Home > ගමන් > කුරුල්ලන් ගේ පාරාදීසයක් වන කුමන

කුරුල්ලන් ගේ පාරාදීසයක් වන කුමන

යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානයේ කුරුල්ලන් ගේ පාරාදීසයක් වන කුමන විල්ලුව කුඹූක්කන් ඔය මෝය ආශ්‍රිත ව පිහිටා ඇති පරිසර විද්‍යාත්මක ව ඉතා වැදගත් මනරම් ස්ථානයකි. පකෂීන් ගේ කදිම වාසස්ථානයකි. පසූගිය කාලය තුළ මෙම පරිසර පද්ධතිය විවිධ හේතුන් නිසා විනාශ වී ගිය ද ජාතික උද්‍යානයේ කටයූතු නැවත ආරම්භ කිරීමත් සමඟම කුමන විල්ලුවට නව ජිවයක් ලැබී ඇත. සියොතුන් තමන් ගේ වාසස්ථාන තහවූරු කරගනිමින් සිටින අතර කඩොලාන ශාක ඔවූන්ට මනා පිටූවහලක් සපයයි. ජලජ පකෂින් ඉතා විශාල සංඛ්‍යාවක් මෙහි දී එක වර දෑකගත හැකි වීම සූවිශේෂී කාරණයකි.

ඒ අතරට තිත්හොට පැස්තුඩූවන් ( pelican ) දියකාවූන් ( cormorant )- අභිකාවූන් ( Darter )- සූදු මැදිකොකුන් ( intermediate egret )- පූංචි ඇලි කොකුන් ( Little egrat ) මහ සූදු කොකුන් ( Great egret ) අලු කොකුන් (( Grey Heron )- කරවැල් කොකුන් ( Purple Haron )- කණ කොකුන් ( Pond Heron )- කොරවක්කන් ( waterhen ) දම් කිතලන් ( purple swamphen )- පාදිලි මානාවන් ( wooly necked stork ) ලතුවැකියන් ( painted stork ) – දැකැත්තන් ( Ibis ) – විවරතුඩූවන් ( openbill ) – සැවූල් පෙද දියසෑනාවන් ( Pheasant tailed jacana ) ්- බහූරුමානාවන් ( lesser adjutant ) – ප්‍රමූඛ වේ. එමෙන්ම මෙම විල්ලුව ආශ්‍රිත ව ලංකාවේ විශාලම ජලජ පකෂීයා මෙන් ම, ඉතා කලාතුරකින් දෑකිය හැකි අලිමානවූන් ( Black necked stork ) කිහිප දෙනකු ද දක්නට ලැබීම වාසනාවකි.

මේ කාලය මොවූන් බොහෝ දෙනෙකු ගේ සූවැදි සමයයි. එබැවින් මොවූන් වර්ණවත් වීමෙන් හා දෑකුම්කලු පිල් කළඹවල් සාදා ගැනීමෙන් අලංකාර බව වැඩි කරගෙන, සහකාරීය තෝරා ගැනීමේ හැකියාව උරගා බලයි.

ඇතැමූන් මේ වනවිටත් කූඩූ තනා ඇත. ඇතැමූන් පැටවූන් රකිති. තවත් සමහර අය කූඩූ තනමින් සිටී, කූඩූ සැදීමට අමූ ද්‍රව්‍ය රැස් කරමින් සිටිති. මේ අතට නිදහසේ පෙම් රැගුම් පාමින්, පෙම් කරන සියොතුන් ද වෙති. මූළු විල්ලුව ම මගුල් සිරියකි.

කුරුලු පාරාදීසයේ සූවැදි සමය සියොතුන් ගේ ප්‍රවේණි ගති ලකෂණ පරම්පරාගත කිරීමට උපකාරී වන, අප විසින් නැරඹීය යූතු ස්වභාවධර්මයේ අපූර්වතම දායාදයකි.

error: Content Protected © mummypages.lk