Home > අධ්‍යාපනය > ඔබේ දරුවාගේ ලෝකය දීප්තිමත් කරන්න!

ඔබේ දරුවාගේ ලෝකය දීප්තිමත් කරන්න!

ඔබේ දරුවා කණගාටුවෙන් සිටිනු දැකීමෙන් ඔබට කුමක් සිතේද?  ඔබත්, ඉතා දුකටත්, පීඩනයටත් පත්වන අතර, සමහර විට, ඔබත් වරදකාරී හැඟීමකින් පෙලෙනු ඇත.. එහෙම නේද?

සෑම දෙමව්පියෙකුටම අවශ්‍ය වන්නේ තමන්ගේ දරුවන් සතුටෙන් සිටිනු දැකීමයි. නමුත්, අවට ලෝකය සැමවිටම අපට හිතැ’ඟි ලෙස ක්‍රියා නොකරනු ඇත.  අනෙක් සෑම දෙනෙක්ම වාගේ, දරුවනුත්, ඔවුන්ගේ ජීවිත ගමනේදී සතුටත්, දුකත් අධ්‍යයනය කරනු ඇත.  දරුවන්ට අවශ්‍ය සෑම ද්‍රව්‍යයක්ම ඔබ ඔවුන්ට සපයන විට, ඔවුන් සතුට අත්විඳිනු ඇත.  නමුත්, සත්‍ය වශයෙන්ම, ජීවිතයේ දිගු ගමනේදී, සතුට යනු ඊට වඩා විශේෂිත වූ ද, වඩාත් ගැඹුරු වූ ද දෙයකි.

ඔබේ දරුවන් සතුටු කිරීමට අවශ්‍ය ඉතා සරල දේවල් කීපයකි මේ:

  • ඥාති සම්බන්ධතාවයන් ශක්තිමත් කරන්න දැඩි ඥාති සම්බන්ධකම් ඇති විට දරුවන් එකිනෙකාට කිට්ටු වීමක් පෙන්නුම් කරන අතර, එමඟින් දරුවන්ට යම් ශක්තියක් ඇති වේ. එමනිසා, ඔබේ පවුල් සම්බන්ධතාව වැඩි දියුණු කිරීමෙන් දරුවන්ගේ සිත් ප්‍රබෝධමත් වේ.
  • ආදරය පතුරුවන්න ඔබ ඔබේ දරුවන්ට විදහා දක්වන ආදරය, කරුණාව සහ දයාව ඔවුන්ගේ හදවත්වල සනිටුහන් වේ. එමනිසා, ඔබේ  සතුටේ උල්පත වන දරුවන් හුරතල් කිරීම සඳහා ඔබේ කාර්යබහුල ජීවිතයෙන් යම් කාලයක් වෙන් කරන්නට පසුබට නොවන්න.
  • සතුටෙන් ඉන්න ඔබේ දරුවන්ගේ සතුට පිලිබඳ ඔබ සැලකිලිමත් වේ නම්, පළමුව ඔබ සතුටෙන් සිටීම අත්‍යවශ්‍ය කාරණයකි. ඔබ දෙස බලන ඒ කුඩා දෑස් වලට, ඔබේ සිතේ ස්වභාවය සහ මුහුණේ ඉරියව් ඉතා වැදගත් වේ!
  • අගය කරන්න කුඩා අගය කිරීමක් ඉතා දිගු ගමනක් යන බව මතක තබා ගන්න! ඔබේ දරුවන් සතුටෙන් තැබීමට නම්, ඔවුන් කරන නිවැරදි දේ සැමවිටම අගය කරන්න පැකිලෙන්නට එපා !  අපි කවුරුත් වගේම, දරුවන් ද, සෑම වෙලාවකම ජයග්‍රහණ නොලබනු ඇත.  නමුත්, ඔවුන් ගන්නා උත්සහය අගය කිරීම මගින් ඔවුන් ජයග්‍රාහී කණුව කරා ලඟා වීමට උනන්දු කළ හැක.
  • සමබරතාවය පවත්වා ගන්න ජීවිතයට මුදල් අවශ්‍ය බව අපි කවුරුත් දන්නා කරුණකි. නමුත්, මුදල් වලින් සතුට මිළ දී ගත නොහැක.  ඔබ කාර්යබහුල ලෙස මුදල් සොයන්නට වෙහෙසෙන විට,ඔබේ දරුවන්ගේ ලෝකය විනාශ විය හැක.  එමනිසා, ඔබේ දරුවන් සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය වෙලාව සකසා ගන්න.
  • ධනාත්මක සිතිවිලි ඔබේ දරුවාගේ සතුට කෙරෙහි ඔබේ වගකීම් පැවරීම හොඳ අදහසක් නොවේ.  අපි සිතන අයුරු සහ හැසිරෙන අයුරු සතුට කෙරෙහි බලපාන අන්දම වෙනස් වේ.  එමනිසා, දිගු ජීවිත ගමනේදී හමුවන කඳු සහ පල්ලම් වැනි, දුක සහ සතුට කෙරෙහි ශක්තිමත්ව මුහුණ දෙන අයුරු දරුවන්ට පුරුදු කරන්න.
  • සෞඛ්‍ය දරුවන්ගේ ශාරීරික සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන්න.  නීරෝගී දරුවන් සතුට භුක්ති විඳිනු ඇත.
  • අරුත්බර ජීවිතය කරුණාව, දයාව සහ බෙදා හදා ගැනීම වැනි දේ ඔබේ දරුවාගේ සතුටට බොහෝ සේ හේතුකාරක වනු ඇත.  එමනිසා,  හොඳ දේවල් කිරීමට ඔබේ කුඩා පැටවුන්ට උගන්වන්න.
  • විමර්ශනය කිරීමට ඉඩ දෙන්න දරුවන් කුඩා කළ නොයෙකුත් දේ පිළිබඳ විමර්ශනය කිරීමට පෙළඹෙයි. එවිට,  දරුවන්ට සෑම  දෙයක්ම “එපා” යයි කීම හොඳ දෙයක් නොවේ.  ඔවුන්ට යම් යම් දේ අත්හදා බැලීමට ඉඩ දෙන්න.  කුඩා අවධියේ ලබන අත්දැකීම් ඔවුන්ගේ ජීවිත ගමනේදී ඉතා වැදගත් වේ!
  • ඔබේ පොරොන්දු ඉෂ්ඨ කරන්න සෑම විටකම ඔබේ පොරොන්දු ඉෂ්ඨ කිරීම පිළිබඳව යුහුසුළු වන්න. පොරොන්දු කඩකිරීමෙන් දරුවන්ගේ මුදු මොළොක් හදවත් ඉරි තැලී යනු ඇත.  ඔබේ ළමුන්ට වන පොරොන්දු ඔබේ නොයෙකුත් රාජකාරි සහ කාර්ය බහුලත්වය නිසා අමතක වී යනු ඇත. නමුත්, ඔබේ පොරොන්දු කඩකිරීමට ප්‍රථම, එමඟින් පුංචි සිත් කෙතරම් අසහනයට සහ දුකට පත්වේදැ’යි මොහොතක් සිතා බලන්න!
  • රුචිකත්වය වැඩි දියුණු කරන්න ඔබේ දරුවාගේ ආශාවල් වෙත අවධානය යොමු කර, ඒවා වැඩි දියුණු කිරීමට අත හිත දෙන්න. අපි කැමති දේවල් කිරීමෙන් අපි ඉතා සතුටට පත් වන ආකාරයටම, දරුවන්  කැමති දේ කිරීමෙන් ඔවුන්ගේ කුඩා සිත් ප්‍රමෝදයට පත් වේ.

ඔබේ දරුවන්ගේ අනාගතය, ඔවුන් කුඩා කළ ලැබූ අත්දැකීම් මත රඳා පවතී.  සාරවත් ජීවිතයක් ගත කිරීම, දරුවන්ගේ මානසික සතුට මත රඳා පවතී.

මාපිය කටයුතු හොඳින් ඉටු කිරීමට අදිටන් කර ගන්න!

#brightenyourchildsworld #promotelove #appreciateit #letmeinvestigate

note