Home > දෙමාපිය දැනගැනිම පිණිස > ගුණදායි ආහාර > ඔබේ දරුවාට සැබෑ සමතුලිත ආහාරයක් දෙන්න

ඔබේ දරුවාට සැබෑ සමතුලිත ආහාරයක් දෙන්න

scrn

ඔබේ දරුවාට ශ්‍රී ලංකාවේ සැබෑ සමතුලිත ආහාරයක් දෙන්න

“පුතා, ඉක්මණින් ඔයාගේ උදේ කෑම කන්න. නැත්නම් ඔයාට වෙලාවට ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා”.  ” ඒත් අම්මි, මම හැමදාම කොළ කැඳ බොන්නේ කොහොමද? මම ඒවට ආස නැහැ.  ඒක උකුයි, අමුතු රසක් තියෙන්නේ.  ඒ වෙනුවට මම ඉරිඟු පොරි (Cornflakes) කන්නද? “

ඔබේ නිවසෙත්, සෑම උදයකම මෙම දෙබස ඇසෙනවාද?  ඔයත් ඔබේ දරුවාට ගුණදායක සහ ස්වභාවික ආහාර දෙන මවක්ද?  නමුත්, සමහර වෙලාවට ඔබේ හිස බිත්තියේ ගසා ගන්නට හිතෙනවද?

දෙමව්පියන්ගේ  ප්‍රශ්ණයq

කොළ කැඳ, මුං ඇට, කඩල, ඉඳි ආප්ප, ආප්ප, මඤ්ඤොක්කා, රතු බත්, පිට්ටු, කව්පි සහ අනෙකුත් ගුණදායක ආහාර වන ධාන්‍ය වර්ග, පලා වර්ග, පලතුරු සහ එළවළු ආදී අපේ ස්වභාවික ආහාර ඔබේ පුංචි දරුවාට කැවීමට වෙර දැරීම ඉතා කරදරකාරී ක්‍රියාවලියක් නේද?

රූපවාහිනියේ නිතර දැන්වීම් වලින් පෙන්වන පිටරට ආහාර වර්ග වන ඉරිඟු පොරි (Cornflakes), නගෙට්ස් (nuggets), කොකෝ ක්‍රන්ච් (coco crunch), සොසේජස් සහ මීට් බෝල්ස් ආදී දේ උදේ ආහාරය සඳහා තෝරා ගැනීම ඉතා පහසුයි!  නිරතුරුව පෙන්වන මෙවැනි ආහාර වර්ග නිසා, අපේ රටේ තිබෙන ආශ්වාදජනක සහ ශරීර සෞඛ්‍යට සුදුසු ආහාර වර්ග වෙනුවට, මෙවැනි ආහාර ලෙහෙසියෙන් අප වෙත එයි!

දරුවන්ගේ ජීවිතයේ මුල් අවුරුදු පහ තුළ ඔවුන්ගේ වැඩීම ඉතා සීඝ්‍රයෙන් සිදුවන බව විද්‍යාත්මක සාධක පෙන්වා දෙනු ලැබේ.  මේ කාලය තුළ දරුවා ආහාරයට ගන්නා සියලුම දේ මේ වැඩීම කෙරෙහි බලපානු ලැබේ.  එමනිසා, ඔබේ දරුවාට සමතුලිත ආහාර ලබා දිය යුතුයි.  ශාරීරික වැඩීමට අමතරව දරුවාගේ මොළයේ වැඩීම පිළිබඳව ඔබ අවධානය යොමු කළ යුතුයි.

එනිසා, දරුවාට මේ කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ස්වභාවික සමතුලිත ආහාර අවශ්‍ය බව ඔබට වැටහෙනවා නේද?  දෙමාපියන් වශයෙන් ඇත්තටම ශ්‍රී ලාංකික අපිට දරුවාට ලබා දිය හැකි සමතුලිත ආහාර මොනවාද?

ශ්‍රී ලාංකික ආහාර

uk fry up

ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශයන්හි 50%ක ප්‍රතිශතයක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ඔබ දන්නෙහිද?  එයින් බොහෝ දෙනෙක් අඩු බරකින් යුක්ත අතර, අවුරුදු 1 – 4 දක්වා වයස් සීමාව අතර සිටිනා ළමුන් වේ.  ශ්‍රී ලංකාවේ ස්වභාවික ආහාර වර්ග බොහෝ ඇති අතර, මෙම ප්‍රතිශතය සැළකිය යුතු අගයක් ගනී.  අපේ ගවතුවල ගොටුකොල, වැල් පෙනෙල, කන්කුන්, තම්පලා, කතුරුමුරුංගා සහ එළවළු වර්ග වන කරවිල, බණ්ඩක්කා, කැරට්, වට්ටක්කා, වම්බටු, දඹල ආදී නොයකුත් වර්ගවල ස්වභාවික එළවළු වර්ග වගා කළ හැක.

බොහෝ මව්වරුන් සහ ප්‍රාථමික දරුවන් බලා ගන්නා අය අපේ රටේ තිබෙන ස්වභාවික එළවළු දරුවන්ට දෙන්නේ කෙසේදැ’යි නොදනිති.

සතුටුදායක ලෙස ආහාර ගැනීම

pic06

විවිධත්වය ජීවිතයේ ප්‍රධාන අංගයක්!  අපි අපේ පරිසරය සිසාරා අපිට සොයා ගත හැකි දේ කුමක්දැ’යි බලමු.  කොළ වර්ග කෑමට ප්‍රියතාවයක් ඇති කිරීම සඳහා සලාද ලෙස පිළියෙළ කරන්න, මාළු වලට කහ මිශ්‍ර කරන්න, පරිප්පු වලට සුදුළුනු දමන්න, ඒ වගේම කුරුඳු, සියඹලා සහ කුළුබඩු වර්ග ආහාර වලට එක් කරන්න.  දරුවන් කැමති අයුරින් ආහාර පිළියෙළ කරන්න.  අපිට දිනපතා ආහාරය අප්‍රිය වනුයේ, අපි ඒවා  පිළියෙළ කරගන්නා ක්‍රම නිසයි.  දිනපතා ඔබේ දරුවාට එකම විදියේ ආහාර දීමෙන්, ඔබටවත්, ඔබේ දරුවාටවත් කිසි ලෙසකින් සතුටක් නොලැබේ.  ශ්‍රී ලංකාවේ තිබෙන ස්වභාවික ආහාරවල කැපී පෙනෙන වෙනසක් ඇති කර, එයින් ඔබේ දරුවාගේ කෑම පිඟාන සරසන්න.

දැන් ඔබ පියවරක් පසුපසට ගෙන අප වටා ඇති පරිසර පිරික්සන්න.  ශ්‍රී ලංකාව නොයෙකුත් ස්වභාවික සෞඛ්‍ය සම්පන්න ආහාර වලින් පරිපූර්ණ වේ.  දිනපතා ආහාර පිළියෙළ කිරීමේදී, විවිධ අයුරින් ඒවා පිළියෙළ කිරීමෙන්, ඔබේ දරුවා ඒවා ආසාවෙන් අනුභව කරනවා පමණක් නොව, නීරෝගී භාවයෙන් ද යුක්ත වේ.

KEYWORDS : #srilankanfood #healthyfood #kidsfood #food #babyhealthyfood

note

You may also like
නීරෝගී ගර්භනී අවස්ථාවක් ගත කිරීමට අවශ්ය ආහාර රටාවක්
සිඟිත්තාගේ ආහාර වේලාව ගැන ඔබ දැනුවත්ද?
බබාගේ දෛනික ආහාර රටාව
පොඩිත්තාට හපන්න උනන්දු කරවීම
error: Content Protected © mummypages.lk