඔබේ බබාට හානිදායක විය හැකිය.

මුහුදු ආහාර :  ටින් කළ මාළු වර්ගයන්හි රසදිය අඩංගු බැවින්, මේවා අනුභවයට නුසුදුසුය.  මුහුදු ආහාර අනුභවයට ප්‍රථම හොඳින් පිසිය යුතුය.  ගර්භණී අවස්ථාවේ කකුළුවන්, ඉස්සන්, පොකිරිස්සන් ආහාරයට ගැනීම සුදුසු වන්නේ, ඔබට එම ආහාර අනුභව කිරීමෙන් අසාත්මිකතාවයන් ඇති නොවේ නම් හෝ ඒවා හොඳින් පිස ඇත්නම් පමණි.

තේ සහ කෝපි :  කැෆේන් වැඩිපුර පරිභෝජනයට නුසුදුසු වන්නේ, එය ඔබටත්, බබාටත් අහිතකර බැවිනි.  ගර්භණී අවස්ථාවේ දී තේ සහ කෝපි අඩුවෙන් පරිභෝජනය කිරීමට උත්සුක වන්න.  දිනකට තේ හෝ කෝපි කෝප්ප දෙකකට වඩා බීමට නුසුදුසුය.  එය ඔබට අනවශ්‍ය බව දැනේ නම්, මෙය සම්පූණයෙන්ම නවතා දමන්න.  තවද කෝපි සාදන විට තේ හැන්දෙන් භාගයක් පමණ දමා, එහි සැර ගතිය අඩු කර බීමට ගන්න.

චොකලට්සැහැල්ලු බීම වර්ග සහ ශක්ති සම්පන්න බීම වර්ග තේ සහ කෝපි වල පමණක් නොව, චොකලට්, සමහර සැහැල්ලු බීම වර්ග(කොකා කෝලා වැනි) සහ ශක්ති සම්පන්න (රෙඩ් බුල් වැනි) බීම වර්ග වලද කැෆේන් අඩංගු වේ.  එසේම, මෙම බීම වල සීනි  වැඩි ප්‍රමාණයක් අඩංගු වන බැවින්, එය ගර්භණී අවස්ථාවේ හානිකර වේ.  හැකි නම්, මෙවැනි බීම වර්ග වෙනුවට, ගුණදායක බීම වර්ග වන පැණිරස අඩුවෙන් ඇති, පලතුරු යුෂ සහ කොළ කැඳ ආදී බීම වර්ග බීමට යොදා ගන්න.

සීනිමේදය සහ දෙකම අඩංගු ආහාර වර්ග :  විශේෂයෙන් ගර්භණී අවස්ථාවේ දී, කැලරි අඩු ප්‍රමාණයක් අඩංගු ආහාර එනම් ඩොනට්ස්, කෝලා වර්ග, බර්ගර්ස් සහ අල තීරු ආදී ආහාරවලින් වැළකීම සුදුසුය.  මෙමඟින් නීරෝගී සම්පන්න ශරීර බර ප්‍රමාණයක් පාලනය කළ හැකි අතර, දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් ආදී රෝග වලින් ගර්භණී අවස්ථාවේ දී වැළැක්විය හැක.

මීට අමතරව වැළකිය යුතු ආහාර වර්ග පහත සඳහන් වේ.

  • තෙල් සහ මේද: ගැඹුරු තෙලෙන් බැඳ ගත් ආහාර සහ මාගරින් සහ බටර් වැනි දේවල් වැඩිපුර ගැනීමෙන් වළකින්න.  මේදය අඩු මාංශ වර්ග (උදාහරණයක් වශයෙන් සම ඉවත් කළ කුකුල් මස්) සහ මේද රහිත කිරි නිෂ්පාදිත ආහාර (මේදය අඩු /මේද රහිත කිරි) ආදිය පරිභෝජනයට සුදුසුය.
  • සීනි සහිත ආහාර: චොකලට්, අයිස් ක්‍රීම්, කේක්, පුඩිං වැනි දේ අඩුවෙන් පරිභෝජනය කරන්න.
  • පැණිරස බීමපැණිරස බීම වර්ග සහ ශක්ති සම්පන්න බීම වර්ග ගැනීමෙන්ද ආරක්ෂාකාරී වන්න.එම බීම වර්ගයන්හිද කැෆේන් අඩංගු බැවිනි.

#duringpregnancy #goodfood #pragnancyfood #foodtopregnantmothers,

notice.png low

You may also like
හොඳ ආහාර පරිභෝජනය කරන්න
ගර්භණි සමයේ ඇති වන හිසරදය
සිසේරියන් සැත්කමකින් දරුවෙක් ලැබුනු කාන්තාවකට ලේ දන් දෙන්න පුලුවන් ද ?
ගර්භනී කාලයෙදී රුධිර පරිත්‍යාග කල නොහැකිද ?