Home > දෙමාපිය දැනගැනිම පිණිස > ඔබේ දරුවාට සාවධානව ඇහුම්කන් දෙන්න

ඔබේ දරුවාට සාවධානව ඇහුම්කන් දෙන්න

“තාත්ති, අද ඉස්කෝලේ උන වැඩක් දන්නවද?”  පුංචි සවින් ඔහුගේ තාත්තා සමඟින් කතා කිරීමට මඟක් සොයමින් කිවුවා.

ඔහු අද පාසැලේ සිට ගෙදර ආවේ, ඔහුට අද ඉස්කෝලෙදි ළමුන් කණ්ඩායමක් හිරිහැර කළ ආකාරය තාත්තාට කියන්නයි.  ඔහුගේ පන්ති භාර ගුරුවරයාට තමන්ට වූ අවහිරය ගැන කියූ විට, ඔහු එය ගණන් ගත්තේ නැහැ.  ඔහුගේ තාත්තාත්, එයා කියන දෙය නිකමටවත් ගණන් නොගෙන ඉඳීවිද?

ඔබ ඔබේ පුංචි දරුවා කියන දෙයට ඇහුම්කන් නොදුන් විට, ඔබ හිතනවාට වඩා ලොකු වේදනාවක් ඔහුගේ පුංචි හිතට දැනේවි!  දරුවන්ගේ අත් දැකීම්, සිතිවිලි, බිය ජනක දේ සහ දුක ගැන කියන දේට ඇහුම්කන් දීම, මව්පියන්ගේ යුතුකමක් වුවත්, ශ්‍රී ලංකාවේ දෙමව්පියන් එය එතරම් ගණන් ගන්නේ නැත.

  • ඇහුම්කන් දීමෙන් විශ්මය ජනක දේ සිදුවිය හැක. සමහරවිට, ඔවුන්ගේ ඇති ප්‍රශ්න ඔබේ ඇහුම්කන් දීමෙන් පමණක් විසඳා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
  • අපි මව්පියන් වශයෙන් යන ගමනේදී, සමහර අවස්ථාවලදී, අපේ දරුවන්ට ඇහුම්කන් නොදීම පිලිබඳව අපිට වරදකාරී බවක් දැනිය හැක. නැවත එම වරද  නොකිරීමට සහ ඔබ ඔබේ දරුවන්ට ඔබේ දරුවන්ගේ කතා වලට ඇහුම්කන් දීමෙන්, ඔබේ දරුවාගේ ජීවිතය පිලිබඳ  අංශක  360 ක පරාසය තුළ ඇති දේවල් ඔබට දැන  ගැනීමට  හැකියාව ලැබේ.
  • දරුවන්ට අහුම්කන් දීමෙන් ඔවුන්ව අගයන බවත්, ඔවුන්ට ආදරය කරන බවත් ඔවුන්ට හැඟේ.  එවිට ඔබත් දරුවාත් අතර ඇති බැඳීම දැඩි වේ.
  • දරුවන්ට සාවධානව ඇහුම්කන් දීමෙන්, දරුවාගේ ආත්මාභිමානය වැඩිවේ.
  • එමඟින් ඔබට දරුවාගේ සිතැඟි නොසඟවා ඉදිරිපත් කෙරේ.
  • දරුවන්ට ඔබ ඇහුම්කන් දුනහොත්, දරුවාද, ඔබට ඇහුම්කන් දෙනු ඇත.

අපි මව්පියන් වශයෙන් යන ගමනේදී, සමහර අවස්ථාවලදී, අපේ දරුවන්ට ඇහුම්කන් නොදීම පිලිබඳව අපිට වරදකාරී බවක් දැනිය හැක.  නැවත එම වරද  නොකිරීමට සහ ඔබ ඔබේ දරුවන්ට හොඳින් ඇහුම්කන් දීමට පුරුදු වීම සඳහා පහත සඳහන් කරුණු ඔබට උපයෝගී විය හැක.

  • උද්යෝගිමත්ව ඇහුම්කන් දෙන්න දරුවන් කියන්නේ කුමක්දැ’යි තේරුම් ගැනීමට යුහුසුළු වන්න. ඔහු හෝ ඇය කියන දේ පිළිබඳව ප්‍රශ්න අසා, ඔවුන් කියන දෙය හොඳින් වටහා ගැනීමට උත්සුක වන්න.
  • සාවධානව ඇහුම්කන් දෙන්න ඔබේ දරුවා සියළු විස්තර කියා හමාර වනතෙක් සිටින්න.  වැඩිහිටියෙකුට වඩා දරුවාගේ වචන ශබ්ද කෝෂය ඉතා අඩු මට්ටමක පවතී.  එම නිසා, ඔවුන්ගේ සිතැඟියාවන් කියා හමාර කිරීමට වැඩි කාලයක් වැය වේ.  එමනිසා, ඔබ ඉවසිලිවන්තව ඔවුන් කියන දෙය කෙරෙහි අවධානය යොමු කොට ඇති බව ශරීර ඉරියව් වලින් හඟවන්න.
  • අවධානය යොමු කරන්න දරුවා ඔබට කියන දෙය කෙරෙහි අවධානය යොමු කරන්න.  එසේ නොමැති වුවහොත්, දරුවන් අධෛර්යමත් වේවි.
  • හැම විටම සූදානමින් සිටින්න සමහර විට, ඔබට ඔවුන්ගේ කතාවන්ට ඇහුම්කන් දීමට නොහැකි වෙලාවක දරුවන් ඔවුන්ගේ කතාව පටන් ගැනීමට ඉඩ ඇත. හැකි සෑම අවස්ථාවකම, ඔබේ දරුවන්ට ඇහුම්කන් දීමට සූදානමින් සිටින්න.  ඔහුට හෝ ඇයට තව දුරටත් සිතේ තද කර තබා ගැනීමට නොහැකිව, තම අදහස් කියා ගැනීමට අවශ්‍යතාවයක් ඇති වී තිබිය හැක.  ඔබ එය අසා දැන ගන්නා තෙක්, ඔබ එය ගැන දන්නේ නැත.
  • ඔවුන් සිටිනා අවස්ථාවට මනසින් යන්න ඔබේ දරුවාට ඔබට කතා කරනවිට, ඔබ එවැනි අවස්ථාවකට මුහුණ දුන් අයුරු සිතේ මවා ගන්න. එවිට, ඔවුන්ගේ සිතිවිලි ඔබට කීමට ඔවුන්ට  සැහෙන පහසුවක් ඇති වේවි!
  • විශේෂිත අවස්ථාවක් කර ගන්න ශ්‍රී ලංකාවේ ඔබ ඉතා කාර්ය බහුල මවක් හෝ පියෙක් නම්, තම දරුවන් සමඟ කතා බහට පහසු වෙලාවක් යොදා ගන්න. මෙම වෙලාව තුළ , ටී වී බැලීමෙන්, දුරකතනයෙන් සහ නොයෙකුත් වැඩ වලින් ඈත් වන්න.  දරුවන්ට සමඟ කතා බහට පමණක් මෙම අවස්ථාව යොදා ගන්න.

එසේ නොමැති නම්, දරුවන් විශ්වාස කරන්නේ කාවද?  ඔවුන්ගේ වචනවලට සවන් යොමන්න!  ඔවුන්ගේ ලෝකය ආලෝකමත් කරන්න!

#listenattentivelytoyourchild #sinhalaarticleinsrilanka #motherandfather #listenenthusiastically

note

You may also like
පවුලේ බැඳීම් ශක්තිමත් කර ගැනීම සඳහා කරුණු කීපයක්
දත් ඒම, හැපීම, මලානික වීම සහ අසතුටින් සිටින බබෙක්
පියයුරු පිළිකාවේ ප්‍රධාන අවදානම
කුඩා දරුවන් සහ සංස්කෘතිය
error: Content Protected © mummypages.lk