Home > Latest Articles > ගර්භණි සමයේ ඇති වන හිසරදය

ගර්භණි සමයේ ඇති වන හිසරදය

හේතු:-

ගර්භනී සමයේ මුල් කාලයේ සමහර මව්වරුන්ට නිතර නිතර හිසරදය ඇතිවේ. බොහෝවිට මෙයට හේතුවන්නේ ඔබේ ශරීරය තුල සිදුවන හෝමෝනවල වෙනස්කම් නිසා වන අතර මෙය තුන්වන මාසයෙන් පසුව සාමාන්‍යයෙන් වැඩිවීම සිදුවේ. සාමාන්‍ය වේදනා නාශක භාවිතයෙන් සමනය නොවන දිගින් දිගට පවතින හිසරදයක් ඇත්නම් හෝ බරපතල ලක්ෂණ සහිත (පහත දක්වා ඇති) හිසරදය ඇත්නම් වහාම වෛද්‍ය සහය ලබාගන්න.

පාලනය කිරීම :-

පහත දැක්වෙන දේ මගින් ඔබේ ජීවන පුරුදු වෙනස් කිරීමෙන් ගර්භනී කාලයේදී ඇතිවියහැකි හිසරදය වලක්වා ගැනීමට ඔබට හැකිවනු ඇත.

  • මානසික ආතතිය පාලනය කිරීම  අවශ්‍ය තරම් විවේකය හා විනෝදය ලබාගන්න. සංගීතයට සවන්දීම, පොත් කියවීම, භාවනා කිරීම හා යෝග කිරීම මේ අතර වේ.
  •  ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම – දිනකට පැය අටකවත් නින්දක් ලබාගැනීම ඉතා අවශ්‍යවේ. ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා විඩාවක් දැනීම සිදුවේ. මේ පිළිබඳව වැඩිදුර විස්තර විඩාව හා නින්ද ලිපියෙන් දැනගත හැක.
  • පැරසිටමෝල් භාවිතය – ගර්භනී සමයේදී භාවිතා කල හැකි ආරක්ෂාකාරී වේදනා නාශකයක් ලෙස පැරසිටමෝල් හැදින්විය හැක. හැමවිටම වෛද්‍ය උපදෙස් ලබාගන්න.
  • රුධිරපීඩනය මැනබැලීම සිදුකරන්න – ඔබට නිතර හිසරදය ඇතිවේනම් ඒ පිළිබඳව වෛද්‍යවරයාව හෝ පවුල් සෞඛ්‍ය නිලධාරිනියව දැනුවත් කරන්න. සමහරවිට මෙය අධි රුධිර පීඩනයේ ලක්ෂණයක් විය හැක. ගර්භනී කාන්තාවන්ගෙන් 10-15% ප්‍රමාණයකට අධි රුධිර පීඩනය ඇතිවීමේ අවධානමක් ඇත. එම නිසා පරික්ෂාකර එය තහවුරු කරගන්න.
  • කැෆේන්අඩංගු ආහාරපාන ලබාගැනීම අවම කරන්න – අධික ලෙස කැෆේන් අඩංගු ආහාර පාන භාවිතය ඔබේ දරුවාට හානිකර වියහැකි අතර හිසරදය ඇතිවීම සඳහාද බලපායි.
  • ආහාරවේල් මගහැරීම හා කුසගින්නේ සිටීමෙන් වලකින්න – ක්‍රමවත් ආහාර රටාවක් භාවිතා කරන්න. විශේෂයෙන්ම උදේ ආහාරවේල මගහැරීමෙන් වලකින්න. කුඩා ආහාර වේල් නිතර ගැනීමෙන් රුධිරගත සීනි මට්ටම ඉහලව පවත්වාගැනීමට උපකාරිවේ.

අන්තරාය ලක්ෂණ

පෙනීම බොඳවීම, ක්ෂණික දීප්තියක් ඇස්වලට පෙනීම, එකවර මුහුණ, අත හෝ පාද ඉදිමීම, වමනය, දුර්වල බවක් හෝ අසනීප බවක් දැනීම හෝ පර්ශුවලට පහලින් වේදනාවක් දැනීම යන අවස්ථාවන්හිදී වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. මෙය ගර්භනී සමයේදී ඇතිවන බරපතල සංකුලතාවක්වන ප්‍රි එක්ලැම්ප්සියා තත්ත්වය විය හැක. (ගර්භනී සමයේදී රුධිර පීඩනය ඉහල යාමෙන් ඇතිවන බරපතල තත්ත්වය)

 මෙහි අඩංගු සියලුම ලිපි වල සම්පුර්ණ අයිතිය  මමිපේජස්  සතු වන අතර මෙය උපුටා වෙනත් වෙබ් අඩවි වල පල කිරිම දඩුවම් ලැබිය හැකි වරදක් බව මෙයින් දැනුම් දෙමු

duringpregnancy #headaches #headachesduringpregnancy

note

You may also like
Physical Changes During Pregnancy
සිසේරියන් සැත්කමකින් දරුවෙක් ලැබුනු කාන්තාවකට ලේ දන් දෙන්න පුලුවන් ද ?
Those Dreaded Labour Pains & Final Reward
ගර්භය තුළ සිටියදී ඉගෙනීම
error: Content Protected © mummypages.lk