Home > අධ්‍යාපනය > ඔබේ බබාගේ කථනය දියුණු කිරීම සඳහා ඔබත් බබා සමඟ සිංදු කියන්න !

ඔබේ බබාගේ කථනය දියුණු කිරීම සඳහා ඔබත් බබා සමඟ සිංදු කියන්න !

කණට මිහිරි ශබ්ද, ස්වර ශබ්ද  සහ සම්ප්‍රදායික කවි යනාදිය දරුවන්ගේ මොළය, භාෂාව සහ සන්නිවේදනය සඳහා පිළියෙළ කරන බැව් දැන් සොයාගෙන ඇත.

අම්මා තම දරුවා නැලවීම සඳහා කවි ගායනා කරයි.  තාත්තා, තම දියණිය නිදිකරවීම සඳහා දරු නැළවිලි ගී ගායනා කරනු ලබයි.  පෙර පාසැල් ගුරුතුමිය ළමයින්ට ඉංග්‍රීසි හෝඩියේ ඇති අක්ෂර මාලාව ඉගැන්වීම සඳහා  “ABC” ගීතය ගායනා කරයි.  “ද සෞන්ඩ් ඔෆ් මියුසික්” (The Sound Of Music) සහ “මේරි පොපින්ස්” (Mary Poppins) වැනි සිනමා පටි දරුවන්ට සන්නිවේදනය උගැන්වීම සඳහා ඇති ඉතාම බලවත් ආයුධය බව දෙමව්පියන් තම අත්දැකීමෙන් වටහාගෙන ඇත.

සිංදු සහ ළමයින් හරියට “පාන් සහ වෙඬරු” මෙන් හරි හරියට ගැලපෙන අංග දෙකකි.  ඇත්ත වශයෙන් කිවහොත්, දෙමව්පියන් දරුවන්ට දිනපතා සිංදු ඇසීමට සැලසුවහොත්, දරුවන්ගේ භාෂාව ඉගෙන ගැනීමට ඇති බාධාව බොහෝ දුරට ඉවත් කෙරේ.   දරුවන්ට නිරතුරුවම කියවීම, ලිවීම සහ ඉලක්කම් පුරුදු කිරීමට වෙර දරන නමුත්, සිංදු කීමෙන් ඇතිවන ප්‍රයෝජනය සඳහා වැඩි අවධාරණයක් දක්වනු නොලැබේ.  ළමයින් ලොකු මහත් වනවිට, ඔවුන්ට භාෂාවේ මූලධර්ම ඉගෙන ගැනීමටත්, කවි සහ වචනවල ශබ්ද, ඉගෙනගැනීමටත්, හොඳ සන්නිවේදනයකටත් මඟ පාදයි.

තම බබාලාව නිදි කරවීම සඳහා ශ්‍රී ලාංකික මව්වරුන් සිංදු කියමින් තම දරුවන් නැලවීම සාමාන්‍ය සිරිතකි.   බටහිර රටවල දරුවන් මෙන්, ශ්‍රී ලංකාවේ කුඩා ළමයින්ව තනියම නිදා ගැනීම සඳහා උනන්දු කරනු නොලැබේ.  එමනිසා, අපේ දරුවන්, සම්ප්‍රදායික ක්‍රමයට තම මව්වරුන්ගේ සිංහල හෝ ඉංග්‍රීසි සිංදු අසමින්, තම මවගේ උකුළේ නැළවෙමින් සුව නින්දක් කරා පිය නඟනු දැකිය හැකිය.  දරුවන්ට විශේෂ කතා විලාශයකින්, එනම් යම් තාලයකට දෙමව්පියන් බබාලාට කතා කිරීමේදී, පසු කාලයකදී එම දරුවන් අධ්‍යාපනයෙන්  ජයග්‍රහණ ලබන අතර, අධ්‍යාත්මික වශයෙන්ද යහපත් පැවැත්මක් ඇති කර ගන්නා බව ළමා විශේෂඥයන් දැන් සොයාගෙන ඇත.   ශ්‍රී ලාංකික අපේ දරුවන් කුඩා කළ සිටම මව්වරුන්ගේ නැළවිලි ගීතවලට සවන් දීමට පුරුදු වීම නිසා, ඔවුන්ගේ කටහඬ, භාෂාව සහ සන්නිවේදනය දියුණුවීමට හැකියාව ලැබේ.

වර්තමානයේ ශ්‍රී ලාංකික දරුවන් පෙරපාසැලට ඇතුලත්වීමේදී, ඔවුන්ගේ භාෂාව එතරම්  දියුණු වී නැති හේතුව වන්නේ, ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන්ගේ සන්නිවේදන හැකියාව වර්ධනය කරගැනීමට උදව් දී නොමැති හෙයිනි.  එමනිසා, දරුවන්ට සිංදු කීමෙන් සහ දරුවා සමඟ සිංදු කීමෙන්, දරුවන්ගේ සන්නිවේදනය දියුණු කිරීමට ඇති හොඳම මඟ ලෙස දැක්විය හැකිය.

බිළිඳු ගී ගායනා කිරීමෙන් සහ ළමා ගීත ඉගැන්වීමෙන්,  භාෂාව නිර්මාණය වීම සහ  වචන උච්චාරණය කිරීම ආදී දේ ළමයින්ට ඉතා පහසුවෙන් ඉගැන්විය හැක.  ගායනා කරන අතරතුර, ඒ අනුව අංග චලනය කිරීමට ළමයා උනන්දු කිරීම නිසා, සමතුලිත භාවය,  සම්බන්ධීකරණය, විනය, නම්‍යශීලීභාවය සහ තාලය අනුව අඟපසඟ චලනය කිරීම ආදී වැදගත් හැකියාවන් ළමයින් තුල ප්‍රගුණ කළ හැක.

දරුවාට යම් යම් දේ කිරීමට අණ කරනු වෙනුවට, දිනපතා චර්යාවක් ලෙස සිංදු ඉගැන්විය හැක.  උදාහරණයක් වශයෙන්, ළමයාට, මුහුණ සෝදා පිරිසිදු වීමට, ආහාර ගැනීමට සහ සෙල්ලම් කිරීමට නියමිත කාලය දැන්වීම සඳහා සිංදුවක් ඇසීමට සැලැස්වීම උචිතය.  එවිට දරුවා එය කුමන වෙලාවදැ’යි නිශ්චය කර ගනී.  සංගීතය, දරුවාගේ කෝපාවිෂ්ට අදහස් සහ දොම්නස් භාවය වැනි දේවල් මඟහරවා ගැනීම සඳහා පහසුවෙන් යොදා ගත හැකි ප්‍රතිකර්මයකි.

ඉතින්, දෙමව්පියන් ගායනා කරන සිංදු මොනවාද?  බිළිඳු ගී සහ දරුවන්ගේ සීඩී (CD) තැටි මඟින් වාදනය වන ඉංග්‍රීසි සහ සිංහල ළමා සිංදු ඒ හා සමඟ තාලයට කියන්න!

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න

You may also like
අළුත් දෙමව්පියන්ට උපදෙස්
අපේ ඇති වැරදි වලට නොපිපුණු මල් කැකුලක් පොඩිකර ලන්නේ මන්ද?
කුඩා කල සිටම හොද දේ කියා දෙමු
නල දරැ උපත ගැන ඔබත් දැනුවත් ද?