Home > ගර්භනී > කළල අවස්ථාවේ දී මොළයේ වැඩීම

කළල අවස්ථාවේ දී මොළයේ වැඩීම

ad-banner2

Infant brain growth

ඔබේ බබාගේ මොළයේ වැඩීම ගර්භයේ සිටිද්දීම සිදුවන සංසිද්ධියක් හෙයින්, එය ඉතා වැදගත් අංගයක් ද වේ.  දරුවාගේ මොළයේ ක්‍රියාකාරිත්වය මත, ඔහුගේ/ඇයගේ පෞරුෂක්වය රැඳී පවතී.

ඔබේ බබා සම්පූර්ණ දින ගණනට පෙර ලැබීම නිසා, ඔහුගේ/ඇයගේ ඥානාන්විත භාවය, මොළයේ නිසියාකාර වැඩීම ආදියට බාධාවක් සිදුවේ.  එමනිසා, ඔබේ බබාගේ මොළයේ නිසියාකාර වැඩීම පිළිබඳව දෙමව්පියන් වශයෙන් ඔබ දැනුවත් වී සිටිය යුතු අතර, ඇතිවන යම් යම් බාධා මඟ හැරවීමට අවශ්‍ය නිසි ප්‍රතිකර්ම පිළිපැදිය යුතුය.

ඔබේ බබාගේ මොළයේ (ප්‍රාග් ප්‍රසවකාලයේ) වැඩීම සඳහා මුල්වන කරුණු :

brain new

  • දෙමව්පියන්ගේ වයස අවුරුදු 40 හෝ ඊට වැඩි වයස් කාණ්ඩවල සිටින දෙමව්පියන්ගේ දරුවන්ට, ඔවුන්ගේ, මුහුණේ සහ හිස් කබලේත්, ස්වෙච්චතාවය සඳහා බලපාන බව පරීක්ෂණවලින් සොයාගෙන ඇත.
  • නොමේරු දරු උපත් දින ගණන් සම්පූර්ණ වීමට පෙර සිදුවන දරු උපත් (සති 37 සහ සති 38 ට පෙර) නිසා, සති 39, 40 හෝ 41 සම්පූර්ණ දරුවන්ට වඩා නොයෙකුත් ආබාධ තත්ත්වයන් ඇති විය හැක.
  • පෝෂ් පදාර්ථ අඩුවීම කැල්සියම්, ඛනිජ ලවණ, අයඩීන් සහ අනිකුත් අවශ්‍ය විටමින් වර්ග අඩු වීම නිසාද, දරුවන්ගේ ඉගෙනීම කෙරෙහි නොයෙකුත් බලපෑම්, භාෂාව ඉගෙන ගැනීමට ඇති දුර්වලකම්, හැසිරීමේ දුර්වලකම්, කාර්යශීලී බවේ අඬු ලුහුඬුකම් ආදිය ඇතිවේ. කළල අවස්ථාවේ දී මොළයේ වැඩීම සඳහා තයිරොයිඩ් හෝර්මෝනය සැදීම සඳහා අයඩීන් අත්‍යවශ්‍ය වේ.  ඛනිජ ලවණ, කළලයට ඔක්සිජන් ගෙන යාම සඳහා රතු රුධිරානු සැදීම සඳහා අවශ්‍ය වේ.  මෙය අඩු වීමෙන්, කළල අවස්ථාවේ දී  මොළයේ වැඩීම සහ ශරීරයේ වැඩීමට ද, බාධා ඇති වේ.
  • ෆෝලික් ඇසිඩ් ෆෝලික් ඇසිඩ් කොළ පැහැ’ති එළවලු, බෝංචි, බ්‍රෝකොලි, සිට්ට්‍රස් අම්ලය සහිත පලතුරු, පීකුදු ආදියේ අන්තර්ගත වේ. කෙසේ නමුත්, මේවායේ ඌනතාවය නිසා බබාගේ ස්නායු ආබාධ සහ සුෂුම්නාවේ ආබාධ ඇතිවීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.
  • වේදනානාශක ඖෂධ වර්ග ගර්භණී මව්වරුන් ඕනෑම බෙහෙත් වර්ගයක්, විශේෂයෙන් මුල් තුන් මස තුළ පානය නොකළ යුතු බවට නීතියක් ලෙස පිළිපැදිය යුතුය.  සාමාන්‍ය ප්‍රතිජීවක වන ඇස්පිරීන් මඟින් මොළය තුල රුධුරය ගැලීමක් ඇති විය හැක්කේ, එම ඖෂධ වර්ගය මඟින් ලේ කැටි ගැසීම වළක්වන හෙයිනි.
  • මවගේ මානසික මට්ටම කළලයේ සංවේදීතාවයට මවගේ මානසික මට්ටම බලපායි.  එමනිසා, ගර්භණී මාතාවක් නිතරම සතුටින් සහ පීඩාකාරී තත්වයන්ගෙන් ඈත්විය යුතු වේ.
  • දුම්පානය දුම් පානය මගින් රුධිර නාලිකා වලට මහත් සේ පීඩා කළ හැක. ලේ ගමනාගමනය අඩු කිරීම, වැදෑමහට ආහාර සැපයීම අඩු කිරීම, මොළයේ සෛලවලට සහ වැඩීමේ ක්‍රියාකාරිත්වයට බලපෑම් එල්ල කරනු ලැබේ.
  • මත්ද්රව් (මත්පැන්)–  මත්පැන් පානය කිරීම නිසා, බාබා මත්වීමටත්, එමගින්, දරුවාගේ බුද්ධියේ වර්ධනය, අවධානය අඩු කිරීම, මතක ශක්තියේ දුර්වලතාවයන්, ආවේගශීලී හැසිරීම, ක්‍රියාකාරිත්වයේ දුර්වලතාවයන් ද, ඇති කරනු ලැබේ.
  • රුබෙල්ලා සහ ජර්මන් සරම්ප මෙම රෝග මඟින්, ඉතා දැඩි මානසික අසංවරතාවයන්, ඇසීමේ දුර්වලතාවයන් සහ බිළිඳුන්ගේ ඇස්වල කාච පටලයට හානි ද සිදු විය හැක.

දරුවාගේ මොළයේ වර්ධනය සඳහා අවශ් වන කරුණු :

  • දරුවා ඉපදීමට පෙර සිටම ආදරය සහ කරුණාව දැක්වීම
  • පෝෂ්‍යදායක ආහාර සහ නියමිත ශරීර බර පවත්වා ගෙන යාම
  • සුදුසු ව්‍යායාම්
  • නිස්කලංකව සිටීම
  • අධික පීඩනකාරී අවස්ථා මඟ හැර සිටීම
  • බබාට ආදරයෙන් කතා කිරීම
  • මඳ සංගීතය

ගර්භණී මව්වරුන්ට  වඩාත්ම අත්‍යවශ්‍ය වන්නේ විවේකීව සිටීමත්, ගර්භනී අවස්ථාව සතුටින්  ගත කිරීමත් වේ!

#pregnantwomen #duringpregnancy #pregnancymother #pregnancytime

note

You may also like
Travel During Pregnancy
Those Dreaded Labor Pains & Final Reward
Vitamins and Supplements During Pregnancy
ඔබත් රැකියාවට යන මවක් ගර්භනී මවක්ද ?