Home > Latest Articles > ගර්භණි අවස්ථාවේ දුකක් ඇති වුවහොත් එය බබාට බලපායිද?

ගර්භණි අවස්ථාවේ දුකක් ඇති වුවහොත් එය බබාට බලපායිද?

ad-banner2

බොහෝ මව්වරුන් ගර්භනී අවස්ථාවේදී තම බබාගේ පැමිණීම අපේක්ෂාවෙන් ඉතා සතුටින් සිටින නමුත්, මාස 9ක් යනු දිගු කාලයක් තුළ, තම පළමු බබා බලපොරොත්තුවෙන් සිටින මව්වරුන්ට තම නිදහස නැතිවීම, රැකියාවේ සිදු විය හැකි  වෙනස් වීම්, තම පෙනුම අවලක්ෂණ වීම ආදි කරුණු පිළිබඳව ඉතා තදින් සිතීම නිසා, මානසික ගැටළු ඇතිවේ.

ශ්‍රී ලංකාවේ ගර්භනී මව්වරුන්ට සාමාන්‍යයෙන් ඇතිවිය හැකි මෙවන් ගැටළු, ගර්භනී භාවයට පෙර හෝ පසු මානසික සෞඛ්‍යටබලපායි.

ශ්‍රී ලංකාවේ මෙම ගැටළු එතරම් සැලකිල්ලට බඳුන් නොවන්නේ, ගර්භනී භාවය යනු පවුල් ඒකකයේ පුද්ගලික ක්‍රියාවලියක් නිසාවෙනි.  තරුණ ගර්භනී මව්වරුන්ට මෙම තත්ත්වය පාලනය කළ නොහැකි වන්නේ, ඔවුන් නිරන්තරයෙන් ළඟ එන දරු උපත පිළිබඳවසාංකාවෙන් සහ බියෙන් සිටිනා බැවිනි.  කෙසේ හෝමෙවන් මානසික ප්‍රශ්න, මව නොදැනුවත්වම දරුවාට බලපානු ලැබේ.

ගර්භනී අවස්ථාවේ ඇතිවන සාංකාව පිලිබඳ දත්ත:

  • බොහෝවිට25%ක්ම මෙම මානසික තත්වය ඇතිවන්නේ ගර්භනී අවස්ථාවේ අවසාන කාලයේය.
  • ගර්භනී මවගේ දුර්වල චිත්ත ස්වභාවය මෙයට බලපායි                                                                 

මෙම අවස්ථාවේදී, සිතේ ස්වභාවය නිරන්තරයෙන් වෙනස් වේ. තවද, දුර්වල ආත්ම ශක්තිය, අඬන්නට ආසන්න තත්ත්වයක සිටීම සහ නොරුස්සනා ස්වභාවය මවට  බලපානප්‍රධාන කරුණු වේ

  • සායන අවපීඩනය– මාස 8දී ඉතා තදින් බලපායි.
  • මානසික අවපීඩන මව්වරුගෙන් බිහිවන දරුවන්, නොරුස්සනාසුළු, නිතර තරහෙන් පසුවන, ඉගෙනීමේ දුර්වල භාවයෙන් පෙළෙන සහ කම්මැලි දරුවන් වේ.
  • දරුවන් තුල සාංකාව ඇති වීමෙන්, මවට දරුවා සමඟ බැඳීම් ඇති කර ගැනීම අපහසු වේ.
  • දුර්වල මනසක් ඇති මව්වරුන්ගේ ශරීර සෞඛ්‍යය හොඳ තත්ත්වයක නොමැති අතර, ඒ පිලිබඳ ඔවුන් වැඩි අවධානයක් නොදක්වනු ලැබේ.

මානසික පීඩනයෙන් පෙළෙන බොහෝ ගර්භනී මව්වරුන්, ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය පිලිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වන අතර, ඔවුන් නියමිත ආහාර පරිභෝජනයට නොගන්නා  අතර, ශරීරයට අහිතකර මත්පැන් පානයට හෝ දුම්බීමට නැඹුරු වේ.  ශ්‍රී ලංකාවේ මව්වරුන්  අතර මෙම තත්ත්වය එතරම් දක්නට නොලැබෙන නමුත්, ඔවුන් නියමිත ආහාර සහ විටමින් වර්ග නොගැනීම නිසා, නියමිත බරෙන් අඩු දරු උපත් සහ ශරීර  සෞඛ්‍යය අතින් පිරිහුණු දරු උපත් දක්නට ලැබේ.  එනම්, දුර්වල  ප්‍රතිශක්තියෙන් යුක්ත වන අතර, අක්මා, හෘද සහ වකුගඩු රෝග සහිත දරුවන් ඉපදේ.  

  • මානසික අවපීඩනයෙන් යුතු මව්වරුන්ගෙන් ඉපදෙන දරුවන්වැඩිහිටියන් සේම මානසික අවපීඩනයෙන් යුක්ත වේ
  • මානසික අවපාතනය සම්බන්ධයෙන් ඇති හෝර්මෝන මට්ටම වැඩි වේකොර්ටිසෝල් (Cortisol)

මානසික අවපීඩනයෙන්පෙළෙන ගර්භනී මව්වරුන්ගේ මානසික ආතතිය සම්බන්ධ හෝර්මෝනය (Cortisol) නියමිත මට්ටමට වඩා වැඩි වන හෙයින්, එය එම මව්වරුන්ගේ රුධිර පීඩනය වැඩි වීමට ද බලපායි.  එවිට බබාටද, ඉදිරි කාලයේදී රුධිර පීඩන සම්බන්ධ ප්‍රශ්න ඇතිවිය හැක.

මවගේ  සහ බබාගේ මානසික සෞඛ්යය රැක ගන්නා අයුරු:

  • මව්වරුන්ට කාංසාව සම්බන්ධ සිතිවිලි පහළ වනවිට, එම මව්වරුන් තම දොස්තර මහතාට, යාළුවන්ට, නෑදෑයන්ට හෝ තම ස්වාමිපුරුෂයාට ඒ බව නොවලහා කිව යුතුයි. එය තම දුර්වල භාවය යයි මොහොතකටවත් නොසිතන්න.  සියලුම අලුතෙන් මව්වරුන් වීමට බලාපොරොත්තු වන කාන්තාවන්ට, ගර්භනී අවස්ථාවේදී නොයෙකුත් ප්‍රශ්න සහ සාංකාව ඇති වීම ස්වභාවික තත්ත්වයකි.
  • තවම ඉපදී නැති ඔබේ දරුවා සමඟ දැඩි බන්ධනයක් ඇති කර ගැනීමට උත්සහ කරන්න. නිස්කලංක ස්ථානයක වාඩිවී, තම දරු කළලය සමඟින් කතා කරමින්, බබා සමඟ ස්වල්ප වෙලාවක් සතුටින් ගත කරන්න.
  • සායන අවපීඩනය ඇති වීමට පෙර, අන් අය සමඟ ඒ පිළිබඳව කතා කරන්න. සාංකා සිතිවිලි සමඟින් තනියම ගැටෙන්නට යන්න එපා.
  • මානසික අවපීඩනය ඇතිව ඉපදෙන දරුවන්ට යෝග්‍ය පරිසරයක් ඔවුන් සාමාන්‍යය තත්ත්වයට පත් වනතෙක්, නිර්මාණය කරන්න. අම්මාගෙන් සිදුවන අඩුපාඩු සපිරීම සඳහා තාත්ති, ආච්චි හෝ ලඟම ඥාතියෙක් බබාට අවශ්‍ය ආදරය ලබා දිය යුතුයි.

ගර්භනී අවස්ථාවේදී මානසික අවපීඩනය ඇති වීම සාමාන්‍ය සිද්ධියක් වූවත්, එයට අවධානයට ලක් කර නොසිටීමෙන්, දැඩි රෝග තත්ත්වයකට මඟ පෑදෙන අතර, එය බබාට සහ පවුල් සම්බන්ධතාවයටද, දැඩි ලෙස බලපානු ඇත.  මෙවැනි තත්ත්වයන්හි පසු වන මව්වරුන්ට හැකි පමණ උදව් කරන්න. ඔවුන් සමඟ කතා කරන්න.ගර්භනී මව්වරුන්ව මෙම ආසාදිත තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා  හැකි සෑම පියවරක්ම ගන්න.

 මානසික සහ ශාරීරික රෝග වලින් තොර සෞඛ්‍යය සම්පන්න ප්‍රජාවක් බිහි කරමු මමිපේජස් 

#duringpregnancy #babyhealth #pregnancyhealth #duringpregnancy #pregnant women

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න.  මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

You may also like
ගර්භනී අවස්ථාවේ ගත යුතු විටමින් සහ අමතර පරිපූරක
ගර්භණි සමයේ ඇති වන හිසරදය
සිසේරියන් සැත්කමකින් දරුවෙක් ලැබුනු කාන්තාවකට ලේ දන් දෙන්න පුලුවන් ද ?
ගර්භනී කාලයෙදී රුධිර පරිත්‍යාග කල නොහැකිද ?