Home > ගර්භනී > කාන්තාවන්ට අනිසි ලෙස බය උපදවන ප්‍රසව වේදනාව

කාන්තාවන්ට අනිසි ලෙස බය උපදවන ප්‍රසව වේදනාව

mptv-ad

ඔබේ පළමු දරුවාව ලැබීමට බලාපොරොත්තු වීම

ඉතින්, ඔයා අවසානයේදී ඔයාගේ වටිනා වස්තුව පිළිගැනීමට සූදානමින් අන්තිම කාල වකවානුව ගත කරමින් ඉන්නවා.  නමුත් ඔයා දරු ප්‍රසූතිය සම්බන්ධයෙන් අසා ඇති භයානක කතා සහ ප්‍රසූති වේදනාව ගැන බියෙන් තැවෙනවා එයට හේතුව, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් අනවශ්‍ය අයුරින් අන් අයගේ අදහස් විමසන්නට යාමයි.

ශ්‍රී ලංකාවේ බොහෝ අවස්ථාවල, සාමාන්‍ය දරු උපත් ලබා ගැනීමට උපදෙස් දෙනවා. ඔව්, ඇත්තෙන්ම බොහෝ කාන්තාවන්ට දරු ප්‍රසූතියේදී දැඩි වේදනාකාරී තත්වයන්ට මුහුණ පෑමට සිදුවන අවස්ථා තිබෙනවා.

ප්‍රසව වේදනාව යනු ……   ඉතා දැඩි කෙණ්ඩා පෙරලීමක්   හා සමාන මාංශ පේශීන්ගේ ඇකිලීමක් හා සම්පීඩනයක් (තෙරපීමක්) ගැබ් ගෙල මතට, ඉකිලියට, උදරයට සහ පිටුපසට දැනීමයි.  උපත් නාලයේ (යෝනි මාර්ගයේ) ඇදීමක් හා මුත්‍රාශයේ පීඩනයක් ඇතිවීම, දරු ප්‍රසූතියේදී ඇතිවන අනෙක් ක්‍රියාවලියයි.

ප්‍රසව වේදනාව දැනෙන්නේ කෙසේද

මගේ වතුර සහිත බෑගය (Water Bag) කැඩී, එහි දියර එළියට ගලා  ඒමට පටන් ගත් පසු, මාව   වහාම ඉස්පිරිතාලයට ඇතුලත් කළා. මට ඉතා තද වේදනාවක්, හරියටම කියතහොත්, ඔසප් වෙනවිට දැනෙන වේදනාව මෙන් දැනෙන්නට පටන් ගත්තා.  මෙය පැය 2ක් පමණ කාලයක් තිබුණා.  දොස්තර මහතා මගෙන් ඉල්ලා සිටියා  මගේ කකුල් දෙක සෙ. මී. 10ක් පමණ පළල්කරන ලෙස. ඉන්පසු මම බබාව යෝනි මාර්ගය දිගේ ආයාසයෙන් පහලට තල්ලු කිරීමට පටන් ගත්තා.  මාංශ පේශීන්ගේ ක්‍රියාකාරීත්වය සහ මගේ තල්ලු කිරීමත් නිසා, මාව මහත්සේ වෙහෙසට පත් උනා.  නමුත් අවසානයේදී මගේ කකුල් දෙක අතරින් යම් ද්‍රව්‍යයක් වේගයෙන් ගලා යාමක් වැනි දෙයක් මට දැනුනා.  ඊට මද වෙලාවකට පසු, ඉතා ආශ්චර්යමත් කෑ ගැසීමක් අසුනා.  එම මොහොත මට සදාකාලයටම අමතක වෙන්නේ නැහැ.

දැනීම, ඇසීම, ස්පර්ශ කිරීම සහ ආදරය

ඔව් ! ප්‍රසූති වේදනාව සමහරුන්ට තිබෙන්නේ ඉතා කෙටි වෙලාවක් වුවත්, සමහරුන්ට එය ඉතා දරුණු ලෙස පවතී.  අපට දැනෙන්නේ එම වේදනාව අපේ ශරීරය බාර ගන්නා ලෙසයි.  අපි දන්නවා බබා අපේ ශරීරයෙන් එලියට ඒමට ලැහැස්තියි කියලා .  බයත්, ආශාවත් එකවිට අපව වෙලා ගන්නවා.  දොස්තර මහතා, හෙද හෙදියන් සහ අසරණ වූ සැමියා, අපව උනන්දු කරවනවා.  අපිට බබා තල්ලු කළ යුතු වෙලාව කියනවා.

ඔබට ප්‍රසූති වේදනාව දැනුන විටම හිතෙන්නේ ඔබ මෙහි පැය ගණනක් සිටියා වැනි හැගීමක්.  ඔබ අතිශයින් වෙහෙසට පත් වෙලා.  නමුත් මතක තියා ගන්න, බබත් ඉන්නේ තැති ගැන්විලා .  මොකද කියනවානම්, ඔහු ඉතා ආරක්ෂාකාරී ස්ථානයකින් පිටවෙලා  ඔබ ලඟට එන්නේ ආදරය සහ ආරක්ෂාව බලාපොරොත්තුවෙන්.

අවසානයේ බබා යෝනි මාර්ගයෙන් එළියට එනවිට, ඔබට ඉතා දැඩි වේදනාවක් දැනෙන්නේ, යෝනි මාර්ගයේ ඇදීම (විශාල වීම) නිසයි.

ඒ සමගම ඇසෙන බබා අඬන ශබ්දය නිසා, එතෙක් තිබූ සියලු වේදනාවන් පහව යයි.  ඒ ඔබ මවක් බවට පත් වූ නිසයි.  රෙදි වලින් එතූ දරුවා හෙදිය විසින් ඔබගේ දෑතට දුන් විට,  බබාගේ සුවඳ ඔබේ නාස්  පුඩු මත තැවරුණ විට, ඔබේ මුළු ජීවිත කාලයටම ලැබෙන සතුට, ආදරය සහ චමත්කාරය තමයි, ඔබ විඳි වේදනාව වෙනුවෙන් ලැබෙන දායාදය කියා ඔබට හිතේවි.

ශ්‍රි ලංකාවේදී දරු ප්‍රසූතියකට ලැහැස්ති වීම

කාන්තාවනි, ප්‍රසූති වේදනාව අඩු කරගැනීමට සූදානම් වන්න.  ඒ සඳහා දැනුවත් කරන පන්ති වලට සහභාගී වන්න.  ඒවායේ උගන්වන්නේ ව්‍යායාම්  කරන ආකාරය සහ ඔබ බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද කියායි.  ශ්‍රී ලංකාවේ භාවිතා කරන වේදනා නාශකයක් ඔබට දොස්තර මහතාගෙන් ඉල්ලිය හැකිය.  බය අමතක කර, බබාගේ පැමිණීම සම්බන්ධ ආශ්චර්යමත් දේවල් වලින් සිත පුරවා ගන්න.  මතක තියාගන්න, ප්‍රසූතිය පිලිබඳ බියට හිස ඔසවන්න ඉඩදෙන්න එපා.  අලුත් ජීවියා සහ ඔබ බලාපොරොත්තු වන ආදරය පිලිබඳ මතකයන් පමණක් අවදි කරන්න.

සුභ දරු ප්‍රසූතියකට !

#paininthepelviclegduringpregnancy #duringpregnancy #pregnancy #pregnancycare

notice.png low

You may also like
ඔබ රැකියාව කරන විට ඔබේ සෞඛ්යෙ සුරැකීම
ගර්භනී අවස්ථාවේ ගත යුතු විටමින් සහ අමතර පරිපූරක
මත්පැන් සහ බෙහෙත්
මාතෘත්වය වෙනුවෙන් ලබා දෙන නිවාඩු යනු මොනවාද?