Home > Latest Articles > ගර්භණි අවධියෙහි සමෙහි ඇතිවන කැසීම්

ගර්භණි අවධියෙහි සමෙහි ඇතිවන කැසීම්

 ගර්භනී සමයේදී සැමට රුධිර සැපයුම වැඩිවීම නිසා හා දරුවා වර්ධනය වීම නිසා හම ඇදීම නිසා සමෙහි මද කැසීමේ තත්වයක් ඇතිවිය හැකියි

පාලනය කිරීම

  • ඔබේ සමෙහිත් කැසීමේ තත්වයක් තිබේනම් පහත සඳහන් උපදෙස් පිළිපැදීමෙන් එම අපහසුතාවයන් මගහරවා ගත හැකිවනු ඇත.
  • ස්වභාවික අමුද්‍රව්‍ය යොදා සාදා ඇති (කපු වන රෙදි) අගට සැහැල්ලු ඇදුම් අඳින්න.
  • උණු වතුරෙන් නෑමෙන් වලකින්න – නිතර උණු වතුර භාවිතාකර නෑමෙන් ඔබේ සම වියලිවන අතර සමේ කැසීම් ඇතිවීමට එය බලපායි.
  • කෘතීම අමුද්‍රව්‍යවලින් සාදා ඇති හිර ඇදුම් ආදියෙන් වලකින්න. මෙවැනි ඇඳුම් නිසා වාතාශ්‍රය නිසි ලෙස සමට නොලැබීමෙන් කැසීම් තත්වය තවත් වැඩිවිය හැක.
  • මෘදු සබන් භාවිතා කරන්න – සැර සබන් වර්ග සහ ෂවර් ජෙල් වර්ග භාවිතා කිරීමෙන් සම තවදුරටත් වියලිවේ. එමෙන්ම එය තවත් කැසීම් තත්වය වැඩි කිරීමට බලපානු ඇත
  • බේබි ක්‍රීම් මෙන්තොල් අඩංගු ක්‍රීම්, බේබි පව්ඩර් හෝ කැලමයින් ලෝෂන් සම මත ගැල්වීමෙන් කසීමේ තත්වය අවම කරගත හැක.
  • ඇඳුම් සේදීමේදී මෘදු සබන් කුඩු වර්ගයක් භාවිතා කරන්න. එමෙන්ම ඒවා හොදින් සෝදා හරින්න.
  • සමෙහි කාසීම් තත්වයක් ඇතිකළ හැකි සැර සුවඳ විලවුන් වර්ග ඩියෝඩ්‍රන්ට් වර්ග භාවිතයෙන් වලකින්න.
  • ඔබට සැහැල්ලු නින්දක් හා විවේකයක් ලබාගැනීම සඳහා වෛද්‍යවරයා විසින් ඔබට ක්ලොෆිනරමින් (පිරිටන්) රාත්‍රියේදී ලබාගැනීම සඳහා උපදෙස් දෙනු ඇත.

ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගතයුතු අවස්ථා…

ඔබට දදයක් ඇතිව හෝ නොමැති අවස්ථාවක කැසීම් තත්වයක් ඇත්නම්, අත්ලෙහි හෝ යටිපතුල්වල පැහැදිලි ලෙසම කැසීම් තත්වයක් දක්නට ලැබේනම් හෝ රාත්‍රියට දරාගත් නොහැකි තරමේ කැසීම් තත්වයක් ඇතිවේනම් වහාම වෛද්‍ය උපදෙස් ලබගතයුතුවේ. මෙය ඉතා කලාතුරකින් ගර්භනී සමයේදී දක්නට ලැබෙන බරපතල අක්මාගත රෝගී තත්වයක් වන Obstetric Cholestasis හෝ intrahepatic Cholestasis විය හැක.

ඔබිස්ටේට්‍රික් කොලේස්ටේසිස් යනු අක්මාවෙන් පිත නිෂ්පාදනය වීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවීම නිසා එය ශරීරය තුල තැන්පත්වීමයි. මෙහි ප්‍රධාන ලක්ෂණය මුළු ශරීරයේම කැසීමක් ඇතිවීමයි. සාමාන්‍යයෙන් දදයක් ඇති නොවන අතර ගර්භනී සමයේ අවසන් කාලයේදී මෙම තත්ත්වය ඇතිවිය හැක.

එමෙන්ම තද වර්ණයෙන් යුතු මුත්‍රා පහවීම,  පිපිහළු පැහැයෙන් යුතු මළපහ පිටවීම හා කාමලව යන ලක්ෂණද දක්නට ලැබේ. මෙවැනි අවස්ථාවලදී වෛද්‍යවරයා විසින් ඔබේ පවුල් සෞඛ්‍යය පසුබිම පිළිබඳව විස්තර (ඔබිස්ටේට්‍රික් කොලේස්ටේසිස් තත්වය පවුලෙන් සම්ප්‍රේෂණය වන්නේද කියා) ලබාගන්න අතර රුධිර පරීක්ෂණ සිදු කිරීම මගින් ඔබ ඉහතින් පෙන්වූ ලක්ෂණය පිළිබඳව තවදුරටත් සොයබලනු ඇත. සමහර අවස්ථාවල  මෙම රෝගී තත්වය නිසා ඔබට නොමේරු දරු උපතක් සිදුවීමට පවා ඉඩ ඇත. මෙම රෝගී තත්වය ඔබට තිබෙන බව තහවුරු වුවහොත් සති 37 න පසු ප්‍රසුතිය ප්‍රේරණය කිරීම හෝ සිසේරියන් සැත්කමක් සිදුකර දරුවා ලබාගැනීම සඳහා කටයුතු කරනු ඇත.

#pregnancy #obstetricCholestasis #intrahepaticCholestasis #pregnancyhealthcare #oausesofskin durinpregnancy

note

You may also like
Physical Changes During Pregnancy
නීරෝගී ගර්භනී අවස්ථාවක් ගත කිරීමට අවශ්ය ආහාර රටාවක්
Perspective Of The Whole Nine Months
සිසේරියන් සැත්කමකින් දරුවෙක් ලැබුනු කාන්තාවකට ලේ දන් දෙන්න පුලුවන් ද ?
error: Content Protected © mummypages.lk