Home > දෙමාපිය දැනගැනිම පිණිස > ඔබේ බිළිඳාට ළඳරු භාණ්ඩ හඳුන්වා දෙන්නේ කෙසේද? 

ඔබේ බිළිඳාට ළඳරු භාණ්ඩ හඳුන්වා දෙන්නේ කෙසේද? 

දෙමව්පියන්ගේ කෝණයෙන් බලනවිට, දරුවන්ට ස්වයං – සේවා කුසලතා හඳුන්වා දීමේදී, එහි ඉතා විශාල වැදගත්කමක් ඇති බැව් පෙනේ. බිළිඳුන් කුඩා කළ සිටම මෙම නිපුණතා වර්ධනය කර ගැනීමෙන්,ඒවා ඔවුන්ගේ වැඩිහිටි දිවියට පවා උපකාරී වේ.  එයට අමතරව, මෙම කුසලතා, අධ්‍යාත්මික සහ සමාජීය දියුණුව උදෙසා ද, ඉවහල් වේ.  දරුවන්ට මෙමඟින් තම ආත්ම විශ්වාසය පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීමෙන් එම දරුවන් ඉතා සතුටුදායක දරුවන් වනු නොඅනුමානය,

මාස 18 සිට අවුරුදු 3 දක්වා, දරුවන් සමාජීය සංවර්ධනය හරහා ගමන් කරන අතර, ඔවුන්ගේ ශාරීරික හැකියාවන් සහ පෞද්ගලික දියුණුව පිළිබඳ ස්වයං – සේවා කාර්යයන් පිළිබඳව ද, ඉගෙන ගනී.  ඔවුන් ඇවිදීම, දිවීම, යම් දෙයක් උඩට නැගීම, තනි කකුලෙන් පැනීම, දුර පැනීම, එහාට මෙහාට පියවර තැබීම, ආහාර ගැනීම, හැඳි භාවිතා කිරීම සහ කෝප්පයකින් පානය කිරීම ආදී නොයෙකුත් ශාරීරික කුසලතා වර්ධනය කර ගැනීමට පෙළඹේ.  දරුවන්ගේ ස්වයං – සේවා කාර්යයන් ප්‍රබේධ හතරකට වර්ග කෙරේ.  එනම්, සේදීම, ආහාර ගැනීම, ඇඳුම් ඇඳීම සහ වැසිකිළි භාවිතය වේ.

සේදීම

ආහාර ගැනීමට පෙර අත් සේදීම, නාසය පිස දැමීම සහ වැසිකිළි භාවිතයෙන් පසු අත් සේදීම යනාදියට දරුවාව නැඹුරු කරන්න.  දරුවාගේ අත පොවන මානයේ සබන් සහ තුවාය තැබීමට වග බලාගන්න.   එලෙසම දරුවාගේ අත් සේදීම  සඳහා ඔහුගේ/ඇයගේ උසට සරිලන අයුරින් සින්ක් එක හෙවත් සොරොව් බේසම තිබිය යුතුය.  එසේ නොමැති නම්, කුඩා බංකුවක් දරුවාට ලබාදිය යුතුය.  මෙය ඉතා ප්‍රවේසමෙන් කළ යුතු කාර්යයකි.  දරුවන් අත පය හොඳින් පිරිසිදු කරන්නේදැ’යි සොයා බලා, ඔහුට/ඇයට එය අපහසු නම්, ඒ සඳහා හැකි පමණ උපකාරී වන්න.

ඔබේ දරුවාගේ දත් මැදීමට අනුබල දෙන්න.  නමුත්, ඔහුට/ඇයට අවුරුදු 4ක් වත් වයසට පත්වන තෙක්,  එම කාර්යය ඔවුන්ට තනිවම කර ගැනීම සඳහා අනුබල නොදෙන්න.  ඔවුනට මෘදු කෙඳි සහිත ළමා දත් බුරුසුවක් සහ මෘදු දත් ආලේපනයක් හඳුන්වා දී, එයින් ඔවුන්ගේ දත් මඳින්නේ කෙසේදැ’යි කියා පුරුදු කරන්න.  දත් මැඳීමෙන් පසු, දත් ආලේපනය එළියට දැමීමටත්, මුඛය හොඳින් පිරිසිදු කිරීමත් වහාම කළ යුතුය.

ආහාර අනුභවය

සාමාන්‍යයෙන් ආහාර ගැනීම මාස 6 – 9 දක්වා කාලයේදී සිදු කළ යුතු අතර, මේ සඳහා ඔවුන්ට තමන්ගේම ළමා පිඟානක්, කෝප්පයක්, හැන්දක් සහ ගෑරුප්පුවක් ලබා දෙන්න.  මුලදී, හැන්දකින් සහ ගෑරුප්පුවකින් ආහාර අනුභව කිරීම ළමයින්ට අපහසු කාර්යයක් විය හැකිය.  නමුත්, දරුවන්ට ඒ සඳහා හුරුවීමට කාලය ලබා දෙන්න.  ළමා පුටුවක් සහ මේසයක් ලබා දීමෙන්, ඔවුන්ට පහසුවෙන් එහි හිඳගෙන ආහාර ගත හැකි වේ.  හැන්දෙන් ආහාර ගන්නා විට, කුඩා ප්‍රමාණයේ ආහාර අංශු හැන්දට ගෙන, ආහාර ගැනීමට පුරුදු කරන්න.  දරුවන්ට කට වසාගෙන, ආහාර හොඳින් හැපීමට පුරුදු කරන්න.  සාමාන්‍යයෙන් දරුවන් මුලින් ඝන ආහාර ගැනීමට පටන් ගැනීමේදී, වතුර පානය කිරීම සඳහා ළමා කෝප්ප භාවිතා කරන අතර, එම කෝප්ප සඳහා එයට සරිලන කුඩා කොපුවක් සහිත වැස්මක් හෙවත් පියනක් ඇත.  මෙමඟින්, වතුර අපතේ යාම වැළකෙන අතර, සමහර කෝප්පවලට වතුර පානය කිරීම සඳහා බටයක් හෙවත් නලයක් සහ කෝප්පය අල්ලා ගැනීම සඳහා හැන්ඩලයක් ද සවිකර ඇත.  හැන්ඩල නොමැති කෝප්පවලට දරුවා හුරු කිරීමේදී, එම කෝප්ප අත් දෙකෙන්ම අල්ලා ගැනීමට කියාදෙන්න.

ඇඳුම් ඇඳීම

ඇඳුම් ශරීරයෙන් ඉවත් කිරීම, ඇඳුම් ඇඳීමට වඩා පහසු දෙයකි.  මාස 18 දී පමණ, බොහෝ ළමයින්ට ඔවුන්ගේ හිසේ ඇති තොප්පිය ගැලවීම, මේස් සහ සපත්තු ගැලවීමට හැකියාව ලැබේ.  ඇඳුම් ඇඳීම සඳහා ඔවුන්ට පුරුද්ද අවශ්‍ය වන අතර, ලොකු බකල් හෙවත් ගාන්චු, සිපර්, ලොකු බොත්තම් දැමීම ආදිය හුරු කළ යුතුවේ.

 වැසිකිළි භාවිතය

දරුවන්ට කුඩා අවධියේ සිටම ළමා මුත්‍ර සහ අසූචි බඳුනකට හුරු කරවීම විජයග්‍රහණයකි.  කෙසේ නමුත්, දරුවා මෙම මුත්‍ර සහ අසූචි බඳුනට පුරුදුවීම ඉතා වාසි සහගතය.   ඉන්පසු, ක්‍රමයෙන් දරුවාව නිවසේ  වැසිකිළියට හුරු කළ යුතු වේ.  වැසිකිළි කොමෝඩ් එකට සම්බන්ධ කළ හැකි ළමා අසුනක් පෙන්වා, එය පිළිබඳව දරුවා විමසන ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න.  දරුවාට එම අසුන මත පහසුවෙන් ඉඳ ගැනීමට සලස්වා, දරුවා තුල එම අසුන පිළිබඳව ඇති බිය සැක දුරු කරන්න.  හදිසි අනතුරු සිදු විය හැකි බැවින්, ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. දරුවන් එයට හුරු වූ පසු, දරුවන්ගේ හැකියාව පිළිබඳව දරුවන්ව පසසන්න.

දරුවන් ක්‍රමයෙන් ස්වයං – සේවා වලට පුරුදු වන අතර, එය ඔවුන්ගේ වැඩිහිටි දිවි පෙවෙතටද ප්‍රයෝජනවත් වනු ඇත.  නමුත්, දරුවන් ඒ සියලුම දේට මුහුණ දීමට පුරුදු වන්නේ කුඩා අවධියේ සිට බැව් තරයේ සිතට ගන්න!

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

You may also like
බබා නින්දට යොමු කරන්නේ කුමන වෙලාවටද ?
Kind and Loving Words Are an Essential Ingredient in Parenting
නල දරු උපතක් යනු කුමක්ද ?
බබාලා පොදුවේ සාමාන්‍යයෙන් පෙන්වන අපහසුතාවන් කීපයක් :