Home > අධ්‍යාපනය > කියවීමේ අගය

“පුතා දැන් කතාන්දර කියන වෙලාවයි”  කියා රුවනි තමාගේ පුතාට ඉතා ආදරයෙන් කියන විටම, පුංචි නිකේෂ් පොතකුත් අතින් ගෙන ඇඳෙන් බිමට පැන්නේ ඉතා සතුටෙන් සහ උද්යෝගයෙන්.

“දෙමාපියන්ගේ නික්ම යාමත් සමඟ, දරුවන් හොඳ පාඨකයන් බවට පත් වේ” යනුවෙන් කියමනක් ඇත.  දරුවන්ගේ කියවීමේ හැකියාව දියුණු කිරීම සඳහා දෙමව්පියෝ ප්‍රධාන කාර්ය භාරයක් උසුලති. දරුවන් කියවීමට නැඹුරු වීම ඔවුන්ගේ මතු දියුණුවට පිටුවහලක් වේ.

  • වාග්මාලාව පුළුල් වේ ඔබේ දරුවා කතන්දර පොත් කියවීමට උනන්දු වීම නිසා අළුත් වචන ඉගෙනීම සහ එකිනෙකා සමඟ වචන හුවමාරු කිරීම (කතා බහ) දියුණු වේ.
  • කල්පනා ශක්තියේ පුළුල් පරාසයක් ඇතිවේ කියවීම නිසා තරුණ මනසේ  බුද්ධියෙහි සීමාව පුළුල් පරාසයක් ගනී.  එමෙන්ම, අනාගතයේදී විවිධ පැති කඩවල් ඔස්සේ ස්වාධීනව සිතීමට උත්සුක වේ.
  • අවධානය යොමු කිරීම සහ හොඳ හැඳියාව ශ්‍රී ලංකාවේ ළමුන්ගේ අවධානය එක දෙයක් කෙරෙහි බොහෝ වේලාවක් රඳවා ගැනීමටත්, මතක ශක්තිය වැඩි දියුණු කිරීමටත් ඉවහල් වේ. මෙය ඔවුන්ගේ පාසැල් දිවියේදී ඉගෙනීමේ ක්‍රියාවලියට  ඉමහත් ප්‍රයෝජනයක් ඇති කරයි.
  • සාමාන්‍ය දැනීම කියවීම නිසා දරුවන් නොයෙක් මිනිසුන්, විවිධ ස්ථාන, තමන් අවට පරිසරයේ ඇති ප්‍රසිද්ධ දේවල් ගැන මනා අවබෝධයක් ඇති කර ගනී.  කෙටියෙන් කිවහොත්, දරුවන්ගේ සාමාන්‍ය දැනීම වැඩි දියුණු වේ.
  • ඉගෙනීමේ ක්‍රියාවලිය කියවීමට පුරුදු පුහුණු වූ දරුවන්ට, යම් දෙයක් ඉක්මනින් වටහා ගැනීමට ශක්තියක් ඇත. එමනිසා ඔවුන් පාසැලේදී මුලිකත්වයක් දැරීමටත්, විවිධ මාතෘකා ඔස්සේ නොබියව කතා  කිරීමටත් පසුබට නොවේ.  ඔවුන්ගේ වාර පරීක්ෂණ වලදීද හොඳ ලකුණු මට්ටමක් ගැනීමටත්, කියවීම ඉවහල් වේ.

කුඩා කාලයේදීම දරුවන් කියවීමට පුරුදු කිරීමට අවශ්‍ය උපදෙස් :

  • ශබ්ද නඟා කියවන්න පොත් පත් ශබ්ද නඟා කියවීමෙන් දරුවන්ගේ කියවීමේ රුචිය වැඩි වීම පමණක් නොව, ඔවුන්ගේ සාවධානව ඇහුන්කම් දීමේ ප්‍රවණතාවයද වැඩි වේ.
  • බුද්ධිමත්ව තෝරා ගන්න විවේක ඇති වෙලාවට දරුවන් සමඟ පොත් සාප්පුවකට හෝ පුස්තකාලයකට ගොස් ඔවුන්ගේ කැමැත්ත මත පොත් තෝරා දෙන්න.  විවිධ පින්තුර සහ නොයෙක් ප්‍රියමනාප පාට වලින් යුත්  පොත් තෝරා දෙන්න.
  • දිනපතා පුරුදු – පොත් කියවීමට දිනපතා නියමිත වේලාවක් යොදා ගන්න. ටෙලිවිෂන් යන්ත්‍රයේ හෝ ටෙලිෆෝනයේ බාධා වලින් තොර නිශ්ශබ්ද ස්ථානයක් මේ සඳහා  සකසා ගන්න. දරුවන්ගේ කියවීමේ රුචිය වැඩි දියුණු කිරීම සඳහා, ඔබේ නිවසේ පොත් පත් සඟරා ආදිය තබා ගන්න
  • ඔවුන් සමඟ ගැවසෙන්න ඔබේ පුංචි පුතා හෝ දියණිය පොතක් කියවන විට, ඔබත් පොතක් ගෙන ඔවුන් සමඟ කියවන්න එකතු වන්න.  ඔබේ දරුවන් ඔබ කියන කරන දෙය අනුගමනය කරන, ඔබේ කුඩා හෙවනැල්ල වන බව අමතක කරන්න එපා!
  • නිරත වන්න ඔබේ පුංචි දරුවන්, පොතක් කියවූ විට, ඔබ ඔහු හෝ ඇය සමඟ එම පොතේ අඩංගු දේ ගැන  සාකච්චා කරන්න. එවිට එම අත්දැකීම නැවත ඔවුන්ගේ සිත් වල පෝෂණය කර ගත හැක
  • විනෝද වන්න ශ්‍රී ලංකාවේ කියවීම ඉතා විනෝදජනක ක්‍රියාවකි. කියවීම තවත් ඉගෙනීමේ කටයුත්තක් නොව, එය ඉතා විනෝදජනක ක්‍රියාවලියක් බව දරුවාට අවධාරණය කරන්න.
  • ත්‍යාග පෙරපාසැල් දරුවෙකුගේ උපන්දිනයකට, මුලින්ම මොන්ටිසෝරි යන දිනයට හෝ වෙනත් විශේෂ අවස්ථාවකදී, පොතක් තෑගි දීම ඉතාම වටිනා  තුටු පඬුරකි.

නවීන ලෝකය ළමුන්ගේ විවේක වෙලාව, ටෙලිවිෂණය, පරිඝනකය සහ වීඩියෝ ක්‍රීඩා නමැති විද්‍යුත් මාධ්‍ය වලින් ග්‍රහණය කර ඇත.  නමුත්, මෙම විද්යුත් උපකරණ වලට, පොතකින් කළ හැකි ඔබේ දරුවාගේ සිතිවිලි උද්දීපනය කිරීම, නිර්මාණශීලිත්වය සහ කල්පනා ශක්තිය වැඩි දියුණු කිරීම වැනි  බලපෑමට වැඩි බලයක් ඇති කළ හැකිද?  තාක්ෂණික විද්‍යාවෙන් ඔබේ දරුවාට බලපෑ හැකි දේට වඩා, තවමත් ඔබේ දරුවාගේ මානසික සහ සමාජීය දැනුම කෙරෙහි පොතකට විශේෂයෙන් බලපෑම් කළ හැකිය.

කියවීම මිනිසෙකු සම්පුර්ණ කෙරේ! මෙය  පැරණි සත්‍යය කියමනකි

readbooks #storybooks #childreadbooks #readingamancomplete

note