Home > Latest Articles > ගර්භණි සමයෙහි බාබාගේ අසාමාන්‍යතා ඇත්දැයි පරික්ෂා කිරීම.

ගර්භණි සමයෙහි බාබාගේ අසාමාන්‍යතා ඇත්දැයි පරික්ෂා කිරීම.

බොහෝ දරුවන් නිරෝගී දරුවන් ලෙස උපත ලබන අතර ඉතා කුඩා ප්‍රතිශතයක දරුවන් සුළු හෝ විශාල අසාමාන්‍යතා ඇතුව උපත ලබනවා. මෙයින් සමහර අසාමාන්‍යතා ,කොටසක් හෝ සම්පුර්ණයෙන් යථා  තත්වයට පත් කල හැක. ඔබට හෝ පවුලේ අයකුට මෙවැනි අසාමාන්‍ය තත්වයක් හෝ ආබාධිත තාවයක් ඇත්නම් හෝ ඔබට මින් පෙර අසාමාන්‍ය තත්වයක් ඇති දරුවකු ලැබී ඇත්නම් විශේෂයෙන්ම ඔබ මේ පිළිබද සැලකිලිමත් විය යුතුයි. ඒ පිළිබද ඔබේ වෛද්‍යවරයා හා පවුල් සෞඛ්‍ය නිලදරිතුමිය ඉක්මනින් දැනුවත් කරන්න.

ගර්භනී සමයේ පරික්ෂා කළහැකි අසාමාන්‍යතා

ව්‍යුහාත්මක අසාමාන්‍යතා –

ජානමය අසාමාන්‍යතා – ඩවුන්ස් සහලක්ෂණය වැනි

පරම්පරාවෙන් පැවතෙන රෝග – තැලසිමියව

මෙයින් බොහොමයක් පරික්ෂා කරනුයේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් හෝ රුධිර පරීක්ෂණ මගිනි. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ සිදුකිරීමෙන් spina bifida වැනි ව්‍යුහාත්මක වෙනස්කම් දැකගත හැකිය. ඒ අතර රුධිර පරීක්ෂණ සිදුකිරීම මගින් වර්ණ දේහවල වෙනස්කම් සිදුවන ඩවුන්ස් සහලක්ෂණය වැනි රෝග හදුනා ගත හැකිය. මෙම  මගින් ඔබේ දරුවාගේ නිරෝගී බව පිළිබද වටිනා තොරතුරු රැසක් ලබාදේ.  නමුත් මේවා 100%ක් නිවැරදි නොවන අතර, ඔබේ දරුවාට කිසිදු අසාමාන්‍යතාවක් නොමැතිව උපදිනවා යැයි එහි කිසිදු සහතිකයක් නොමැත. (රෝග විනිශ්චය පරීක්ෂණ සිදුකිරීමෙන් පමණක් නිවැරදි තොරතුරු ඔබට ලබා ගතහැක. විශේෂයෙන් ඔබේ දරුවාට වර්ණ දේහවල විකෘතීතාවයක් ඇතිබව ඔබට සැකයක් තිබේනම් ) පරීක්ෂණය බොහෝ ආගන්තුක වන ට අතර ඔබේ ගර්භාෂයේ ප්ලාස්මා සාම්පලයක් ලබාගෙන පරික්ෂා කරයි. මෙමගින් ගබ්සාවක් වීමේ අවදානම සාමාන්‍යයෙන් 0.5% -1% අතර වේ.

ප්‍රවේනිගත රෝග

දෙමාපියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම මගින් දරුවාට සම්ප්‍රේෂණය වන නිශ්චිත ප්‍රවේනි ගත රෝග කිහිපයක් තිබේ. ඔබට හෝ ඔබේ සහකරුවාට මෙම ප්‍රවේනි ගත රෝගයක් ඇත්නම් / ප්‍රවේනිගත අසාමාන්‍යතාවක් තිබෙන පවුල් පසුබිමක් ඇත්නම් වෛද්‍යවරයාට හෝ පවුල් සෞඛ්‍ය නිලධාරිතුමියට දැනුම් දීමෙන් උපදෙස් ලබා ගන්න. පහත දැක්වෙන්නේ සුලභව ඇති ප්‍රවේනිගත රෝග කිහිපයකි.

හිමොෆිලියා

හිමොෆිලියාව යනු ප්‍රවේනිගත රෝගයකි. මෙහිදී  රුධිර  කැටිගැසීමේ හැකියාව අවම කරන අතර මෙනිසා අසාමාන්‍ය ලෙස හා දීර්ඝව රුධිරවහන වීමේ හැකියාව ඇත. ඉතා දරුණු ලෙස හිමොෆිලියාව ඇති රෝගීන්ට ශරීර අභ්‍යන්තරව රුධිර වහනය නිසා ඇතිවන වේදනාව, සන්ධි හා මස් පිඩුවලට නිරතුරුවම හානි ඇතිවීම දක්නට ලැබේ.මෙම  පිරිමි දරුවන්ට ඇතිවීමේ අවදානම වැඩිවේ.

මස්කියුලර් ඩිස්ට්‍රොෆි (Muscular dystrophy)

මෙම ප්‍රවේනි ගත රෝගය ක්‍රමක්‍රමයෙන් මාංශපේශිවල  ක්‍රියාකාරිත්වය දුර්වල කරයි. මෙනිසා  සුළු හෝ දරුණු අබාධිත ඇතිවීමේ අවදානමක් ඇත. මේ තත්වය දෙමාපියන් විසින් උරුම විය හැකිය. පිරිමි දරුවන්ට මෙම තත්වය ඇතිවීමේ අවදානම වැඩිවේ. එමෙන්ම සමහර අවස්ථා වල ජිවතාපෙක්ෂාව පවා මෙමගින් අවම කරයි.

සිස්ටික් ෆිබ්රෝසිස් (Cystic fibrosis)

මෙයද ප්‍රවේනි ගත රෝගයක් වන අතර ශරීරයේ ප්‍රධානම අවයව සදහා මෙය බලපායි. විශේෂයෙන්ම පෙනහළු හා ජීරණ පද්දතියේ අවයව මේ අතර වේ. එමෙන්ම දහඩිය ඇතිකරන ග්‍රන්ථිවලටද මෙය බලපෑම් ඇති කරයි. ජාන වෙනස් වීම් දරුවාට Cystic fibrosis ඇතිව ඉපදීම සදහා දෙමාපියන් දෙදෙනාම වාහකයක් ලෙස ක්‍රියාකරයි.

#cysticfibrosis #musculardystrophy #preferreddiseases #Himofiliya #checkforbabasabnormalitiesduring pregnancy # pregnantmother

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

You may also like
සිසේරියන් සැත්කමකින් දරුවෙක් ලැබුනු කාන්තාවකට ලේ දන් දෙන්න පුලුවන් ද ?
ගර්භනී කාලයෙදී රුධිර පරිත්‍යාග කල නොහැකිද ?
දරු ප්‍රසුතියේදි රෝහලට ගෙන යන භාණ්ඩ ගැන ඔබත් දැනුවත් ද ?
ගර්භනී සමයේදී කොන්දේ කැක්කුම ඇතිවීමට බලපාන හේතු