Home > Latest Articles > ඔබේ දරුවාව ප්‍රසූති කරන අවස්ථාවේ දී, ඔබේ සහකරුට ඔබට ලබාදිය හැකි උදව්

ඔබේ දරුවාව ප්‍රසූති කරන අවස්ථාවේ දී, ඔබේ සහකරුට ඔබට ලබාදිය හැකි උදව්

ඔබ ප්‍රසව වේදනාවෙන් පෙළෙන විට සහ ප්‍රසූති අවස්ථාවේ දී, ඔබේ ලඟම ඥාතියෙක් ඔබ ළඟ සිටීම ඉතා හොඳ දෙයක්.  ඔබේ ප්‍රසූති කාලය පුරා, ඔබ ළඟ සිටිමින්, ඔබට සදාචාරාත්මක ලෙස උදව් කිරීම ඔවුන්ට ඔබ වෙනුවෙන් කළ හැකි විශාල පරිත්‍යාගයක් වෙනු ඇත.  උදාහරණයක් වශයෙන, ඔබේ සහකරු  හෝ වෙනත් ළඟම යහළුවෙක් හෝ ඥාතියෙක් මේ සඳහා සුදුසු වේ.  බබාගේ පියා, බබා උපදින විට ඔබ ළඟ සිටීමෙන්, බබා සහ ඔහුගේ/ඇයගේ තාත්තා අතර ඇති බැඳීම මුල සිටම ඉතා දැඩි එකක් වන බව නවතම වාර්ථා පෙන්වා දෙයි.

ඔබේ දරු ප්‍රසූතියට පෙර, ඔබ  ළඟ සිටීමට සුදුසුම තැනැත්තා පිළිබඳව සිතා බලා, ඔහු හෝ ඇය සමඟ ඔබේ දරු ප්‍රසූතිය පිලිබඳ සාකච්ඡා කරන්න.  ඔබ දරු ප්‍රසූතිය සඳහා තෝරා ගත් ස්ථානය සහ ඔබේ ප්‍රසූති වේදනාව අඩු කිරීම සඳහා ඔබ තෝරා ගත් නොයෙකුත් ක්‍රම සහ ප්‍රසූති ශීල්පීය ක්‍රමය (එනම් අඬු භාවිතයෙන්ද, නැතහොත් රික්ත ප්‍රසූතියක් – vacuum ද යන වග) පිළිබඳව ඔහුව හෝ ඇයව දැනුවත් කරන්න.  එවිට ඔවුන්ට ඔබට උදවු කළ හැක්කේ කුමන ආකාරයකින්දැ’යි කලින් වටහා ගත හැක.

ඔබේ ප්‍රසූති අවස්ථාවේ සහායකයාට පහත සඳහන් ක්‍රම මගින් ඔබට උදව් කළ හැක:

ඔබට ප්‍රසූති වේදනාව දැනීමට පටන් ගත් අවස්ථාවේ සිට ඔබ සමඟ සිටීමෙන් ඔබ දරු ප්‍රසූතිය සඳහා යන රෝහලට හෝ ප්‍රසූති මධස්ථානය වෙත යනවිට, එහි රැගෙන යාමට අවශ්‍ය ද්‍රව්‍ය ලක ලැහැස්ති කර ගැනීමට ඔබේ මුහුණ පිසදා ගැනීම සඳහා තෙත තුවායක් හෝ ස්පොන්ච් එකක් ලබා දීමෙන් ඔබේ  ශරීරය විජලනයෙන් වැළැක්වීම  සඳහා  වරින් වර ඔබට වතුර බීමට දීමෙන් වේදනාව අඩු කිරීම සඳහා ඔබේ පිට කොන්ද මෘදු ලෙස පිරිමැදීමෙන්, ඔබට එහා මෙහා ඇවිදීමට උදව් වීමෙන් සහ ඔබව පහසු ආකාරයකට තැබීමෙන් දරු ප්‍රසූති අවස්ථාවේදී, එක් එක් අවස්ථාවලදී ඔබව දිරිමත් කිරීමෙන් වේදනාව අඩු කිරීමට ඔබ පිලිපඳින ක්‍රම සඳහා උපකාර කිරීමෙන් ඔබගේ අවශ්‍යතාවයන්, ඔබේ වෛද්‍යවරයාට හෝ වින්නඹු මාතාවට දැනුම් දීමෙන්  ඔබ දරු ප්‍රසූති අවස්ථාවේදී, ආශ්වාස ප්‍රශ්වාස ක්‍රම සහ සංසුන්  වීමට පිලිපැඳිය  යුතු ක්‍රියා මාර්ගයන් ඔබට මතක් කර දීමෙන්  ඔබට දරු ප්‍රසූතියේදී දැනගත නොහැකි කරුණු – එනම් අනිත් පැත්තේ හෙවත් බබාගේ චලනයන් ආදිය පිළිබඳව ඔබව දැනුවත් කිරීමෙන්

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න.  මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.