මවක් වීමට සිටින විට, ඔබේ ශරීරය තුල යම් යම් අප්‍රකට වෙනස්වීම් ඔබට දැනෙන්නේ, ඔබ ගැබ් ගෙන ඇතිවිට පිටවන හෝර්මොන් ක්‍රියාකාරිත්වය නිසාවෙනි. ඔබ ගැබ් ගෙන ඇති බව තහවුරු කිරීමට කරනා පරීක්ෂණ වලට ප්‍රථම මෙම හෝර්මෝන ඔබේ ශරීරයෙන් නික්මෙන බව මව්වරුන් දනී.
වේදනා සහිත පියයුරු – මෙය ප්‍රොජෙස්ටරෝන් (Progesterone) සහ HCG නමැති හෝර්මෝන්, ඩිම්බ සංසේචනය සිදු වූ වහාම වෑහෙන බැවින් පියයුරු ඉදිමීම සහ සාමාන්‍ය ප්‍රමාණයට වඩා බරින් වැඩි බව දැනේ. මෙම හෝර්මෝන් මගින් ශරීරයේ රුධිර ධාරිතාව වැඩි කෙරේ.
කෙණ්ඩා පෙරලීම – මාසික ඔසප් වීම සිදුවීමට යන බව දැනේ. ගර්භණී අවස්තාවේදී ඇතිවන මෙම ලක්ෂණය ඇති වන්නේ, සසේචිත ඩිම්බය ගර්භාෂ බිත්තියට සම්බන්ධ වීමේදීයි. ඉදීරි නව මාසය තුල ගර්භාෂය ප්‍රසාරණය වීමේදී මෙම ලක්ෂණය ඇතිවේ.
ඉතා සුළු වශයෙන් රුධිරය පිටවීම – ගර්භණී කාන්තාවන්ගෙන් 25%කට පමණ ඩිම්බ රෝපණය වීමේදී ලා රතු පාටින් රුධිර බිංදු පිටවීමක් සිදු වේ. මෙය සාමාන්‍යයෙන් ඔසප් සිදුවීමේ කාලයට වඩා ඉතා කෙටි කාලයක් පවතී. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ගර්භණී කාන්තාවන් මෙය ගබ්සා වීමක් හෝ ඔසප් වීමේ අක්‍රමිකතාවයක් සේ සිතයි.
වෙහෙස දැනීම – සාමාන්‍ය ප්‍රමාණයට වැඩියෙන් වෙහෙස දැනේ. සාමාන්‍යයෙන් දිනපතා සිදු කරන වැඩ කටයුතු කිරීමේදී දැඩි මහන්සියක් දැනේ. මෙය ගර්භණී අවස්ථාවේ පෙන්වන එක් ලක්ෂණයකි.
තනපුඩුව තද කළු වීම – ගර්භනී කාලයේදී ක්‍රියාකාරීවන හෝර්මෝනය නිසා පියයුරු සාමාන්‍ය විධියට වඩා වෙනස් වන අතර, තමන්ටද එහි වෙනසක් දැනේ. විශේෂයෙන් තන පුඩුවේ ඇති මෙලනොසයිට්ස් නැමැති සෛල වර්ගයේ ක්‍රියාකාරීත්වයෙන් තන පුඩුව වඩා අදුරු පැහැ ගැන්වේ.
ඔක්කාරය – සියලු ගර්භණී කාන්තාවන්ගෙන් 85% ක්ම උදා: ගිලන් බවෙන් (morning sickness) මුල් මාස තුන හෝ සමහරුන් ගර්භණී කාලය පුරාවටම පෙලේ. මේ පිලිබඳ වැඩි දුරටත් කරුණු දැනගැනීම සඳහා www.mummypages.lk පිවිසෙන්න
මහත් වීම – ප්‍රොජෙස්ටරෝන් නමැති ලිංගික හොර්මෝනය මගින් ඔබේ ජීරණ පද්ධතියේ ඇති කරන වෙනස්කම් හේතුවෙන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඔබේ ශරීරය පුරවා දමා ඇති බවක් ඔබට හැඟේ. සමහර කාන්තාවන්ට ඔවුන්ගේ ඔසප් වීම සිදු වීමට පෙරද, මෙම ලක්ෂණය පෙන්නුම් කෙරේ.
දොළදුක – ශ්‍රී ලාංකික ගර්භණී කාන්තාවන්ට ඇතිවන මෙම ලක්ෂණය සාමාන්‍යයෙන් පොදු ලක්ෂණයකි. මේ පිළිබඳ වැඩිදුරටත් දැනුමක් ලැබීම සඳහා www.mummypages.lk පිවිසෙන්න
ආහාර අරුචිය – සාමාන්‍යයෙන් මෙයට පෙර නොතිබූ අයුරින් සමහර සුවඳ වර්ග ඔබ ප්‍රතික්ෂේප කරන අතර, මීට කළින් අකමැති වූ සුවඳ වලට ඔබ කැමති වේ. එමෙන්ම සමහර ආහාර වර්ග ඔබට අප්‍රිය වන අතර, සමහර ආහාර වර්ග අනුභව කිරීමට ප්‍රිය වේ.
හිසරදය – රුධිර ධාරිතාව ඉහළ යාම හේතුවෙන්, ඔබට මෘදු, නමුත් නිතර ඇතිවන හිසරදයක් ඇතිවිය හැක. ලින්ක් එක ක්ලික් කරන්න
මල බද්ධය – මෙම අවස්ථාවේ ජීරණ පද්ධතියේ සිදුවන මන්දගාමී ස්වභාවය හේතුවෙන් මල බද්ධය ඇතිවිය හැක.
සිතේ ස්වභාවය වෙනස් වීම – HCG හොර්මෝනයේ බලපෑම හේතුවෙන් ඇතිවන අධික විඩාව නිසා ඔබට නොසන්සුන් සහ ඉක්මනින් තරහ යන ස්වභාවයක් ඇතිවිය හැක. ලින්ක් එක ක්ලික් කරන්න
මුත්‍රාශයේ පාලනයක් නොමැති වීම – ගර්භණී අවස්ථාවල ඔබේ වකුගඩුවල ක්‍රියාකාරිත්වය වේගවත් වන බැවින්, ඔබට නිතර මුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවයක් ඇති වේ.
ශරීරයේ මූලික උෂ්ණත්වය (Basal Body Temperature – BBT) – සති දෙකක් තුල ඔබේ ශරීර උෂ්ණත්වය සටහන් කළහොත්, එය වැඩිවන බව ඔබට වැටහෙයි නම්, එහි අර්ථය වන්නේ, ඔබට බබෙක් ලැබෙන්න සිටින බවයි.
ඔබ ගර්භණී තත්ත්වයට පැමිණ ඇති බව ඔබට දැනීමට පෙර, ඔබේ ගර්භාෂය තුල කළලය වැඩීමට පටන් ගෙන ඇත. එමනිසා, මේ සියලුම ලක්ෂණ ඔබේ ශරීරයේ පෙන්නුම් කිරීමට ප්‍රථමයෙන්, ඔබ ගැබ් ගෙන ඇත්දැ‘යි දැනගැනීම සඳහා ඒ පිළිබඳ ඇති පරීක්ෂණය සිදුකර ගැනීම යෝග්‍ය වේ. ඉන්පසු නාරි සහ ප්‍රසව වෛද්‍ය විශේෂඥවරයෙක් මුණ ගැසී ඔබේ බිය සැක දුරු කර ගන්න.
සියලුම ගර්භණී කාන්තාවන්ට සුභ පැතුම්!
#basictemperatureinthebody #cheering #doḷaduka #gettingtired #headaches #lackofcontrolofthebladder, #painfubreasts #thenippleisdarkblack #verylittlebloodout