Home > අලුත උපන් ළදරැවා > ගර්භණීභාවය පවුලක සතුට වැඩිකරයි

ගර්භණීභාවය පවුලක සතුට වැඩිකරයි

mptv-ad

පුතා, මෙහේ එන්න. අපි එළියට ගිහින් සෙල්ලම් කරමු”.  තම ගර්භණී බිරිඳගේ වෙහෙසකාරී මුහුණ දෙස ආදර බැල්මක් හෙලන අතර, කුස්සියේ දඟ කරමින් සිටි තම පුතාව තමා වෙතට ඇදගැනීම සඳහා නාමල් වෙරදැරුවා.  තම පුතා, සිතුම්, ඔහුගේ පියා සමඟ එකතු වීමට ගිය අවස්ථාවේ, ඇය තම සැමියා වෙතට ස්තුති පූර්වක බැල්මක් හෙලුවා.

ශ්‍රී ලාංකික මව්වරුන්ට සහ ඇගේ පවුලේ සියලුම දෙනාටම, එසේ නැතහොත්, එම ගමේ සියලුම දෙනාට,  ගර්භණී භාවය ඉතා විශේෂ අවස්ථාවකි.  නෑදෑ හිතමිතුරන් ගර්භණී මවට නොයෙකුත් අවවාද දෙන අතර, තම පවුලේ සාමාජිකයින් ද, ඇයට  අවවාද කරනුයේ ඇය සහ බබා පිළිබඳ ඉතා හොඳ අවධානයක් ලබා දෙන ලෙසයි.

ශාරීරික සෞඛ් – නීරෝගී දරුවෙක් මෙලොවට බිහි කිරීම සඳහා ගර්භණී මවගේ නීරෝගිභාවය ඉතා සැළකිය යුතු කාරණයකි.  මෙම විශේෂ මාස නවයක කාලය තුල දී ගර්භණී මව සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම, දරුවා බිහිවීමට ප්‍රථම, එනම් ප්‍රාග් ප්‍රසව අවස්ථාවේ විටමින වර්ග නියමිත කාලය තුල ලබා ගැනීම සහ සුවදායක නින්දක් ලබා ගැනීම පිළිබඳවත් පවුලේ සාමාජිකයින් අවධානයෙන් සිටිය යුතු වේ.  ඇයට සෞඛ්‍ය සම්පන්නව සිටීමට උනන්දු කිරීමට අමතරව, පවුලේ අනෙක් සාමාජිකයින්ද, ගර්භණී මාතාවට සහ බබාට බලපාන අනතුරුදායක දේ, එනම් දුම්පානය වැනි දේ වලින් වැළකිය යුතුවේ.

මනස – ගර්භනී මාතාව මෙම අවස්ථාවේ නොයෙකුත් මානසික වෙනස්කම් වලට ගොදුරුවන බැවින්, ඇගේ මානසික සුවය ද, ශාරීරික නීරෝගී භාවයට බලපානු ලැබේ.  ඇයට ඇති බිය සහ අනෙකුත් සිතිවිලි පිළිබඳව ඇය සමඟ විවෘතව සහ සුහදව සාකච්ඡා කිරීමෙන් ඇගේ බිය සැක දුරු කළ හැකි අතර, ඇය සමඟ නිතරම කාලය ගත කිරීමෙන් ද, ඔබ නොසිතන ලෙස ඇයට නොමඳ පිටිවහලක් විය හැක.

සිතේ ස්වභාවය නිරතුරුව වෙනස් වේ – ගර්භනී මව්වරුන්ගේ මුල් තුන් මාසය තුල ශාරීරිකව සිදුවන හෝමෝන්වල වෙනස්වීම නිසා,  ඇගේ සිතේ ස්වභාවය නිරතුරුව වෙනස් විය හැක.  මෙම කාලය තුල ඇය පිළිබඳව ඉතා ඉවසීමෙන් පවුලේ සාමාජිකයන් කටයුතු කිරීම අනිවාර්ය වේ.

නිදහසේ කාලය ගත කිරීම –  නිවසේ තිබෙන දහසකුත් එකක් වැඩ කටයුතුවල නියැලෙන ශ්‍රී ලාංකික කාන්තාවන්ට, ගර්භණි සමයේ නිස්කලංකව දවසේ යම් කාලයක් ගත කිරීම, සෑම ගර්භනී කාන්තාවකගේම සිහිනයක් විය හැක.  තවද, ඇයට උදේ කාලයේ යම් අපහසුතා ඇතිවන අතර, විඩාව සහ පිට කොන්දේ වේදනාව ද ඇතිවන බැවින්, ඇගේ කාර්යබහුල දවසේ යම් කාලයක් ඇයට නිදහස බුක්ති විදීමට ඉඩ පහසුකම් සලසා දී, ඇගේ නිවසේ වැඩ කටයුතුවලින් කොටසක් කිරීමට ඇයට උපකාරී වීම අවශ්‍ය කාරණයකි.

ආහාර වර්ග කෙරෙහි ඇති ආශාව – ඇයව නිතරම සතුටින් තැබීමට උත්සහ කරන්න.  ශ්‍රී ලාංකික කාන්තාවන් බොහෝ දෙනෙක් නොයෙකුත් ආහාර වර්ගවල රස බැලීමට මෙම කාලය තුල විශේෂ ආශාවක් දක්වයි.  ඔවුන් ආශාකරන එම ආහාර වර්ග ඇයට පිළියෙළ කරදීමට වග බලාගැනීම පවුලේ සාමාජිකයන්ට  අයත් කාර්යයකි.

සූදානම් වන්න – මෙම අලුත් සාමාජිකයා ඔබේ පවුලට එකතු වීමේදී, ඔබේ පවුලේ වියදම ඉහළ යනු ඇත.  එමනිසා, ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් අයවැය ලේඛනයක් පිළියෙළ කරගන්න.  මේ සඳහා දරුවා ඉපදුන පසු අවශ්‍ය කරන ඇඳුම් සහ අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමෙන් නෑදෑයන්ට මේ සඳහා උපකාරී විය හැක.

පවුලට එකතුවන අලුත් සාමාජිකයා පිළිගැනීමට ආශාවෙන් සැදී පැහැදී සිටින්නේ බබාගේ මව පමණක් නොවේ.  පවුලේ සෑම සාමාජිකයෙක්ම මෙම නව සාමාජිකයා ඉක්මණින් පවුලට එක්වන තෙක්, ඉතා නොඉවසිල්ලෙන්  බලා සිටී.  එසේ නම්, ගර්භණී කාලය තුල ඇයට නීරෝගීව සිටීමට අවශ්‍ය සියලු දේ ලබා දීම පවුලේ සාමාජිකයන්ගේ යුතුකම නොවේද?

#family #myfamily #newmember #motherfather #relationship #perantsandkids

notice.png low

You may also like
නිවසේ වැඩ කටයුතු වලට ඔබේ ස්වාමි පුරුෂයා සහ දරුවන් සහභාගි කරගැනීම
ක්ෂයරෝගය යනු කුමක්ද?
පවුලක අත්දැකිම්
අලුත් පුංචි පැටියා පිළිගන්න එයාගේ පොඩි අක්කි අයියා සුදානම්ද?