Home > Latest Articles > ඔබ බබා සමඟ මුල් අවධියේ සම්බන්ධතාවය ඇති කර ගන්නේ කෙසේද ?

ඔබ බබා සමඟ මුල් අවධියේ සම්බන්ධතාවය ඇති කර ගන්නේ කෙසේද ?

මගේ පුංචි පැටියා සමග ඇතිවන මුල් සම්බන්ධතා

ඔබේ බබාගේ පළවෙනි සම්බන්ධතාවය ඇති වන්නේ ඔබ සහ ඔබේ සහකරුවා සමඟ වේ. ඔබ බබා සමඟ මුල් අවධියේ ඇති කර ගන්නා  සම්බන්ධතාවය බබාගේ ජීවිතයේ විශේෂ සංධිස්ථානයක් වන බව සිතට ගන්න.  එමඟින් බබාගේ පෞරුෂත්වය සහ සාමාජීය නිපුණතාවය ඇතිවන බව වටහා ගන්න.

බබාව හුරතල් කිරීමෙන් සහ මෘදු ලෙස ස්පර්ශ කිරීමෙන් ඔබ සහ බබා අතර සාමාජීය බැඳීමක් ඇති වේ.

බබාලා ඇසට ඇස සම්බන්ධතාවයට කැමතිය. ඔබ බබාට මව් කිරි දෙන විට සහ කතා කරන විට බබා ගේ දෑස දෙස බලන්න.  මෙනිසා ඔවුන්ට ධෛර්යයක් ඇතිවන අතර, පහසුවක්ද දැනේ.

ඔබේ බබා සමඟ සිනාසෙන්න. එයින්ද, බබාට සිතට ධෛර්යයක් සහ ගතට පහසුවක් දැනේ.  තවද, ඔබේ දරුවා ඔබගෙන් සාමාජීය ක්‍රියාවක් ඉගෙන ගනී.

සමස්ථයක් වශයෙන් බබාගේ සම්පූර්ණ සාමාජීය වර්ධනයට ඔබේ සහ ඔබේ සහකරුගේ බබා සමඟ ඇති සම්බන්ධතාවය ඉතා ඇදගත් මෙහෙයක් ඉටු කරනු ලැබේ. එයට හේතුව බබාගේ මුල් අවධියේදී, බබා වැඩි වශයෙන් කාලය ගෙවන්නේ නිවස තුල සිටින පිරිස, විශේෂයෙන් මව සහ පියා සමඟ වීමයි.  බබා, අඩුම තරමේ ඔහුගේ පියා සමඟද දිනකට පැයක් පමණ කාලයක්වත් ගත කළ යුතුයි.

ඔබේ බබා ඉදිරිපිට තර්ක විතර්ක සහ කෝලාහල ආදියට පැටලෙන්න එපා. කුපිත වූ වචන නිසා බබා පීඩාවට පත් විය හැක.  බබාලාට මුල් අවධියේ සිටම අවිහිංසවාදී හැඟීම් ඇති කිරීමට සහ කතා බහට  හුරු කරන්න.


බබාව ඔබේ හදවත ළඟ තබාගෙන ඔහුට/ඇයට ඔබේ හෘද ගැස්ම අසන්නට සලස්වන්න.  මෙය බබාව පහසුවට පත් කරයි.

#baby #babyandmother #newbornbaby #babyandmotherrelationship

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය
මමිපේජස්   යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න.  මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

 

You may also like
බබා නින්දට යොමු කරන්නේ කුමන වෙලාවටද ?
උපතට පෙර සිට සාමාජීය පෙරහුරුව
ඔබට සහ ඔබේ බබාට නව තාක්ෂණය
නල දරු උපතක් යනු කුමක්ද ?