Home > අධ්‍යාපනය > ඔබේ දරුවාට කතා කිරීමට හුරු කරවන්නේ කෙසේද?

ඔබේ දරුවාට කතා කිරීමට හුරු කරවන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ මව්වරුන්ට සමාජයෙන් නිරතුරුව මුහුණ පාන්නට වන හිරහැර :

  • ඔයාගේ බබා කොච්චර තරබාරුද?
  • ඔයාගේ බබා ඔච්චර කෙට්ටු ඇයි?
  • අයියෝ, ඔයාගේ බබාගේ ලස්සන කැරලි කොණ්ඩය කපන්න එපා අනේ
  • ඇයි ඔයාගේ බබා තවම කතා කරන්න නැත්තේ? යනාදිය ඔබගෙන් අන් අය නිරතුරුව නඟන ප්‍රශ්න වෙයි.

අපි තව දුරටත් කතා කිරීමට පෙර, සෑම ළමයෙක්ම ඉතා විශිෂ්ට බව මතක තබා ගන්න.  සෑම ළමයෙකුටම, ඔහුටම ආවේණික වූ වැඩීමක් සහ ඉගෙන ගැනීමේ හැකියාවක්  ඇත.  ඔබේ බබාට අනුන් කියන දේවල් අසා සීමාවක්  පනවන්න එපා!

අවුරුදු 1 සිට 1 – 1/2 දකවා කාලය තුල ඔබේ බබා නොයෙකුත් වචන කතා කිරිමට පටන් ගනී (නමුත්, සමහර ළමුන් කතා කිරීමට පටන් ගැනීමට ඊටත් වඩා වැඩි කාලයක් ගනී).  කාලයාගේ ඇවෑමෙන් ඔබේ දරුවා හොඳින් කතා කිරීමට පටන් ගනී.  නමුත්, අතරමඟදී, යම්කිසි පෙළඹවීමක් ඔහුට/ඇයට ඔබෙන් අවශ්‍ය වේ.  මගේ ගැහැණු දරුවන්ට කතා කිරීමට ඉගැන්වීමට, මම පහත සඳහන් කරුණු ප්‍රයෝජනයට ගත්තා – දැන් ඔවුන් නියම කතා පෙට්ටි බවට පරිවර්තනය වෙලා ඉන්නේ!

දරුවන්ට කතා කිරීමට පුහුණු කරවීම

දරුවන්ගේ කතාමාලාව වැඩි දියුණු කරවීම  සඳහා උනන්දු කිරීම  – ඔබේ දරුවාට කතාබහේ ඇති ශක්තිය උගන්වන්න

කෑම වේලාවන්හිදී දරුවා ප්‍රිය කරන ආහාර වලින් ස්වල්ප ප්‍රමාණයක් පළමුව ඔහුගේ/ඇයගේ පිඟානට බෙදන්න.  එවිට ඔවුන්ට එය නැවත අවශ්‍ය වූවිට ඉල්ලයි.  එම ඉල්ලීම ඇඟිල්ලෙන් හෝ ඔළුවෙන් ඉල්ලන්ට දෙන්න එපා. ඔවුන්ට එම කෑම “කරුණාකර”, “තව” “අවශ්‍ය” බව කතා කර ඉල්ලන්නට පුරුදු කරන්න.

රූපවාහිනිය සහ අනෙකුත් සෙල්ලම් බඩු, ඔවුන්ට අතට අසු නොවන මානයේ තබන්න – ඒවා ඉල්ලීම එම භාණ්ඩවල නමින් ඉල්ලන්නට උගන්වන්න “ටීවී” “බෝනික්කා” “සෙල්ලම්” ආදී වශයෙන්.

අන්තර් ක්‍රියාකාරිත්වයන් ඇති කතන්දර ඔබේ දරුවා මුල් වචන කියන්නට පුරුදු වූ විට, ඔවුන්ගේ අවධානය  කතන්දර වෙත යොමු කර, එයින් ප්‍රශ්න නඟන්න.  එම කතාන්දරය අතරමඟ නවතා, ඉන්පසු “එම මිනිසා ඉඳ ගත්තේ………?” කියා දරුවාගෙන් එයට අවශ්‍ය වචනය ගැනීමට උත්සහ කරන්න.

කුඩා ළමුන්ගේ කවි ගායනා කරන්න ළමුන් කවි ගායනා කිරීමට ඉතා කැමැත්තක් දක්වයි.  එම කවි නිදා ගැනීමට පෙර හෝ හවස් යාමයේ නැවත නැවතත් කවි කියවීමට යොදා  ගන්න.  තමන්ට කවියේ සමහර වාක්‍ය ඛණ්ඩ අමතක බව පෙන්වා, එම තැන් ඔවුන්ට කියා ගායනා කරවීමට උත්සහ ගන්න

සංගීත තැටි වාදනය කරන්න –   මේ සියල්ල ඔබේ දරුවාගේ කතා කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීමට ඉවහල් වන අතර, දරුවාව සතුටින් තැබීමටද උපකාරී වේ.  මෙම තැටි ඔබේ වාහනයේ හෝ නිවසේ වාදනය කරවීමට සලස්වා, බබා සමඟ එකතු වී මේවා ඔබත් ගායනා කරන්න.

දරුවා සමඟ කෙටි සංවාදයන්ට එකතු වන්න පාසැලෙන් නිවසට යනවිට, අතරමඟ දී, දරුවා සමඟ කෙටි කතා බහට යොමු වන්න.  ඔවුන්ගෙන් පාසැල, යහළුවන්, ඔවුන් පාසල් කාලය තුල කළ කී දේ පිළිබඳව ප්‍රශ්න නඟන්න.  ඔවුන්ගෙන් ඒ පිළිබඳව ඉතා හොඳ ප්‍රතිචාරයක් නොලැබීමට හැකියාව ඇත.  එවිට, ඔබ සාවදානව ඔබේ දරුවා කියන දෙයට ඇහුම්කන් දෙන්න.  ඔබේ කතාව ඉතා සාමාන්‍යය භාෂාවෙන් කරගෙන යා යුතු අතර, එය අවශ්‍ය දේ පිළිබඳ  පමණක් කතා කිරීමට උත්සහ ගන්න.  ඔබ කියන දේ ඔබේ දරුවාට වටහා ගැනීමට උදව් කරන්න.  එවිට ඔවුන්ට ඔබේ ප්‍රශ්න වලට නියම පිළිතුරු දීමට හැකියාව ලැබේ.

ඔබේ දරුවාට සමාජයේ හැසිරීමට ඉඩ සලසා දෙන්න ඔබේ දරුවාට යහළුවන් ඇති කර ගැනීමට උනන්දු කරවන්න.  වැඩිමල් සහෝදර සහෝදරියන් ඇති ළමුන් ඉක්මණින් තම භාෂාව හසුරුවන්නට පටන් ගනී.  ඔබේ දරුවා අනෙක් දරුවන් සමඟ හැසිරීමට උනන්දු කරවන්න.

ඔබේ දරුවාට අනෙක් දරුවන් සමඟ එකතු වීමට ඉඩ සලසා දෙන්න එනම්, සෙල්ලම් කිරීමට කාලය යොදා දෙන්න. උද්‍යානයට ගොස් වැඩිමල් දරුවන් සමඟ එකතු වීමට ඉඩකඩ සපයා දෙන්න.  එවිට ඔබේ දරුවා ඉක්මණින් කතාව පුරුදු වීමට පටන් ගනී.

ඔබේ දරුවාව කොන් කරන්න එපා ගැහැණු දරුවන් සහ පිරිමි දරුවන් කතා කිරීමට පටන් ගන්නා කාල පරාසයේ වෙනසක් ඇත.  තවද, සමහර දරුවන් ඉක්මණින් කතා කිරීමට පටන් ගන්නා අතර, සමහරුන් කතා කිරීමට ඉගෙන ගැනීමට වැඩි කාලයක් ගත වේ.  සමහරු ඔවුන්ට වයස අවුරුදු 2 වනවිට හොඳින් කතා කිරීමට පටන් ගනී.  ඔබේ දරුවාට වයස අවුරුදු 3 වනවිටත් කතා කිරීමේ අපහසුවක් ඇත්නම්, වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ear infections –  හෝ වෙනත් කතා කිරීමේ දුර්වලතා

ඔබේ දරුවාව ලෝකයේ සහ සමාජයේ ඇති විශ්මිත දේ කෙරෙහි යොමු කරවන්නට මතක තබාගන්න.  යම් දේවල් කෙරෙහි කුතුහලය ඇති කරවීමෙනුත්, සමාජීය හැකියාවන් කෙරෙහි යොමු කරවීමෙනුත්, දරුවන්ගේ කතා කිරීමේ හැකියාවන් වැඩි දියුණු වේ.

ඔබේ දරුවාගේ යම් අඩුපාඩුවක් විදහා දැක්වීමට සමාජයට ඉඩ නොදීමටත්, ඔවුන්ගෙන් එයට පිළියම් ලබා නොගෙනීමටත් ඉඩ තබන්න එපා.  ඔබේ දරුවාට තමන් පිලිබඳ ආත්ම විශ්වාසයක් ඇති කරවා, ඔවුන්ට තමන් අවට පරිසරයේ ඇති සතුට සහ නිදහස හොඳින් බුක්ති විඳීමට හැකි වටපිටාවක් සාදා දෙන්න!

#howtotrainyourchild #lerntotalk #motherchild

note

You may also like
මවක් රට රැකියාවට යාමෙන් අසරණවන දරුවන්
error: Content Protected © mummypages.lk