Home > ගර්භනී > ඔබ රැකියාව කරන විට ඔබේ සෞඛ්යෙ සුරැකීම

ඔබ රැකියාව කරන විට ඔබේ සෞඛ්යෙ සුරැකීම

ඔබ ගර්භනී අවස්ථාවේ සිටින විට රැකියාවක නියුතු වීම

බොහෝ ගර්භනී කාන්තාවන්, ඔවුන්ගේ ගර්භනී කාලය පුරා රැකියාවල නියුතු   වේ.   ඔබට යම්කිසි ආකූල තත්ත්වයක් නිසා නිවසේ විවේකීව සිටීමට උපදෙස් දී නැත්නම් හෝ ඔබේ රැකියාව ඔබේ බබාගේ සෞඛ්‍යයට තර්ජනයක් නොමැති නම්, ඔබ ගර්භනී අවස්ථාවේදී රැකියාවක නියුතු වීම සාමාන්‍ය දෙයකි.  පහත සඳහන් අවදානම් තත්ත්වයන්ගෙන් යුත් රැකියාවක ඔබ නියුතු වන්නේ නම්, ඔබ ඔබේ රැකියා ස්ථානයේ ප්‍රධානියා සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කර, ඔබේ වගකීම් පිළිබඳව වෙනත් විකල්ප මාර්ගයන් සඳහා පිළිවෙළක් ඇති කර ගත යුතුය.

  • බරින් වැඩි ද්‍රව්‍ය ඉසිලීමට තිබේ නම්
  • බොහෝ වෙලාවක් හිටගෙන හෝ හිඳගෙන සිටිමට සිදු වේ නම්
  • දවස තුල දීර්ඝ කාලයක් රැකියාවේ යෙදී සිටීමට සිදු වේ නම් (සාමාන්‍යයෙන් පැය 8 – 9 කට වැඩි කාලයක්)
  • රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම සිදු වේ නම්
  • නිරතුරුව රැකියාව හා සම්බන්ධ වෙහෙසකාරී ආතතියකින් පෙළීමට සිදු වේ නම්
  • නිරතුරුව දිගු ගමන් යාමට සිදුවේ නම්

ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව සමඟ ඔබේ රැකියාවේ ඇති ප්‍රකෘති ස්වභාවය පිලිබඳව පවසා, ඒවායින් ඔබේ බබාගේ සෞඛ්‍ය කෙරෙහි  යම්කිසි අයුරකින් බලපෑම් ඇතිවේදැ’යි  දැනගන්න.  එසේ යම් අවධානමක් ඔබේ බබාට බලපායි නම්, ඔබේ සේවායෝජකයා ඔබට දැනට හිමි සියළු නියමයන් සහ කොන්දේසි සහිතව ඔබේ රැකියාව හා සමානම වෙනත් විකල්ප කටයුත්තක් පැවරිය යුතුය.  එසේ නොමැති නම්, ඔබට පඩි සහිත නිවාඩු ලබා දිය යුතු අතර, එම නිවාඩු ඔබට බබා ලැබුණු පසු ලබා දෙනු ලබන මාතෘත්ව නිවාඩු වලින් අඩු කළ නොහැක.  (මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවතෙන නීති මාලාව පරීක්ෂා කරන්න.)

ගර්භනී කාලය  තුල ඔබේ රැකියා කටයුතු පාලනය කිරීම

ඔබ නිරතුරුව මේ කාලය තුල වෙහෙසට පත් වන අතර, ඔබ රැකියාවේ නියුතු වන අතරතුර වැඩි විවේකයක් අවශ්‍ය වේ.  ඔබේ සේවායෝජකයා ඔබට යම් නම්‍යසුළු විසඳුම් ලබා දෙනු ලැබේ.  උදාහරණයක් වශයෙන්, දිනපතා වාහන ගමනාගමනය ඉතා උස් මට්ටමක පැවතෙන කාලය තුල, ඔබ ඉතා විඩාවට පත්වන බැවින්, ඔබට පහසුවෙන් ගමන් කළ හැකි කාල වේලාවක් ඒ වෙනුවට ලබා දෙන ලෙස හෝ, ඔබ මාතෘත්ව නිවාඩුවෙන් පසු රැකියාවට පැමිණි පසු ඒ වෙනුවට වැඩ කිරීමට හැකිදැ’යි ඔබේ සේවායෝජකයාගෙන් අසන්න.  තවද, ඔබේ වැඩ වලින් කොටසක් නිවසේදී නිම කිරීමට හැකිදැ’යි ඔබට ඔබේ ප්‍රධානියාගෙන් විමසිය හැකිය.

ඔබ ගර්භනී අවස්ථාවේ සිටින අවධියේ, රැකියා කටයුතු සහ නිවසේ එදිනෙදා කටයුතු එකවර කිරීම ඉතා අපහසු කාර්යයකි.  ඔබේ සහකරු, ඔබට තවත් දරුවන් සිටී නම්, ඔවුන්ද, ඔබේ පවුලේ අනිකුත් සාමාජිකයින්ද ඔබේ නිවසේ වැඩ කටයුතු කිරීම සඳහා උදව් කරගන්න.  ගර්භනී අවස්ථාවේදී, නිවසේ ඇති බාහිර සහ  අනවශ්‍ය කටයුතු වලින් මඳක් බැහැරව සිටින්න.  ඔබ රැකියා ස්ථානයෙන් නිවසට පැමිණි විට, ඔබ වෙනුවෙන් සහ ඔබේ බබා වෙනුවෙන් මඳක් විවේකීව සිටින්න.

 #pregnancy #pregnancycare #pregnancywomen #pregnancytime #pregnancypain #officetime #pregnancyarticleinsrilanka #mothercare 

note

You may also like
Ready For Delivery With My Bounty Bags
Physical Changes During Pregnancy
නීරෝගී ගර්භනී අවස්ථාවක් ගත කිරීමට අවශ්ය ආහාර රටාවක්
පියයුරු පිළිකාවේ ප්‍රධාන අවදානම
error: Content Protected © mummypages.lk