Home > Latest Articles > ඔබේ දරුවාගේ හැගීම්වලට සංවේදී වන්න.

ඔබේ දරුවාගේ හැගීම්වලට සංවේදී වන්න.

ඔබේ දරුවාගේ හදවතට ඇතුල්වන ද්වාරය

ශ්‍රී ලාංකිකයන්  වන අපි, අපේ දරුවන්ගේ තීරණ වලට කෙතරම් බලපෑම් කරනවාද?

ශ්‍රී ලංකාවේ සියළුම දෙමව්පියන් ඉගෙන ගත යුතු ඉතා අරුම පුදුම වචනයක් වන්නේ ” පිළිගැනීම” යන්නයි.  ඔබේ දරුවාට ඔහුගේ/ඇයගේ අදහස් ප්රකාශ කිරීමට ඉඩ දී, ඔහුට අවධානය යොමු කිරීමෙන් ඔබ කරනුයේ ඔබේ දරුවාගේ ආත්ම ගෞරවය රැකදීමයි.

අද කාලයේ පවතින කාර්යබහුල ජීවිත වල දී, සෑම විටම ඔබේ දරුවන්ට ඇහුම්කන් දීමට මතක තබා ගැනීම අපහසු කාර්යයකි.  නමුත්, ඔබේ දරුවාට ඔබ ඉදිරියට අවුත්, ඔහුගේ/ඇයගේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න.

  • ඔබේ දරුවාටතේරුම් ගැනීමටඋදවු කරන්න

මගේ දියණිය වෙළඳසැලේදී, යම්කිසි දෙයක් ඉල්ලූ විට, මම ඇයට “නැහැ” කිවූ විට, ඇය කෝපයට පත් වෙයි. නමුත්, එහි තේරුම වන්නේ, “අම්මි පොඩ්ඩක් මම කියන දේ අහන්නකෝ” කියායි.  මම ඇය කියන දේ අහන්නට එක විනාඩියක් මිඩංගු කළා නම්, ඇය එය ඉල්ලන්නේ මන්ද කියා මම දැනගන්නවා පමණක් නොව, එය ඒ වෙලාවේ ඇයට රැගෙන දීම නොහැකි ඇයිදැ’යි මම තේරුම් කළ විට, ඇය සතුටු වෙන අතර, එය අපි දෙදෙනාටම ප්‍රශ්නයක් නොවනු ඇත.  ඇය ඇගේ අම්මි කිවූ දෙය ඉතා පහසුවෙන් වටහා ගනීවි.

  • විනිශ්චය නොකර පිළිගන්න

මගේ පුතා, ඔහුගේ යහළුවෙක් ඔහුට කතා නොකරන බැව් කී විට, මට ඔහුට කියන්නට  සිතුනේ, “එයාව ගණන් ගන්න එපා.  පුතා, ඔහුට වඩා හොඳ කෙනෙක්” කියායි. නමුත්, මම මඳක් නැවතී, ඔහුත්, ඔහුගේ යහළුවත් අතර සිදු වූ අරගලය පිලිබඳව  විස්තර කරන්න කියා ඉල්ලා  සිටියා.  මම ඔහු පිලිබඳ  කණගාටු වී, ඔවුන්ගේ ප්‍රශ්ණයට විසඳුමක් සෙවීමට යුහුසුළු වූවා.  ඊට සතියකට පසු, මගේ පුතා “අම්මි, මමයි, අරිතුයි ආයෙත් යාළු උනා” කියා සතුටින් කිවුවා.  මගේ පුතා ඔහුගේ ප්‍රශ්නය මා සමඟ කතා කළ විට, මම ඔහුව විනිශ්චය නොකර, ඔහුගේ ප්‍රශ්ණය විසඳා ගැනීමට උදවු කිරීම පිළිබඳව මමත් සතුටට පත් උනා.  ඉතා කුඩා ප්‍රශ්ණයක් ගැන වුවත්, ඔබේ දරුවාට ඔහුගේ තීරණය කියාපෑමට ඉඩ දෙන්න.  නිතරම දරුවන්ව ආරක්ෂා කිරීමට සහ විනිශ්චය කිරීමට පෙළඹෙන දෙමව්පියෙක් වීමට උත්සහ කරන්න එපා.

  • දරුවාගේ කරදර  ප්‍රශ්ණ  පිළිගන්න 

ඔබේ දරුවා විභාගයකට පාඩම් කරද්දී, “ඔයා ලකුණු 90ක් ගන්න ඕනේ”කියා දරුවාව පීඩනයකට පත් කරන්න එපා.  ඒ වෙනුවට, දරුවා පාඩම් කරන එම විෂය කෙතරම්  අමාරුද කියා අහන්න.  ඔහුට/ඇයට එම පාඩම මතක තියා ගත හැකිද?  මම දරුවාට උදව් කරන්නේ කෙසේද? දරුවා සිටින සෑම අවස්ථාවකම ඇති අමාරුකම් පිළිබඳව ඔහුට විවෘතව ඒ පිළිබඳ ඔබට දන්වන්නට උනන්දු කරවන්න.  ඔවුන්ට තම අම්මා හෝ තාත්තා වෙත අවුදින් ඔවුන්ගේ කරදර, ප්‍රශ්ණ පිළිබඳ නිදහසේ කතා කිරීමට ඉඩ දෙන්න. දරුවන්ටත් ප්‍රශ්ණ ඇති බව තේරුම් ගන්න.

  • ඔබගේ දරුවාගේ අවශ්‍යතාවය වටහා ගන්න.

ඉතා කුඩා ප්‍රශ්ණයක් වූවත්, ඔබේ දරුවාට ඒ පිළිබඳ කතා නොකර ඉන්න කියා තරවටු කරන්න එපා. දරුවෙක්ට ඇති ප්‍රශ්ණ ගැන කතා කිරීම නවතා දැමීම සඳහා ” මට ඔයාගේ පැහැදිළි කිරීම් අවශ්‍ය නැහැ….. මම කියන්නේ එය නවත්වන්න කියලා…” කියමින් දෙමව්පියන් තම දරුවාට කතා කිරීමට ඉඩ නොදී නවත්වයි.  එයින් දරුවාගේ ප්‍රශ්ණ එතරම් වැදගත් නොමැති බව ඔබ ඔවුන්ට අඟවයි. ඔබේ තරහව පාලනය කරගෙන, දරුවාගේ ප්‍රශ්නය පැහැදිළි කිරීමට ඉඩ දෙන්න.  සමහර  ප්‍රශ්න පිළිබඳව තීරණ ගැනීම ඔවුන්ට ඉඩ දෙන්න.  සමහර ඉතා කුඩා දරුවන් පවා, සමහර වෙලාවට බුද්ධිමත් තීරණ ගනී.

අවසානයේ මම කියන්නට කැමතියි, ඔබේ දරුවා “තනි පුද්ගලයෙක්” ලෙස පිළිගන්න.  ඔබේ දරුවාගේ හැඟීම් වලට අවධානය යොමු කර, ඔවුන් වැදගත් සේ සලකන බව ඔවුන්ට අඟවන්න!

#besensitivetoyourchildsfeelings #yourchildsheart #influenceourchildrensdecisions #childreninsrilanka

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

You may also like
Fruits And Vegetables For Elementary Age Children
බබාලා පොදුවේ සාමන්‍යයෙන් පෙන්වන අපහසුතාවන් ගැන ඔබ දැනුවත්ද?
Nutrition For School Children
Acknowledge Your Child Feelings