Home > Latest Articles > කෘතිම ආහාර යනු මොනවාද ?

” දුව, චූටි පුතාට මේ නූඩ්ල්ස් දෙන්න එපා” කියා මාලනී තම දුවට කිවුවේ, කුස්සියේ මේසය මත තිබූ ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුව දැකීමෙනි.  ” ඒ වුනාට අම්මා, රැකියාවේ වැඩත් එක්ක, මේ වගේ ඉක්මනින් පිළියෙළ කරන්න පුළුවන් ආහාර වර්ග දරුවන්ට දුන්නම මට හරි පහසුයි” කියමින් නිශා, නූඩ්ල්ස් පැකට්ටුවේ කවරය දෙස පරීක්ෂාවෙන් බැලුවා.

ශ්‍රී ලංකාවේ අපි කී දෙනෙක් අපේ දරුවන්ට මෙවැනි කෘතිම ආහාර දීමෙන් අපේ ඉතා කාර්යබහුල ජීවිත පහසු කර ගැනීමට උත්සහා කරන්නේද?  නමුත්, එම කෘතිම ආහාර, අපේ සහ දරුවන්ගේ සෞඛ්‍යසම්පන්න බව කෙරෙහි කොතරම් බලගතු දෝංකාරයක් බලපවත්වයිදැ’යි සිතා බැලීමට අප මොහොතක් හෝ නැවතී සිතා බැලුවා ද?

කෘතිම ආහාර යනු මොනවාද?

කෘතිම ආහාර යනු,  ස්වභාවික රසය හෝ ස්වභාවික ආහාර අනුකරණය කිරීමට යොදාගන්නා අස්වාභාවික රසකාරක හෝ වර්ණ යෙදූ ආහාර වර්ග වේ.  මේවා ආහාර කල් තබා ගැනීමට යොදා ගන්නා ආකලන, සංරක්ෂක ද්‍රව්‍ය, නොයෙකුත් වර්ණ සහ රසකාරක ද්‍රව්‍ය වේ.

කෘතිම ආහාරවල ඇති අහිතකර බලපෑම් :

  • MSG නමැති කෘතිම රසකාරක උපුටා ගන්නේ ස්වභාවික මූලාශ්‍රමයකින් නොවන අතර, එය නිෂ්පාදනය කරන්නේ කෘතිම රසායනික ක්‍රියාවලියකිනි. එමනිසා, එමඟින් මිනිස් සිරුරේ වකුගඩු සහ අක්මාව වැනි අවයවවලට හානි ඇති කරනු ලැබේ.
  • බොහෝ කෘතිම ආහාර වර්ගවල අඩංගු වන්නේ කෘතිම රසකාරක හෙයින්, එමඟින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අනිසි බලපෑම් ඇති කරන හෙයින්, එය සෞඛ්‍යයට සැළකිය යුතු බලපෑමක් ඇති කරයි.
  • ශ්‍රී ලංකාවේ බොහෝ කෘතිම ආහාර වර්ගවල පෝෂ්‍යදායක පදාර්ථ සහ නියමිත කැලරි ප්‍රමාණය අඩංගු නොවෙන හෙයින්, ශරීරයේ බර ප්‍රමාණය ඉක්මනින් වැඩි වේ.
  • මෙම ආහාර අසාත්මිකතාවයන් අවුළුවාලීමට ඉවහල් වන අතර, සමේ රෝග ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇති වේ.
  • කෘතිම ආහාර වැඩි වශයෙන් අනුභව කරන ළමයින්ට අවධානය යොමු කිරීමේ ප්‍රශ්ණ ඇති වේ.
  • අවසානයක් ඇති නොවන ස්නායු ප්‍රශ්ණ ඇති වේ.
  • මේ ආහාර වලින් රාත්‍රී නින්දට බාධා ඇති කරන අතර, දහවලේදී ද, එතරම් හොඳ තත්ත්වයක් ඇති නොකරයි.
  • කෘතිම ආහාර අනුභව කරන්නන්ට, ඒවාට ලොල් බවක් ඇති කිරීමට සමත් වේ.

මේ ආහාර සාමාන්‍යයෙන් බොහෝ වශයෙන් අනාරක්ෂිත රසායනික ද්‍රව්‍යවලින් සමන්විත වේ.  රජය මඟින් පනවා ඇති තහනම් නීති උල්ලංඝනය කරමින්, ආහාර නිෂ්පාදන ආයතන ඔවුන්ගේ කෘතිම නිෂ්පාදිත ආහාර වර්ග වෙළඳපොළ ආක්‍රමණය  කිරීමට ඉඩ සලස්වා ඇත.

පහත සඳහන් වන්නේ ඔබේ යහපත පිණිස උකහා ගත හැකි ක්‍රම කිහිපයකි.

  • කාබනික ආහාර ද්‍රව්‍ය සෑමවිටකම කාබනික අහාර වර්ග භාවිත කරන්න. ඒවා සාදන්නේ ශරීරයට හානිකර ද්‍රව්‍ය වලින් නොවේ.
  • නැවුම් දේ තෝරා ගන්න කෘතිම රසකාරකවලින් තොර නැවුම් එළවළු , පලතුරු, මාළු සහ මස් තෝරා ගන්න.
  • ස්වභාවික දේ මිළඳී ගන්න ඔබ වෙළඳ සැලේ රාක්කවලින් ආහාර වර්ග ගැනීමේදී, එහි ලේබලයේ සඳහන් කර ඇති ද්‍රව්‍ය ස්වභාවිකදැ’යි පරීක්ෂා කරන්න.
  • වැරැද්දක් කරන්න එපා ඔබේ නිවසේ ආහාර පිළියෙළ කිරීමේදී, ස්වභාවික රසකාරක සහ වර්ණ යොදා ගන්න!
  • ප්‍රමාණය ඔබ උත්සවයකදී හෝ ආපනශාලාවක දී, කෘතිම ආහාර ගන්නේ නම්, කුඩා ප්‍රමාණයක් අනුභව කිරීමට වග බලාගන්න. එය ඔබේ සෞඛ්‍යට එතරම් අනිසි බලපෑමක් ඇති නොකරනු ඇත.
  • අධ්‍යාපනය – ඔබේ දරුවන්ව කෘතිම ආහාරවලින් සිදුවන ව්‍යසනය පිළිබඳව දැනුවත් කරන්න. එවිට, ඔවුන්ගේ ජීවිතවලට අවශ්‍ය ආහාර ඔවුන් බුද්ධිමත් ලෙස තෝරාගෙන පරිභෝජනය කරනු ඇත.

ඔබේ ඉදිරි අනාගතය ඔබට ස්තුතිවන්ත වීම සඳහා හේතුවන යම් දෙයක් කරන්න! අද සිටම පටන් ගන්න!  ස්වභාවික දෙයට හිත යොමන්න!  කෘතිම ආහාර අනුභව නොකරන්න!

#goodfood #kidsfood #tastyfood #syntheticfood #organicfooditems #adverseeffectsofsyntheticfood #healthyfood\

note

You may also like
නීරෝගී ගර්භනී අවස්ථාවක් ගත කිරීමට අවශ්ය ආහාර රටාවක්
සිඟිත්තාගේ ආහාර වේලාව ගැන ඔබ දැනුවත්ද?
ඔබේ දරුවාට සැබෑ සමතුලිත ආහාරයක් දෙන්න
බබාගේ දෛනික ආහාර රටාව
error: Content Protected © mummypages.lk