Home > දෙමාපිය දැනගැනිම පිණිස > කිරි දීම යනු කුමක්ද?

කිරි දීම යනු කුමක්ද?

ad-banner2

කිරි දීම යනු කුමක්ද?

මේ පියයුරු පුඩුවලින් වෑස්සෙන දියරය (පියයුරු ග්‍රන්ථී) හඳුන්වන්නේ  ක්ශීරාම්ල යනුවෙනි.  මෙයින් අපිට බබාට කිරි දීමට අවස්ථාව සැලසේ.  මෙය ගර්භනී භාවය හා සම්බන්ධයෙන් සිදුවෙන හොර්මෝන් වල වෙනසින් සිදු වේ.  පළවෙනියෙන්ම ඔබට පියයුරුවල බර ගතියක් සහ මස් පිඬුවල තද වීමක් දැනේ.  සමහරුන්ට ගර්භනී භාවයට පත් වීමෙන් සති 9යකින්ද, සමහරුන්ට සති 32කකින්ද මෙම දැනීම ඇතිවේ.  ශ්‍රී ලංකාවේ සමහර මව්වරුන්ට මෙම ක්‍රියාවලිය පටන් ගන්නේ බබා ලැබීමෙන් පසුවය.

බබාලාට කිරි දීම සඳහා විශේෂයෙන් පිළියෙළ කළ තනපටවල් නොහොත් බ්‍රේසියර වෙළඳ පොලේ විකිණීමට ඇත.  ඒවා මවගේ පියයුරු වලට පහසු අයුරින් පිළියෙළ කර ඇත.  ඒවා පියයුරු වලින් වෑස්සෙන කිරි ඉතා හොඳින් උරා ගැනීම සඳහා පිළියෙළ කර ඇත.

පියයුරුවල ආරක්ෂාව සඳහා විශේෂයෙන් පිළියෙළ කළ තුනී පැතලි කොට්ට – මෙයද දැන් කාලයේ මව්වරුන් අතර ඉතා ප්‍රසිද්ධය.  එය බ්‍රේසියරය ඇතුලින් පැළඳ ගැනීමෙන් අමතර දියරය හොඳින් උරා ගනී.  මෙය වැඩි වශයෙන් ඇත්තේ 4කින් යුත් ඇසුරුමක් තුලයි.

පියයුරු පොම්ප – මෙය විශේෂයෙන් රැකියාවට යන මව්වරුන්ට ඉතා ප්‍රයෝජනවත් උපකරණයකි.   බබාට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඔබට කිරි වෑස්සෙයි කියා දැනේනම්, පියයුරු පොම්පය භාවිතා කර වැඩිපුර කිරි ඉවත් කිරීමෙන් ඔබට පහසුවක් ඇතිවේ.  එම ඉවත් කළ කිරි ආරක්ෂා  සහිතව තබා ගැනීමෙන්, අම්මා ලඟ නැති විටක බබාට දීමට හැකිය.

 කිරි එරීම සහ මව්කිරි දීම

ශ්‍රී ලංකාවේ මෙම මව්කිරි දීම ඉතා ප්‍රචලිත ක්‍රියාවලියකි. මෙය බබාගේ ශරීර සෞඛ්‍යයට  ඉතා ගුණදායකය.  පලවෙනි වරට මව්වරුන් වූ කාන්තාවන්ට මෙය කරදරකාරී ක්‍රියාදාමයක් විය හැක.  නමුත් එය අසහනකාරී විය හැක්කේ ඔබට එයට හුරු වෙන තෙක් පමණි.  මේ පිළිබඳව වැඩිදුර දැන ගැනීමට මෙම වෙබ් අඩවියේ (www.mummypages.lk) ඇති කෙටි ලිපි  කියවා දැනුවත් වෙන්න.

නීරෝගීමත් මව්කිරි පෝෂණය

බබාට අවශ්‍ය සහ නියමිත පෝෂණය ලබා දීමට, ඔබගේ අහාරයට පෝෂ්‍යදායී දේවල් වැඩි වශයෙන් ඇතුලත් විය යුතුය.  ඒවා නම්:

  • දියර වර්ග
  • කොළ පැහැති එළවලු වර්ග
  • ප්‍රෝටීන්
  • ප්‍රධාන වශයෙන්, කැල්සියම්

ඔබේ කිරි වල ගුණාත්මක බව සහ කිරි ප්‍රමාණය වැඩිවීමට ඔබගේ ආහාර වේලට  පෝෂ්‍යදායක ද්‍රව්‍ය අඩංගු විය යුතු බව මතක තබා ගත යුතුය.   මවට තමන්ගේ බබා ගැන ඇතිවන ආදරබර හැඟුම් සමඟ බබාට දීමට කිරි එරෙන බව තරයේ සිතේ තබා ගන්න. එය වචනයේ පරිසමාප්තියෙන්ම සත්‍යයකි.  මෙය ඔබේ බබා සමඟ විශේෂ බැඳීමක් ඇති කර ගැනීමට ලැබෙන වැදගත් අවස්ථාවකි.

මව්කිරි දෙන මව්වරුන්ට සුභ පතමු !

#pregnancy #newbaby #newbornbaby #motherandbaby #mybaby

notice.png low

You may also like
මගේ පුංචි පැටියා නින්දට යොමුකරන වෙලාව
දරුවාගේ උපත සිදු වූ විගස ඔබ කළ යුත්තේ කුමක්ද?
ළදරැවාගේ වර්ධනයේ වැදගත් අවස්ථා ගැන ඔබ දැනුවත්ද ?
මව්වරැන් සැමටම කුඩා දරැවා කෙරහි ඇති පොදු ප්‍රශ්ණය