Home > වට්ටෝරු > කිසස් හදමු රස බලමු

කිසස් හදමු රස බලමු

අවශ්‍ය ද්‍රව්‍ය:-

♦ බිත්තර 5 යි (සුදු මදය පමනක්)
♦ සීනි ග්‍රෑම් 200 යි
♦ වැනිලා ස්වල්පයක්

සාදන ක්‍රමය:-

මුලින්ම බිත්තර සුදු මද බදුනක දමා බීටරයකින් පෙණ නගින තුරු ගසාගන්න. මික්ස් කරන ගමන් සීනි ටික ටික එකතු කරමින් බිට් කරගන්න. වැනිලා ස්වල්පයක්ද එකතු කරන්න.ඔබට අවශ්‍ය නම් කලරින් (රතු කොල වැනි ) එකතුකර ගත හැක.දැන් තෙල් කඩදාසියක් තැටියක අතුරා එහි බටර් සුවල්පයක් ගාගන්න.ඒ මත නොසල් එකක් ආධාරයෙන් සාදා ගත් මිශ්‍රණයෙන් ටික ටික ඇතින් සිටින සේ වක්කරන්න.මෙය සාමාන්‍ය උෂ්ණත්වය ඇති මයික්‍රෝවේව් එකක විනාඩි 15 පමන බේක් කරගන්න

error: Content Protected © mummypages.lk