Home > ගර්භනී > ඔබේ පුර්ව ප්‍රසව නිළධාරිනියන් පිළිබදව ගර්භණි මවක් වු ඔබ දැනුවත්ද?

ඔබේ පුර්ව ප්‍රසව නිළධාරිනියන් පිළිබදව ගර්භණි මවක් වු ඔබ දැනුවත්ද?

mptv-ad

ශ්‍රි ලංකාව තුල සිටින පුර්ව ප්‍රසව කණ්ඩායම

ඔබ දන්නවද ? ලංකාව ආසියාවේ හොදම පුර්ව ප්‍රසව රැකවරණය ලබා දෙන පද්ධති වලින් එකක් බව. දත්තවලට අනුව ලංකාවේ  මාතෘ සහ ළමා සෞඛ්‍යය  බොහෝ සංවර්ධිත රට වල තත්වයට සමාන වේ. මෙයට විශාලම හේතුව වන්නේ දීපව්‍යාප්ත මහජන සෞඛ්‍යය ක්ෂේත්‍රයේ සිටින පුර්ව ප්‍රසව සාත්තුව සපයන්නන්ගේ පවතින මනා සේවයයි. රජයේ හා පෞද්ගලික සෞඛ්‍යය ක්ෂේත්‍රවල ඔබට සේවය සපයන්න සිටින වෘර්තියවේදීන් පිලිබදව දැනගැනීම ඉතා වැදගත්. එවිට ඔබට සහ දරුවට ගර්භණී අවධියේදී, දරු උපතේදී, මාතෘ අවධියේදී මෙම සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබාගත හැකියි. පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාව තුල පුර්ව ප්‍රසව කාලය තුල සේවය ලබාදෙන වැදගත් නිලධාරීන් කිහිප දෙනෙකු පිළිබදවයි.

මහජන සෞඛ්‍යය නිළධාරිනිය (Midwife)

පුර්ව ප්‍රසව කණ්ඩායම තුල වැදගත් ස්ථානයක් හිමි වන්නේ ඔබ සමග නිතර සම්බන්ධතා පවත්වන මහජන සෞඛ්‍යය නිළධාරිනියටයි. පවුල් සැලසුම්,මාතෘ සෞඛ්‍යය සහ ළමා සෞඛ්‍යය පිළිබදව ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දී තිබෙන අතර, ගර්භණී මවුවරුන්ට, දරු උපත් ලබාදීමෙන් අනතුරුව මවුවරුන්ට හා බිලිඳුන් මුහුණ පාන පොදු ගැටළු වහා හදුනාගෙන වාර්තා කිරීමට ඔවුන්ට හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාව පුරා සිටින මහජන සෞඛ්‍යය නිලධාරීන්ගේ කැපවීම නිසා පළමු මුල් මාස 3 ඇතුළත 95% වඩා ගර්භනීතාවයන් හදුනා ගැනීමට හැකි වී තිබෙනවා.

ශ්‍රී ලංකාව තුල සිටින වයස අවුරුදු 16 ත් 50 ත් අතර ඔබ විවාහකයි නම්, ඔබේ ප්‍රදේශය තුල සිටින පවුල් සෞඛ්‍යය නිලධාරීතුමිය සෑම මාස තුනකට වරක් ඔබේ නිවසට පැමිණ ඔබට තිබෙන ප්‍රජනන සහ පවුල් සෞඛ්‍යය පිළිබද ගැටළු වලට විසදුම් ලබාදීමට උපකාරී වෙවී. තවමත් ඇය ඔබ හමුවීමට නොපැමිණියේ නම්, ලගම ඇති සායනයේ  වෛද්‍යවරයා හමු වී ලියාපදිංචි වී ඇත්දැයි පරික්ෂා කර බලන්න.

ඔබට මාසික ඔසප් වීම සිදු නොවුනහොත් පවුල් සෞඛ්‍යය නිලධාරීනිය ඔබේ නිවසට පැමිණි විට ඒ පිළිබඳව ඇයට පවසන්න.  එවිට ඔබ ගැබ් ගෙන ඇත්දැයි පරික්ෂා කිරීමට සරල මුත්‍රා පරීක්ෂණයක් සිදු කර ගැනීමට ඇය උපකාරී වේවි. පරීක්ෂණයට අනුව ඔබ ගැබ් ගෙන ඇත්නම් ගර්භණී කාලය පුරා ඔබේ සෞඛ්‍යය පිළිබද වාර්තා පවත්වාගෙන යාම සදහා පෝරමයක් ලබා දෙන අතර ඔබව ළගම ඇති වෛද්‍ය කාර්යාලයේ සායන සදහා සහභාගි වීමට උනන්දු  කරාවි.

සෞඛ්‍යය වෛද්‍ය කාර්යාලය 

සෞඛ්‍යය වෛද්‍ය කාර්යාලය මගින් ප්‍රජා සෞඛ්‍යය හා වෘතියවේදීන් හමුවීමට අවස්ථාව ලබාදීම සිදුවේ. වෛද්‍ය නිලධාරින් විසින් සංවිධානය කර ඇති පුර්ව ප්‍රසව හා ළදරු සෞඛ්‍යය සදහා පවත්වන සායන සදහා සහභාගී වීමට ලියාපදිංචි වන්න. මෙම සායන වලට සහභාගී වීම මහින් ගර්භනී මවුවරුන්ට; සමබල ආහාර වේලක්, පෝෂණය, ව්‍යායාම, ගර්භනී කාලයේදී තමාගේ සෞඛ්‍යය පවත්වා ගැනීම පිලිබදව හා ළදරුවා රැකබලා ගැනීම පිලිබදව පුහුණුවක් ආදී දේ ගැන වැදගත් තොරතුරු රාශියක් ලබාදීම සිදුවේ. මෙම ස්ථානයට පළමු පැමිණීමේදී නිලධාරියා විසින් සාමාන්‍ය ලේ හා මුත්‍රා පරීක්ෂණ, පරීක්ෂාවන්, ස්කෑන් නිර්දේශ කරන්නේ ඔබේ බිළිදාගේ වර්ධනය කෙසේද යන්න තහවුරු කරගැනීමටයි. මෙමගින් ඔබේ ගර්භනීභාවය වර්ග කර ගැනීමට ඔහුට හැකි වෙනවා. එනම් අවදානම් හෝ වෙනත් ගැටළුවක් අත්දැයි සොයා ගැනීම මගින් ඔබව විශේෂිත ප්‍රසව වෛද්‍යවරයකුට යොමු කිරීම සෞඛ්‍යය වෛද්‍ය කාර්යාලය මගින් සිදු වේ.

ප්‍රසව වෛද්‍යවරයා

වෛද්‍යවරයකු ගර්භනී කාන්තාවන් පිලිබදව, ප්‍රසව හා පසු ප්‍රසව අවධියේදීත් කාන්තා  සෞඛ්‍යය පිලිබදව විශේෂිත වීම අපි ප්‍රසව වෛද්‍යවරයකු ලෙස හදුන්වනවා. පවුල් සෞඛ්‍යය නිලධාරිනිය හෝ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරිතුමා විසින්  ඔබට ප්‍රසව වෛද්‍යවරයකුගේ සේවාව අවශ්‍ය නම් රජයේ රෝහලක් වෙත යොමු කරවී. එමෙන්ම ඔබටත්  ඔබේ ගැටළු සාකච්ඡා කිරීමට හා උපදෙස් ලබා ගැනීමට විශේෂඥ වෛද්‍යවරයකු ඔබේ කැමත්ත පරිදි පෞද්ගලිකව චැනල් කල හැකියි.

නිර්වින්දන වෛද්‍යවරයා

වේදනාව අඩු කිරීම සහ නිර්වින්දනය පිලිබදව විශේෂිත වෛද්‍යවරුවේ. ඔබ ප්‍රසවයේදී එපිඩියුරල් වේදනා නාශක භාවිතා කිරීමට හෝ සිසේරියන් සැත්කමක් හෝ ෆෝසෙප්, වැකියුම් වැනි දරු උපතක් සිදු කිරීමේදී නිර්වින්දන වෛද්‍යවරයාගේ  සහය ඔබට ලැබේ.

විශේෂඥ  ළමා වෛද්‍යය

ළමා වෛද්‍යය විශේෂඥවරයෙක් යනු අලුත උපන් බිලිදුන් හා දරුවන් පිලිබදව විශේෂ දැනුමක් ඇති වෛද්‍යවරුන් වේ. උපතෙන්  පසුව රෝහලෙන් පිටවීමට පෙර  විශේෂඥ  ළමා වෛද්‍යයවරයකු  බිලිදා පරික්ෂා කිරීමෙන් ඔහුගේ සෞඛ්‍යය තත්වය හොද මට්ටමේ පවතීද කියා පරික්ෂා කරයි. ඔබට ප්‍රසවයෙදී යම් ගැටළුවක් ඇත්නම් විශේෂඥ  ළමා වෛද්‍යවරයකු දරු උපත සිදුකරන තෙක්ම ආධාරකිරීමට සිටියි.

විකිරණවේදීන්

ඔබට ගර්භනී අවදිය තුල අඩුම තරමින් එක අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකට වත් මුහුණ දීමට සිදුවේ. විකිරණවේදියෙක් යනු  අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් සිදුකිරීම සදහා විශේෂ පුහුණුවක් ලැබූ පුද්ගලයකු වේ. විකිරණවේදීන් සාමාන්‍යයෙන් දරු උපත සඳහා දිනය, දරුවාගේ වෙනසක් තිබේද යන්න පරික්ෂා කරයි. ශ්‍රී ලංකාව තුල සමහර අවස්ථාවල විශේෂඥ ප්‍රසව වෛද්‍යවරයා හෝ කණ්ඩායමේ වෙනත් වෛද්‍යවරයකු විසින් ස්කෑන් පරික්ෂාව සිදු කරයි.

ඔබ බලාපොරොත්තු වන්නේ රජයේ සෞඛ්‍යය සේවාවේ මගින් හෝ පෞද්ගලිකව විශේෂඥ වෛද්‍යවරයකු චැනෙල් කිරීම මගින් සේවාව ලබා ගැනීමට නම්,  ගර්භනී අවදියේදී ඔබට උපකාර කිරීමට සිටින කණ්ඩායම හදුනා ගන්න. එමෙන්ම හැකි ඉක්මනින් ඔවුන් සමග සම්බන්දතා ඇති කරගන්න. පවුල් සෞඛ්‍යය නිලධාරිනිය කාලය සකස් කර ගැනීම ඔබට උසස් සෞඛ්‍යය තත්වයක් පවත්වා ගැනීමට මෙන්ම ඇති විය හැකි සංකූලතා ඉක්මනින් හදුනා ගැනීමට හැකියාව ලැබෙනවා. සෞඛ්‍යය කාර්යාලවල පවත්වන සායන වලට සහභාගී වීමෙන් ඔබගේ හා ළදරුවාගේ සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා (පෞද්ගලිකව ප්‍රසව වෛද්‍යවරයකු චැනෙල් කර ලබාගන්නා මෙන් ) වටිනා උපදෙස් රැසක් ලබා දේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සේවාව මගින් ඔබට හා ඔබේ දරුවට මෙම විශේෂිත කාලයේදී නොමිලේ ලබාදෙන මෙම අනර්ඝ සේවාවන් ලබාගැනීමට අමතක නොකරන්න.

#duringpregnancy #mother #pregnancycare

You may also like
දරැවන්ට ආදර්ශමත් වැඩිහිටියකු වෙමු
මවගේ ලස්සන ස්වාමියාටත් දරුවාටත් ආඩම්බරයකි.
ඔබ රැකියාව කරන විට ඔබේ සෞඛ්යෙ සුරැකීම
ගර්භනී අවස්ථාවේ ගත යුතු විටමින් සහ අමතර පරිපූරක