Home > දෙමාපිය දැනගැනිම පිණිස > ක්ෂයරෝගය යනු කුමක්ද?

ක්‍ෂයරෝගය යනු  ලෝකයේ ප්‍රමුඛ පෙලේ තිබෙන  මාරාන්තික රෝගයක් වේ.  ක්‍ෂයරෝගය ආසියාවේ සහ අප්‍රිකාවේ වැඩි මරණ සංඛ්‍යාවකට තුඩු දෙන රෝගයක් බව සමීක්ෂණ වලින් සොයාගෙන තිබේ.  ශ්‍රී  ලංකාවේ මෙම රෝගය පැතිරීමේ බොහෝ සෙයින් වැළැක්වීමට ප්‍රයත්න දරණ නමුත්, දැනටත් 10,000කට අධික කාන්තාවන් ප්‍රමාණයක්  මෙම රෝග්‍ය නිසා ජීවිතක්ෂයට පත් වේ.  විශේෂයෙන් ගර්භණි මව්වරුන් සහ උත්පාදන වයසේ සිටින කාන්තාවන් (වයස  15 – 44 දක්වා) මෙම රෝගයෙන් මරණයට පත් වේ.

ක්ෂය රෝගය යනු කුමක්ද?

ක්‍ෂයරෝගය (ටීබී යනුවෙන් ද හඳුන්වනු ලැබේ)  වාතය මඟින් පැතිරෙන රෝගයකි.  මෙම රෝගය බෝවන්නේ  බැක්ටීරියාවක් මාර්ගයෙනි.  මෙම  රෝගය වැළඳුන තැනැත්තෙක් ගේ කැස්ස, ප්‍රශ්වාස හෝ කිඹුහුන් මාර්ගයෙන් ඉතා කුඩා බැක්ටීරියා අංශු වාතලයට මුසු වේ.  මෙම කුඩා අංශු නීරෝගී පුද්ගලයෙකුගේ ශරීරයට  ආශ්වාස මඟින් ඇතුල් වූ පසු, ඒවා ඔහුගේ/ඇයගේ පෙනහළු මාර්ගයෙන් රුධිරයට හෝ වසා ග්‍රන්ථි තුලට යනු ලැබේ.  සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සේ නොව, ක්‍ෂය රෝගය බෝවන්නේ, එය බොහෝ කාලයක් ආසාධිත තත්ත්වයේ සිටි පුද්ගලයෙකුගෙනි.

කාන්තාවන්ගේ ක්ෂය රෝගය

කාන්තාවන් මෙම රෝගයට වැඩි වශයෙන් ගොදුරු වන බව වාර්ථාවල සඳහන් වේ.  පහත සඳහන් කරුණු මත ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට මෙම රෝගය වැළඳීමට ඇති ප්‍රවනතාවය වැඩිය.

පෝෂණ ඌනතාවය, අඩු සනීපාරක්ෂක  පහසුකම්, අඩු සෞඛ්‍ය පහසුකම්  සහ ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකිරීම තෙත් සහිත දේශගුනයේදී ටීබී බැක්ටීරියාවේ වර්ධනය ඉතා පහසුවෙන් සිදුවේ.  ශ්‍රී ලාංකික  මව්වරුන් අඩු වාතාශ්‍රය ඇති සහ දුම් සහිත මුළුතැන්ගෙවල්වල  බොහෝ වෙලාවක් ගත කරන බැවින් ඔවුන්ට මෙම රෝගය පහසුවෙන් වැළඳේ.   මූලිකව ටීබී බැක්ටීරියාව පෙණහළු ආක්‍රමණය කළත්, අනෙකුත් අවයව ද මෙම රෝගය මඟින් ආසාදනය වේ.  කාන්තාවන්ගේ  ප්‍රජනන ඉන්ද්‍රීන් මෙම රෝගයට පහසුවෙන් ගොදුරු විය හැක.

ටීබී රෝගයේ මූලික ලක්ෂණ   

පහත සඳහන් රෝග ලක්ෂණ ඔබේ ශරීරයේ ඇත්නම්, වහාම ඒ හා සම්බන්ධ වෛද්‍යවරයෙකු මුණ ගැසීම ප්‍රඥාගෝචර වේ.

  • එක දිගට පවතින කැස්ස (සති තුනකට වඩා)
  • කැස්ස සමඟ රුධිරය පිටවීම
  • ශරීරයේ බර අඩුවීම
  • අධික මහන්සිය
  • හුස්ම ගැනීම අපහසු වීම
  • ආහාර අරුචිය
  • ඔක්කාරය
  • රාත්‍රියේදී බොහෝ දහඩිය දැමීම

ඔබේ වෛද්‍යවරයා ඔබට ක්‍ෂයරෝගය වැළඳී ඇත්දැ’යි අධීක්ෂණය කිරීම සඳහා ඔබගෙන් නොයෙකුත් ප්‍රශ්න අසා, ඔබේ සෙම (ශ්ලේෂ්මල), රුධිරය සහ/හෝ සම සම්බන්ධ නොයෙකුත් පරීක්ෂණ ද, (එය හඳුන්වන්නේ මැන්ටු පරීක්ෂණය නමිනුයි –     සමහරවිට, ඔබට ලය පරීක්ෂණයක් කිරීමට ද, ඉල්ලා සිටිනු ලැබේ.

ක්ෂය රෝගය සහ ගර්භණී භාවය

ශ්‍රී ලංකාවේ වෙසෙන ක්‍ෂයරෝගය සඳහා ප්‍රතිකාර නොගත් ගර්භණී මව්වරුන් බොහෝ වේලාවට බිහි කරනුයේ නියමිත බර ප්‍රමාණයෙන් අඩු දරුවන්, නියමිත ලෙස නොවැඩුණු දරුවන්, ගර්භයේදීම මැරුණු දරුවන් සහ බොහෝ විට ඉපදෙන විටම මරණයට පත්වන දරුවන් වේ.  තවද, ඔවුන්ගේ ක්ෂය රෝගය ඔවුන්ගේ බිළිඳුන්ට ද  බෝවේ.

කළින් රෝගය හඳුනාගත් කළ, එය පහසුවෙන් සුව කළ හැකි රෝගයකි.  ඔබ ක්ෂය රෝගය සඳහා වූ   ප්‍රතිකාර නිසි පරදි, යම් කාල පරාසයක් තුල නොකඩවා ගැනීමෙන් මෙම රෝගය සම්පූර්ණයෙන් සුව කර ගත හැක.     ඔබ ගර්භණී අවස්ථාවේ සිටියදී, ක්‍ෂයරෝගය සඳහා ප්‍රතිකාර ගැනීමෙන්, එයින් බබාට අතුරු ඵල ඇති වෙන බවට දැනගත හැකි සිද්ධාන්ත නොමැත.  ඔබ ක්ෂය රෝගය සඳහා නොකඩවා ප්‍රතිකාර ගැනීම නිසා, ඔබේ බබා ගර්භයේ සිටියදී හෝ ඉපදුනු පසු, ඔහුට/ඇයට මෙම රෝගය වැළඳෙන බවට සාක්ෂි නොමැත.  බබාට මව්කිරි දෙන කාල සීමාවෙදී ද, ඔබ එම ප්‍රතිකාර නොකඩවා ගත යුතුය.  ඔබේ බබා එම රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ නම්, බබා ඉපදුන කාල සීමාවේ සිට, ඔබේ බබාටත් එම රෝගය සඳහා නියමිත ප්‍රතිකාර කරනු ලැබේ.  ඔබේ බබාට ක්‍ෂය රෝගය වැළඳී නොමැති නම්, එම රෝගයෙන් වැළැක්වීම සඳහා නියමිත එන්නත් ලබා දෙනු ලැබේ.

“ඔබත්, ඔබේ බබාත් මෙම රෝගයෙන් වැළකීම සඳහා, ධනාත්මක ආකල්ප, සහ නියමිත වෛද් ප්රතිකාර සහ සෞඛ් සම්පන්න ජීවන රටාවක් අනුගමනය කරන්න”

#cough #Healthcare #myfamily #tuberculosisandpregnancy

note

You may also like
ගර්භණීභාවය පවුලක සතුට වැඩිකරයි
දියවැඩියාව ගැන ඔබ දැනුවත්ද?
අර්ශස් රෝගය ගැන ඔබ දැන ගත යුතු දැ
නිවසේ වැඩ කටයුතු වලට ඔබේ ස්වාමි පුරුෂයා සහ දරුවන් සහභාගි කරගැනීම