Home > දෙමාපිය දැනගැනිම පිණිස > කුඩා දරුවන් සහ සංස්කෘතිය

හොඳ දෙමව්පියන් වශයෙන් ඔබේ දරුවන්ව නියාමාකාරයෙන් හැඩ ගැස්වීමෙන්, ඔවුන් තම වගකීම් නොපිරිහෙලා ඉටු කරන ආචාරශීලී සහ අනුන් පිළිබඳව සිතන වැඩිහිටියන් බවට පත් වෙනු නිසැකය.  මේ සඳහා, දෙමව්පියන් වශයෙන් ඔබට කළ හැක්කේ ඔබේ දරුවන්ව අපේ සංස්කෘතිය පිළිබඳ නිසි ලෙස දැනුවත් කිරීමයි.

සංස්කෘතිය යනු කුමක්ද?

කෙටියෙන් කියතහොත්, සංස්කෘතිය යනු මිනිසුන් ජීවත්වන පිළිවෙතයි. එයට අප සමාජයේ පවතින චාරිත්‍ර, ඇදහිලි සහ සංකල්ප ආදිය අඩංගු වේ.  ශ්‍රී ලාංකිකයන් වශයෙන්, අවුරුදු දහස් ගණනක් පුරා පැවත එන ඉතා හොඳ චාරිත්‍ර වාරිත්‍ර සහ විවිධ ආගම් අනුව නොයෙකුත් ඇදහිලි ක්‍රම වලින් අපේ සංස්කෘතිය පෝෂණය වෙන බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි.

සංස්කෘතියේ ඇති වැදගත්කම

සංස්කෘතිය නිසා අප ලෝකයේ අනිකුත් රටවල්වල වෙසෙන ජන කොට්ඨාශ වලින් එකිනෙකාට වෙනස් වේ.  එමඟින් ශ්‍රී ලාංකිකයන් අසමසම ජාතියක් බවට පත් කරනු ලැබේ.  අද සමාජයේ ජීවත් වන ළමුන් සමාජයේ ඇති  නොයෙකුත් අනවශ්‍ය බාහිර ආටෝපයන් කෙරෙහි නැඹුරු වීමට ඇති ඉඩකඩ දිනෙන් දින වැඩි වේ.  නමුත්, දරුවන්ව  අපේ සංස්කෘතිය අනුව ඇතිදැඩි කිරීමෙන්, ඔවුන්ට හොඳ වැඩිහිටියන් වීමට යහපත් පසුබිමක් ඇති කරුණු ලබයි.  ශ්‍රී ලාංකිකයන් වන අපේ ප්‍රෞඪත්වය නොමැකී, පරම්පරාවෙන් පරම්පරාවට දිගටම ගෙනයාමට නම්, එය තම දරුවන්ට දායාද කිරීම දෙමව්පියන් සතු වගකීමකි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය කෙරෙහි දරුවන් නැඹුරු කළ හැක්කේ කෙසේද?

නිවසේ පුරුදු පුහුණු කිරීම ශ්‍රී ලාංකික ශිෂ්ඨාචාරය පුරුදු කිරීමේ මූලික අඩිතාලම දරුවන් තුළ රෝපණය කළ යුත්තේ නිවස තුළදීය.  ඔවුන්ට අප සංස්කෘතියේ ඇති වැදගත්කම, අපේ මුතුන්මිත්තන්ගෙන් පැවතගෙන එන රන්වන් නීති සහ එමහින් අපට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ දරුවන් දැනුවත් කළ යුතු වේ.  පෙර තිබූ සෑම දෙයක්ම අනුමත කළ යුතු නොවන නමුත්, අපේ ජීවිත වලට අවැසි අත්‍යවශ්‍ය දේවල් උකහා ගත යුතු වේ.

සිතන ආකාරය ශ්‍රී ලාංකික අපිට තේජාන්විත සංස්කෘතියක් ඇති බව ඔබේ දරුවන්ට ඉගැන්විය යුතුයි.  එමෙන්ම එහි ඇති ප්‍රායෝගික සහ ඇදහිලිවල ඇති තේරුම් සහගත දේවල් අපේ ජීවිත වලට ඈදා ගත යුතු බව ඔවුන්ට පහදා දිය යුතුයි.

පහදා දීම  – තරුණ සිත් කුතුහලයෙන් යුක්ත වේ.   ඔවුන්ට කියා දෙන සෑම දෙයක්ම ගිරවුන් මෙන් කට පාඩම් කිරීමට සහ ඒවා පසුපස යාන්ත්‍රීය ලෙස හඹා යාමට වඩා, එම චාරිත්‍ර විධිවල ඇති නියම අර්ථය දැන ගැනීමට ඔවුන්  වඩාත් කැමති වනු ඇත.  ඔවුන්ට අපේ සංස්කෘතියේ අගය සහ එම දේවල් ප්‍රායෝගිකව ඔවුන්ගේ ජීවිත වලට ආරුඪ කර ගැනීමට නම්, ඒවායේ අන්තර්ගත හේතු සහගත දේ ඔවුන්ට වටහා දිය යුතුයි.

අභිමානය අපේ ඉතිහාසය ඉගෙන ගැනීමට දරුවන්ව උනන්දු කළ යුතුයි.  හැකි සෑම විටකම අපේ මුතුන් මිත්තන්ගේ කතා, පැරණි කවි, ගීත සහ  ජාතක කතා හෝ අපේ සාහිත්‍ය සම්බන්ධ කරුණු දරුවන්ට කියා දිය යුතුයි.  අපිට පෙර මේ මව්බිමේ ජීවත් වූ මිනිසුන්ගේ සංස්කෘතිය පිළිබඳ තිබූ  දැනුම් සම්භාරයට  ගෞරව කරන මෙන් ඔබේ දරුවන්ට උගන්වන්න.

වෙනස් වීම අනුමත කරන්න. – සංස්කෘතිය යනු අතීතය නොවේ. එය එසේ වන්නේම නැත. සංස්කෘතියේ ඇති අරුම පුදුම දේ වන්නේ එය වේගවත්ව නිතරම වෙනස් වීමයි.  සංස්කෘතියේ ඇති චාරිත්‍ර විධි, සාමාජීය සම්මතයන්, සම්ප්‍රදායන් සහ ආචාරවිධි ආදිය කලින් කලට සමාජයේ අවශ්‍යතාවයන් අනුව  වෙනස් වීම සාමාන්‍ය දෙයකි.  අප සියළුදෙනාට සහ අප වටා සිටින අයට අලාභයක් හෝ අනර්ථයක් සිදු නොවේ නම් සහ සංස්කෘතියේ ඇති සදාචාර සම්පන්න ක්‍රියාවලීන්ට පටහැනි නොවී, ඒවායේ ඇති අර්ථයට සහ වටිනාකමට අවැඩක් සිදු නොවී, සිදු වෙන වෙනස්කම් නිසා සංස්කෘතියේ දියුණුව සිදු වේ.

සම වයසේ අයවලුන් සමඟ බෙදා ගන්න සංස්කෘතියේ නියම අර්ථය විදහාමාන වන්නේ සමාජයේ සිටින සියළු දෙනාම එක හා සමානව එහි ඇති අර්ථවත් දේ බෙදා හදා ගැනීමෙනි.

ඔබේ දරුවන්ට ශ්‍රී ලංකාවේ පවතින සංස්කෘතිය සහ ශිෂ්ඨත්වය ඉගැන්වීමේදී, දරුවන්ට ඒවා සම්බන්ධයෙන් නිදහස් සිතිවිලි ඉදිරිපත් කිරීමට උනන්දු කරන්න.  අවශ්‍ය විටක, එම රැල්ලට පිටු පා යන්නට ඉඩ දෙන්න.

අපි සියළුදෙනාම එකතු වී අපේ සංස්කෘතිය නිර්මාණය කරන අයුරින්ම, ඒවා හොඳ අතට වෙනස් කිරීමටත්, ප්‍රජාත්‍රාන්තික අයිතියක් ද අපට ඇත!

 මව්පිය කටයුතු හොඳින් කිරීම සඳහා සුභ පැතුම්!

#youngchildrenandculture #Whatisculture #theimportanceofCulture #sinhalaarticle #sinhalaarticleinsrilanka #kids

note

You may also like
මව්වරුන්ට සහ දරුවන්ට පාසැල් නිවාඩුව සතුටින් ගත කිරීමට හැකි ක්‍රම
පවුලේ බැඳීම් ශක්තිමත් කර ගැනීම සඳහා කරුණු කීපයක්
දත් ඒම, හැපීම, මලානික වීම සහ අසතුටින් සිටින බබෙක්
නිවසේ සිටින මව්වරුන්ට සුභ පණිවිඩයක්!
error: Content Protected © mummypages.lk