Home > දෙමාපිය දැනගැනිම පිණිස > කුඩා දරුවන්ගේ පෙරළිකාර වයස

කුඩා දරුවන්ගේ පෙරළිකාර වයස

“දරුවන් ක්‍රමයෙන් වැඩීම නැවැත්විය හැකි කරුණක් නොවේ.  හැමදෙනාම කියන පරිදි දරුවන් අවුරුදු දෙක ලබද්දී දඟකාරකම් වැඩිවේද?  ඔබ එම අවස්ථාවට මුහුණ දෙන සහ එම අවස්ථාව පාලනය කිරීමේ ක්‍රමය මත එය රඳා පවතී!”

බොහෝ දෙමව්පියන් තම  දුව හෝ පුතාගේ වයස අවුරුදු දෙකට ලබන විට, තරමක් සසල වේ.  දරුවන් අවුරුදු දෙකට ලබන විට හෝ ඊට ප්‍රථම  විකසනය වීමට හෙවත් වැඩීමට පටන් ගනී.  කුඩා දරුවන් විකසනය වීමට පටන් ගැනීමේදී, සෑම දෙයක් කෙරෙහිම සෘණාත්මක ලෙස බලපෑම් කරන්නට පටන් ගනී.  ඔබේ සෑම ප්‍රශ්නයකටම “නැහැ” යනුවෙන් උත්තර සැපයීමටත්, නිතරම සිතේ ස්වභාවය වෙනස් වීමටත්, නොසැලකිලිමත් ලෙස අනවශ්‍යය අයුරින් නොයෙකුත් දේ කෙරෙහි කෝප වීමටත් පටන් ගනී.

නමුත්, මේ අවධිය දරුවන් ඕනෑකමින් කෝප වීමට හෝ හිතුවක්කාර වීමට උත්සහ නොකරන බැව් දෙමව්පියන් වටහා ගත යුතුයි.  නමුත් ඔවුන් උත්සහ කරන්නේ ඔවුන්ගේ නිදහස විදහා දැක්වීමට වුවත්, එය පහදා දීම සඳහා ඔවුන්ට වාග් මාලාව එතරම් හුරු නැති වීමයි.  මේනිසා කුඩා දරුවන් නිරතුරුව ඉච්ඡාභංගත්වයෙන් පෙළෙන අතර, ඔවුන්ට අවශ්‍ය දේ ඉෂ්ඨ නොවෙන අවස්ථාවන්හිදී, ඔවුන් අන් අයට පහර දීමටත්, කෙනිත්තීමටත්, හැපීමටත්, බිම පෙරලීමටත්, කෑ ගසා හැඬිමටත්  පටන් ගනී. සමහරවිට ඔවුන් ඉල්ලා සිටින යමක් ඔවුන්ට නොලැබුණවිට,  ඔබ බලාපොරොත්තු නොවන ප්‍රසිද්ධ ස්ථානවල පවා මේ අයුරින් හැසිරීමට පටන් ගනී.

දෙමව්පියන් දරුවාගේ මෙම සාමාන්‍ය වැඩීමේ ක්‍රියාවලිය පටන් ගන්නා  අවස්ථාවේදී, ඔවුන්ව තේරුම් ගැනීමටත්, ඔවුන්ට උදවු කිරීමටත් උත්සහගත යුතුයි. ඔවුන්ගේ එම ස්වභාවික හැසිරීම පිළිබඳව හොඳින් වටහා ගනිමින්, ඔවුන්ට මෙලෙස හැසිරීමට ඉඩ නොතබන්න.

ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග :

  • ක්‍රමවත් වැඩ පිළිවෙළක් ඇති කරන්න – නෑම, ආහාර ගැනීම, සෙල්ලම් කිරීම සහ නිදා ගැනීමට යාම වැනි එදිනෙදා ක්‍රියාවලියන්ට නියමිත වෙලාවක් වෙන් කර දෙන්න.
  • ආහාර සඳහාසහ සෙල්ලම් කිරීම සඳහා සීමිත තීරණ ගැනීමට ඉඩ සලසන්න – මෙමඟින් දරුවාට යම් තීරණ ගැනීමට ඉඩ  සැලසෙන අතර, සමහර දේවල් පිළිබඳ ඔහුට අයිතියක් තිබෙන නමුත් ඔහුට වෙනත් විකල්ප යෙදිය නොහැකි වනු ඇත.
  • ඔහුට යම් දේවල් සඳහා සීමා පනවන්න  නමුත්, ඔහු එම සීමා පරීක්ෂා බැලීමට උත්සහ කරන අවස්ථාවේ දී, ඒ පිළිබඳ පුදුම නොවන්න. එක දරුවෙක් පමණක් සිටින පවුල්වලට මෙම සීමා පැනවීම තරමක් අපහසු කාර්යයක් වනු ඇත. නමුත්, මෙය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ ඉදිරි අනාගතයේදී චර්යාවන් වලට ප්‍රශ්න මතු වනු ඇත.
  • දරුවන්ට එළියට යාමට, සෙල්ලම් කිරීමට හා ඔවුන්ගේ අනෙකුත් අවශ්‍යතාවයන්ට ඉඩ දී, ඔවුන්ට හොඳට හැසිරීමට පරිසරයක් නිර්මාණය කර දෙන්න
  • ළමයාට සෙල්ලම් කිරීමට පහසුකම් ඇති ආරක්‍ෂිත ස්ථානයක් පිළියෙළ කර දෙන්න.

දරුවන්ගේ විකසනය වන ඉතා තීරණාත්මක මංසන්දියක් වන මෙම පෙරළිකාර අවධියේදී, දෙමව්පියන් ඒ දෙස ධනාත්මකව බැලීමට උත්සහ ගන්න.

  • අවුරදු 2 ක් වයසේ දරුවන් දෙස බලන විටදී, එම දරුවන් සහ යොවුන් වියේ දරුවන් අතර ඇති වෙනස දෙමව්පියන් වටහා ගත යුතුය
  • වැඩිවියපත් දරුවන් හා සම කරද්දී, කුඩා ළමුන් මෙම අවස්ථාවේදී වල්මත් වුවන් ලෙස ක්‍රියා කරයි.
  • දරුවන් යම් පෙරළියක් සිදු කිරීමට සැරසෙයි නම්, එම අවස්ථාව සමථයකට පත් කිරීම සඳහා, දරුවා කැමති සෙල්ලම් බඩුවක් හෝ ඔවුන් කෑමට කැමති ආහාරයක් නිතරම ළඟ තබා ගැනීම යෝග්‍යය.
  • දරුවන්ගේ මෙම විකසනය වන අවධිය කෙරෙහි පිළිබඳව අනිත් දෙමව්පියන් ද දැනුවත් වී සිටින බැවින්, ඔබ තනිවී ඇතැ’යි සිතන්න.

ඔබ සිතන්නටත් පළමුව මේ දඟකාර/පෙරළිකාර අවධිය දරුවන්ගෙන් ඉවත්ව යනු ඇත.  එම අවස්ථාව මුළු ජීවිත කාලය පුරා නොපවතී.  එමනිසා, දරුවන්ගේ ඉතා වැදගත් පෙරළිකාර අවස්ථාවේ සිදුවන නොයෙකුත් චමත්කාරජනක අවස්ථාවන් ආස්වාදය කිරීමට උත්සහ ගන්න!

#createasystematicplan #smallchildrenagedrevolutionary #kids

note