Home > අධ්‍යාපනය > ක්‍රිඩාවෙන් ජිවිතයට පාඩමක්

ක්‍රිඩාවෙන් ජිවිතයට පාඩමක්

සුජී දරු දෙදෙනාගේ දිවා ආහාරය ලැහැස්ති කරන අතරතුරේ, ඇගේ දරු දෙදෙනා කොහේද කියා බැලුවා. ඇගේ 10 හැවිරිදි දුව, පිහිනුම් ඇඳුම් ලැහැස්ති කරන අතර, ඇගේ මල්ලි ක්‍රිකට් සෙල්ලම් කරනවා.  ඔවුන්ගේ වෑන් රථය එනතෙක්, ඔවුන්  කාලය හොඳින් ප්‍රයෝජනයට ගන්නවා!  දෙදෙනාම ඉතා උනන්දුවෙන් ඔවුනොවුන්ගේ වැඩ කටයුතු කරනවා.

“මම අද ඔයාලව පුහුණු වීම් වලින් පස්සේ එක්ක යන්න එන්නම්” යයි සුජි ඇගේ දරුවන්ට සමු දෙන ගමන්  කිවුවා.

සෑම දෙමව්පියෙක්ගේම අරමුණ නීරෝගිමත් සහ සතුටුදායක දරුවන් ලැබීමයි.  ක්‍රීඩා කිරීම එයට සුදුසුම ක්‍රියා මාර්ගයයි. එය ඔබේ දරුවාට ක්‍රියාකාරී වීමටත්, සතුටු වීමටත්, නීරෝගිමත් වීමටත් අවස්ථාව ලබා දෙන නමුත්, අවාසනාවකට ශ්‍රී ලංකාවේ බොහෝ මව්පියවරුන් ක්‍රීඩාවේ ඇති වටිනාකම නොදනී.

  • භෞතික ශරීර සනීපය

ශ්‍රී ලංකාවේ දරුවන්ට ක්‍රීඩා වල නිරත වීමට අවකාශය සැලැස්වීමෙන්, ඔවුන් ශක්තිමත් වන අතර, ශරීරයේ බර ප්‍රමාණය නිසියාකාරව පාලනය කර ගැනීමට පෙළඹේ.  ක්‍රීඩාවන්හි නිරත වන ළමුන් නිරෝගීව සිටීමේ අවශ්‍යතාවය හොඳින් වටහා ගන්නා අතර, එය ජීවිත කාලය පුරාවටම ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමට උදව්වක් වේ.

  • මානසික සෞඛ්‍ය

ක්‍රීඩාව, දරුවන්ගේ සිත ඒකාග්‍රතාවයකට පත් කර ගැනීමට, තම ප්‍රශ්න ලිහිල් කර ගැනීමට සහ නිර්මාණාත්මක සිතිවිලි ඇති කර ගැනීමට ඉවහල් වේ. තවද, එය සාමුහික අත්දැකීම් සහ එක්ව ගොඩ නඟා ගන්නා ජයග්‍රහණ වලටද, මඟ පාදයි.එය දරුවාගේ ආත්මාභිමානය සහ විශ්වාසය ගොඩ නඟා ගැනීමට ශක්තිය ලබා දෙනු ලැබේ.

  • සාමාජීය නිපුණතාවය

ඔබේ දරුවා අළුත් පුදගලයන් ඇසුරු කිරීමට සහ ඔවුන් සමඟ සමඟින් වැඩ කිරීමට හුරු වීමෙන්,ඔහුගේ/ඇයගේ පුද්ගල කුසලතාවයන් වැඩි දියුණු වී, කණ්ඩායමක් වශයෙන් එකමුතුව වැඩ කිරීමට සමත් වේ.

  • පෙළඹවීම

එය තම අභිප්‍රාය ක්‍රියාවේ නැංවීමට සහ සාර්ථක කර ගැනීමට පොළොඹවනු  ලැබේ.

  • ශාස්ත්‍රීය ඥානය වැඩි දියුණු කිරීම

ළමුන් තම පාසැල් කටයුතු සහ ක්‍රීඩා කටයුතු සමබරව කරගෙන යාමට ඉගෙන ගනී.  ක්‍රීඩා කෞශල්‍යත්වය නිසා කාලය ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට සහ වැඩ කටයුතු නියමාකාරයෙන් සංවිධානය කර ගැනීමට උත්සුක වේ.  ක්‍රීඩාවේ කැපී පෙනෙන කොටස වනුයේ, කැපවීම, මහන්සි වී වැඩ කිරීම සහ නිරන්තර පුහුණු වීම යන කරුණු වේ.  මෙම සිද්ධාන්ත ඔවුන්ගේ ඉගෙනීම් කටයුතු කෙරෙහිද යොදා ගත හැක.

  • ගුණ දොස් විවේචනය

ක්‍රීඩාවේ යෙදෙන ළමුන්, ගුණ දොස් විවේචන වලට හොඳින් මුහුණ දීමට ඉගෙන ගනී.  එමඟින් තම අඩුපාඩු සකසා ගැනීමටද උත්සහ දරයි.

  • හොඳ හික්මීම

ක්‍රීඩාවේ යෙදෙන ළමුන්ට අන් ළමුන්ට වඩා, මානසික ආතතිය හොඳින් පාලනය කර ගැනීමට  හැකියාවක් ඇති බව සමීක්ෂණ මඟින් පෙන්වා දී ඇත.  ඔවුන් හොඳ හික්මීමෙන් යුත් හැසිරීමෙන් යුක්ත වන විට, වැරදි මාර්ගයන්ට අවතීර්ණ වීමේ අවස්ථාවන් අඩුවේ.

  • තරඟ දිනීම

මෙම ළමුන් යම්කිසි පරමාර්ථයක් අනුව ක්‍රියා කරනු ලැබේ. ඔවුන් අවදානම් තත්වයන්ට හොඳින් මුහුණ දී,  සැලැස්මකට අනුව ක්‍රියා කර, තම ක්‍රීඩාවේ දිනුම් කණුව කරා ලඟා වීමට ප්‍රයත්න දරුණු ලැබේ.

දරුවන්ගේ විනෝදය සඳහා, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය භාවිතා කිරීමත්, පාසැලේ විභාග වලින්  වැඩි ලකුණු ප්‍රමාණයක් ගැනීම පිලිබඳවත්, දරුවන් සහ දෙමව්පියන්ගේ අවධානය යොමු වන අතර, ක්‍රීඩාවන් කෙරෙහි යොමු වීම අඩු මට්ටමක පවතී. ශ්‍රී ලංකාවේ බොහෝ දෙමව්පියන් දරුවන් ක්‍රීඩා කෙරෙහි යොමු නොකරන්නේ, එයින් දරුවන්ගේ මනස ඉගෙනීම් කටයුතු කෙරෙහි යොමු නොවේ යැ’යි  ඇති අස්ථාන බිය නිසාය. නමුත්, ඔබේ දරුවා ක්‍රීඩාවන් කෙරෙහි යොමුවීම නිසා ඔහුගේ/ඇයගේ අධ්‍යාපනයට කිසිදු අසාධාරණ බලපෑම් ඇති නොවේ.

දරුවාගේ වැඩීමට, ක්‍රීඩා සහ අනෙකුත් ශාරීරික ක්‍රියාවන් අත්‍යවශ්‍යය.  ක්‍රීඩාවන් මාර්ගයෙන් ඔවුන් ජීවිතයට අවැසි බොහෝ දේ ඉගෙන ගනී.  එමනිසා, ඔබේ කනිෂ්ඨයන් හට වීරයන් වීමට අවස්ථාවක් ලබා දෙන්න!

#kidstime #kidsplaytime #helath #sports #childrenarticleinsrilanka

note

error: Content Protected © mummypages.lk