Home > දෙමාපිය දැනගැනිම පිණිස > ඔබ දැඩි මවක් හෝ පියෙක්ද?

ඔබ දැඩි මවක් හෝ පියෙක්ද?

“ඔයාගේ කාමරය පිරිසිදු කර ගත්තාද?” කියා නිමල් තම පුතා, මහේෂ්ගෙන් විමසුවා.  “ඔව් තාත්ති” කියා මහේෂ් ඉතා සෙමෙන් උත්තර දුන්නේ, ඔහුගේ තාත්තා ඔහුට බැන වදීවි කියා බියෙන්.   “ඔයා කියන්නේ ඇත්තද?” යි අසමින්   නිමල්, පුතාගේ කාමරයට එබී බැලීමට ගිය විට, තාත්තා එහි වරදක් දැක තමන්ට ගහයිද, සැර වැර කරාවිද කියා මහේෂ් වෙවුලන්නට පටන් ගත්තා.

ඔබටත් මෙවැනි අවස්ථාවක් සමඟ සැබැඳියාවක් තිබේද?    ඔබත්, දරුවන්ගේ සුළු ප්‍රමාදදෝෂ ගැන වික්ෂිප්ත වනවාද?

එසේනම්, දරුවන්ගේ ලඟම බැඳීම ඇත්තේ දෙමව්පියන් සමඟ බව ඔබට වටහා ගැනීමට මෙය ඉතාම සුදුසු කාලයයි.  ඔබේ දරුවාගේ චරිතය කෙරේ ඔබ දැඩි බලපෑමක් ඇති කරන බව වටහා ගන්න.  දරුවන්ට සෑමවිටම තමන්ගේ ලඟම ඥාතියා වන ඔබේ හැසිරීම බලපෑමක් ඇති කරයි.    දෙමව්පියන්ගෙන් දෙමාපියන්ට සහ පවුලකින් පවුලකට, දරුවන් ඇති දැඩි කිරීම වෙනස් වේ. ඔවුන් ළමුන් ගැන දැඩි බලපෑමක්  ගන්නා හෝ දරුවන් කෙරේ සීමිත බලපෑමක් කරනා දෙමව්පියන් විය හැක.

දැඩි බලපෑම් කරනා දෙමව්පියන්

දරුවන් කෙරේ දැඩි බලපෑම් ඇති කරනා දෙමව්පියන්, මානසික ආඥාත්මක කොට්ඨාශයක් ලෙස වර්ගීකරණය කෙරේ.   ඔවුන් දරුවන් කෙරෙහි තම ආධිපත්‍ය දැඩි ලෙස ක්‍රියාත්මක කර ඉතා දැඩි නීති පනවයි.  ඔවුන් නොනැමෙනශීලී වන අතර, දරුවන් කෙරේ හිතවත් කමක් නොපෙන්වයි. දරුවන්ගේ හැඟීම් වලට ඉඩ නොදෙන අතර, ඉතා කුඩා වරදකට වුවත්, දරුවාගෙන් නිදහසට කරුණු නොවිමසා, දඬුවම් පමුණුවයි.

එය දරුවාට හිතකරද? අහිතකරද?

දැඩි නීති පැන වීමෙන්, දරුවාට බලපෑ හැකි කරුණු පහත සඳහන් වේ.

  • හැසිරීම – දැඩි දෙමව්පියන් දරුවන්ට හොඳ සංයමයකින් යුක්තව හැසිරීමට උගන්වයි. දරුවන් දෙමව්පියන් මත යැපෙන අතර, ඔවුන් යහ මඟට ගැනීමට නිත්‍ය පිළිවෙතක් අනුගමනය කළ යුතු වේ.  දෙමව්පියන් දරුවන්ට විනිවිද පෙනෙන සීමාවක් පනවා, ජීවිතය දෙස කළු සුදු තිරයකින් බැලීමට පුරුදු කරති.  එමනිසා, දැඩි දෙමව්පියන්ගේ දරුවන් බොහෝ විට හොඳ සංයමයකින් යුක්ත වේ.
  • ජයග්‍රහණය – දැඩි දෙමාපියන් දරුවන්ට අධ්‍යාපන කටයුතු කෙරෙහිත්, අනෙක් ක්‍රියාකාරකම් කෙරෙහිත් සීමා දමා, දැඩි බලපෑමක් ඇති කරනු ලැබේ. සමහර දෙමව්පියන් දරුවන්ට සෙල්ලම් කිරීමට පවා නියමිත වෙලාවක් ලබා දෙන අතර, ඔවුන් හොඳට හැසුරුනහොත්, තෑග්ගක් දීමට පවා පෙළඹේ.   එමනිසා, එම දරුවන් ඉතා හොඳට, තම දෙමව්පියන්ගේ මතයට අනුව ක්‍රියා කරයි.
  • දුර ප්‍රමාණය – දෙමව්පියන් දැඩි තීරණ ගන්නා විට, දරුවන් දෙමව්පියන් කෙරෙහි බියක් ඇති කර ගනී. එවිට ඔවුන් දෙමව්පියන්ගෙන් ඈත් වීමට පටන් ගනී.  මෙයින් දරුවන් සහ දෙමව්පියන් අතර අදහස් හුවමාරු කර ගැනීම අඩු වේ.  එවිට දරුවන්ගේ හැඟීම් එලි දැක්වීමට බැරි වීමෙන්, දරුවන් මංමුලා වුවන් සේ හැසිරීමටත්, මානසික ආතතියෙන් පෙළීමටත් පටන් ගනී.
  • ජීවිත සහ රහස් – දැඩි බලපෑම් කරන දෙමව්පියන්ගේ දරුවන් බොහෝ විට මව්පියන්ගේ තාඩන පීඩන වලට බියෙන්, ඒවායින් සැඟවීමට මං සොයයි. එවිට ඔවුන් කතාන්තර ගෙතීමට සහ බොරු කීමට පෙළඹේ.  දරුවන් නිර්මාණශීලිව දෙමාපියන්ගේ අදහස් වලට බොරුවෙන් ලඟා වීමට මාන බලති.
  • කලහකාරී වීම – දරුවාගේ ජීවිතයට සෑම ආකාරයකින්ම වැට කඩොළු බැඳීමට දැඩි දෙමව්පියන් පියවර ගනී. දරුවන්ට කිසිම අතකින් නිදහසක් නැති වූ විට, ඔවුන් කලහකාරී ලෙස හැසිරීමට උත්සහ කරයි.  එවිට ඔවුන් දෙමව්පියන්ගෙන් පිටතදී, ආවේගශීලී වීමටත්, තමන්ට කැමති අයුරින් හැසිරීමටත් පටන් ගනී.
  • බලය අයුතු ලෙස යොදා ගැනීම –  දැඩි දෙමව්පියන් ඔවුන්ගේ දරුවන්ගේ යහළුවන්ට නිවසින් පිටතදී හිංසා කිරීමට උදවු කරති.  දරුවන් අනුගමනය කරන්නේ ඔවුන් දැක හුරු පුරුදු දේයි.  මෙම දෙමව්පියන් ඔවුන්ගේ දරුවන්ටද, ඔවුන් මෙන් ක්‍රියා කිරීමට ඉඩ දේ.  මෙම දරුවන් ඔවුන්ගේ යහළුවන්ට විහිළු තහළු කිරීමටත්, උසුළු විසුළු කිරීමටත් පෙළඹේ.

 

කෙසේ හෝ, ශ්‍රී ලංකාවේ දරුවන්ව හොඳ සංයමයකින් හදා වඩා ගැනීමට ඉතා දැඩි පියවර ගත යුතු නොවේ.  ඔවුන් නිසි මගට ගැනීමට, අන්තයට නොයා, මැදහත් පැවතුම් ඇතිව ක්‍රියා කළ යුතුවේ.

 

  • ඔබේ දරුවන්ට හොඳ මඟ කියාදීමට, වැරදි හැසිරීම් වලින් සිදු වන අනිසි ඵල විපාක යුක්ති සහගත ලෙස පැහැදිලි කිරීමෙන් කළ හැකිය.
  • දරුවන්ට දැඩි දඬුවම් කිරීම් වලින් නොව, ඔවුන්ට නිසි අයුරින් සෙල්ලම් කිරීමට සහ මිහිරි සංග්‍රහ භුක්ති විඳීමට සැලසීමට ඔබට පුළුවන.
  • තම දරුවා හෝ දැරිය හොඳින් හැසිරුණ විට, ඔවුන්ට ත්‍යාගයක් දීම වැනි ක්‍රියා වලින් ඔවුන් සුමගට යොමු කල හැකිය.

 

ශ්‍රී ලංකාවේ දරුවන්ට යහපත් හැසිරීම පුරුදු පුහුණු කිරීමට, ධනාත්මක අදහස් පෙරටු කොටගෙන කළ හැක.  තමනුත් හොඳ හැසිරීමෙන් යුක්ත වී, තම දරුවන් තමා ලඟට කැඳවා ගෙන, දැඩි දඬුවම් ඉවත් කර, ආදරයෙන් සහ කරුණාවෙන් කරුණු කාරණා පැහැදිලි කර දීමෙන්,  දරුවන්ව යහ හැසිරීම් ගැන දැනුවත් කල හැකිය.

 

දරුවන් ඔබට ලැබූ ඉතා වටිනා දායාද ලෙස සලකා, ඔවුන්ට ආදරයෙන් සහ  කරුණාවෙන්, මල් වාගේ සැලකීමට සනිටුහන් කර ගන්න!

 

හොඳ සතුටුදායක මවක්, පියෙක් වන්න!