Home > දෙමාපිය දැනගැනිම පිණිස > කාන්තාවන්ට පමණයි

mummypages.lk-digital-magazine-march-edition

යුවතියක් පතිකුලයට යන ගමන ජීවන ගමනේ උත්තරීතර මව්පදවියට තබන පළමු පියවරයි. ඇය ගෙදර බුදුන් වන්නට දහසකුත් ප‍්‍රාර්ථනා පිරිය යුතුයි. දිනයේ කාර්ය බහුලත්වය කොතෙක්ද කියා දැනෙන්නේ සැබැවින්ම කාන්තාවන් වන අපටයි. දියණියක්, යුවතියක්, බිරිඳක් මවක් වන විට ඇයගෙන් ගිලිහී යන තාරුණ්‍යය රැුක ගැනීමට පුංචි පිටිවහලක් වෙන්නයි මේ සූදානම. කාන්තාවක් බිරිදක් වූ පසුව සිය සියලූ කැපකිරීම් තම දරුවන් හා ස්වාමියා වෙනුවෙන් කැප කරන්නටදෙවරක් සිතන්නෙ නැහැ. පවුල් සංස්ථාව තුළ භාරදුර රාජකාරි අතර ඔබගේ සෞඛ්‍යය තත්ත්වය හා රූපය ගැනත් සැලකිමත්විය යුතුයි. මන්ද මවක්, බිරිඳක් ලෙස ඔබ පවුලේ කොඳුනාරටියයි. ජීවිතයේ කාල සටහන තුල පුංචි වෙලාවක් හරි ඔබ වෙනුවෙන් වෙන්කර ගන්න අදම උත්සාහ කරන්න. දිනයේ සෑම කෑම වේලකටම කොළ මැල්ලූමක් එක් කරගන්න උදෑසන ආහාර වේල අතපසු කිරීමෙන් වළකින්න ධ්‍යාන්‍ය වර්ග, කිරි ආහාර වැඩිපුර ආහාරයට එක් කරගන්න පිපිඤ්ඤා යුෂ මුහුණේ ආලේප කර විනාඩි 20කින් ඉවත් කරන්න ලෙමන් පෙත්තක් ආලේප කර විනාඩි 15කින් ඉවත් කරන්න (මෙය තෙල් සහිත සමකට හොඳ සත්කාරයක්.)

මෙවැනි පුංචි සත්කාර ඔබ මුළුතැන්ගෙයි වැඩ කරන අතරතුරද කළ හැකියි

මේදය ඔබගේ රුව රැකගැනීමට වැදගත් සාධකයකි. ධාන්‍ය වර්ග, කිරි, මස් ආහාර මගින් ලැබෙන මේදය ඔබගේ සමෙහි දිදුලන ස්වභාවයට අත්වැලකි. හිසකෙස් ,නිය, සම නිරෝගී වේ. හැකිතාක් ක්‍ෂණික ආහාර අවම කරන්න කාන්තාවන් වන ඔබ රුධිරයේ සීනි මට්ටම මෙන්ම කොලෙස්ටරෝල් පිළිබඳ විශේෂ සැලකිලිමත් බවක් ඇති කරගන්න  ශරීරයේ බරට වැඩිපුර බලපාන්න ප්‍රෝටීන්ය. ප්‍රෝටීන රුව රකින රහසකි. එම නිසා දිනකට අවශ්‍ය ප්‍රෝටීන ප‍්‍රමාණය ආහාර වේලට එකතු කරගන්න.  කැල්සියම් බහුල ආහාර වැඩි වශයෙන් ආහාරයට ගන්න. විටමින් D.C.E බහුල  ආහාර නිතිපතා ආහාරයට එක්කර ගන්න (පලා කොළ, එළවළු, පිපිඤ්ඤා, බෝංචි, ධාන්‍ය, වට්ටක්කා ආදිය) යකඩ බහුල ආහාර ආහාරයට එක් කරගන්න.(නිවිති, පළාකොළ, බිත්තර,මස්) කාන්තාවක් වන ඔබ ඉහත කරුණු ගැන වගේම විවේකය, නින්ද, ව්‍යායාම, පිළිබදවත් අවධානය යොමු කරන්න. ඔබ, ඔබ වෙනුවෙන් දක්වන සැලකිල්ල හා උනන්දුව මත වියපත් වන වේගය දිනෙන් දින අවම කර සොඳුරු රුවැති මවක්, බිරිඳක් වන්නට උත්සාහ කරන්න. ලස්සන බිරිදක් මවක් දකින පවුලේ සාමාජිකයන්ද පී‍්‍රතියට පත් වනු ඇත.

#womenfacetips #womenhealthytips #sinhalatips #womenarticleinsrilanka #sinhalaarticle #tips #healthytips

note

You may also like
දත් ඒම, හැපීම, මැලවීම, සහ අසතූටින්, සිටින බබෙක්
උණ ඇති වූ විට පැරසිටමෝල් ලබා දීමේදී මව්වරුන් සැලකිලිමත් විය යුතුයි නේද?
ලංකාවේ ළදරැවන්ට ධනාත්මක විනයක් ඇති කරමු
ඔබත් තයිරොයිඞ් ගැන දැනුවත් ද?
error: Content Protected © mummypages.lk