Home > Health > ඔබේ දරුවාගේ දත් රැක ගන්න

ඔබේ දරුවාගේ දත් රැක ගන්න

ශ්‍රී ලංකාවේ දන්ත රෝග, නිතරම දක්නට ලැබෙන පොදු දෙයකි.

නරක වූ දත් – සාමාන්‍යයෙන් අවුරුදු 6ක් වයසැති දරුවන්ගෙන් 70%ක්ම දත් ප්‍රශ්ණ වලට මුහුණ පායි.    කුහර සහිත දත් ඇති වන්නේ බැක්ටීරියාවන් නිසයි.  බැක්ටීරියා වර්ධනය හේතුව, හොඳින් මුඛය පිරිසිදු නොකිරීමයි.

විදුරුමස් රෝග – විදුරුමස් රෝග සෑදෙන්නේ නියමාකාරයෙන් දන්ත පරීක්ෂාවන්ට භාජනය නොවන නිසාය.

හේතු  :

ශ්‍රී ලංකාවේ බොහෝ අයෙකුට දත් රෝග ඇති වීමට හේතුව, ඔවුන් දන්ත සෞඛ්‍ය පිළිබඳ එතරම් සැළකිල්ලක් නොදක්වන නිසයි.

  • දරුවන්ගේ වයස අවුරුදු 1-1/2 සිට 6 දක්වා කිරි දත්වල ඇති වැදගත්කම ගැන නිසි අවබෝධයක් නොමැති වීම
  • වයස අවුරුදු 1 ට වැඩි ළමයින්ට රාත්‍රී කිරි ආහාරය දෙන විට එයට සීනි මිශ්‍ර කිරීම
  • වැඩුණු දරුවන් හට සීනි මිශ්‍ර කර වතුර බීමට උනන්දු කරවීම.
  • දවසට දෙවරක් තරුණ ළමයින්ගේ දත් නොමැදීම
  • පමණට වඩා පැණි රස කෑමට ඇබ්බැහි වීම 

කිරි දත්

ස්ථිර දත් ඒමට පෙර ළමයින්ගේ කිරි දත් ඒම සිදුවන අතර ස්ථිර දත් වල වර්ධනය සිදු වනුයේ කිරි දත් වල අඩිතාලම මතයි.  කිරි දත් ස්ථිර දත් සඳහා අවශ්‍ය නිසි අවකාශ ලබාදෙන අතර, හොඳ දන්ත මුලාශ්‍ර ද,  ලබා දෙනු ලැබේ.  එම නිසා, කිරි දත් වලට හොඳ සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක් ලබා නොදුන හොත්, එය ස්ථිර දත් සඳහාද බලපායි.  එවිට ස්ථිර දත් දිරීමට සහ දත් වල කුහර සෑදීමට පහසුවෙන් ඉඩකඩ ඇතිවේ.

හොඳ සෞඛ්‍ය සම්පන්න දත් සඳහා

ශ්‍රී ලංකාවේ ළමුන්ට සෞඛ්‍ය සම්පන්න දත් දෙපළක් ලබා ගැනීමට නම්, දෙමාපියන් ඒ සඳහා නියමාකාර ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළ යුතුයි.

  • උදේට සහ රාත්‍රියට දත් මැදීමට ළමුන්ට අනුබල දිය යුතුයි – ඔබ දත් මදින විට, ඔබේ දරුවන්වද එක් කර ගන්න. ඔවුන්ට දත් නියමිත ආකාරයට මදින අයුරු හොඳින් කියා දෙන්න.
  • හොඳ දත් බුරුසු සඳහා මුදල් යොදවන්න – ශ්‍රී ලංකාවේ ළමුන්ට සරිලන හොඳ දත් බුරුසු වෙළඳ පොළෙන් මිළදී ගත හැක
  • නිසියාකාර දන්තාලේප තෝරා ගන්න – ෆ්ලෝරයිඩ් පමණට වඩා වැඩි දන්තාලේප අවුරුදු 6ට අඩු දරුවන්ට සුදුසු නැත.  එමනිසා, කුඩා දරුවන්ට සුදුසු දන්තාලේපයක් තෝරා ගන්න
  • වැඩිපුර පැණිරස කෑම මඟ හරින්න – පැණිරස ආහාර අද කාලයේ දරුවන්ට දීම ඉතා සතුටු දායක ක්‍රියාවක් ලෙස නොසළකන්න. කුඩා කාලයේදීම ළමුන්ට දත් රෝග වැළඳීමට පමණක් නොව, කුඩා කාලයේදීම ළමුන්ට දියවැඩියාව සහ ස්ථුලත්වය (තරබාරුකම) වැනි රෝග සැදීමේ ප්‍රවණතාවය ඇතිවේ.
  • දන්ත වෛද්‍යවරයා හමු වීමට ක්‍රමානුකූලව යන්න – ඔබේ දරුවාගේ සාමාන්‍ය දන්ත සෞඛය පිලිබඳ පරීක්ෂා කර බැලීම සඳහා, ඔබේ දන්ත වෛද්‍යවරයා හමුවීමට යාම විධිමත්ව කරන්න.

දන්ත සෞඛ්‍ය සම්පන්න හොඳ දත් දෙපළක් සඳහා:

  1. දත් බුරුසු
  • ශ්‍රී ලංකාවේ දැන් හොඳ දත් බුරුසුවක් වෙළඳ පොළෙන් තෝරා ගැනීම අපහසු කාර්යයක් නොවේ.
  • ඔබේ දරුවාට හැසුරු වීමට පහසු දත් බුරුසුවක් (ළමා දත් බුරුසුවක්) තෝරා ගන්න.
  • සෞම්‍ය කෙඳි සහිත – විදුරු මස් වලට හානි නොවීම සඳහා
  • විවිධ පාටින් සහ හැඩයෙන් යුක්ත – දිනපතා දත් මැදීමට උනන්දු කර වීම සඳහා
  1. දන්තාලේප :
  • වයස අවුරුදු 6ට අඩු දරුවන් සඳහා, අඩු ෆ්ලොරයිඩ් (fluoride) ධාරිතාවක් ඇති,
  • හොඳ දන්තාලේපයක් භාවිතා කරන්න – නොයෙකුත් පාටින් යුක්ත දන්තාලේප සඳහා නැඹුරු නොවන්න.
  • දන්ත විශේෂඥයන් අනුමත කළ දන්තාලේපයක් තෝරා ගන්න.
  • ඔබේ දරුවාගේ දන්ත වෛද්‍යවරයාගෙන් විමසා, හොඳ ඖෂදීය දන්තාලේපයක් තෝරා ගන්න – මේ කරුණු ඔබේ දරුවාගේ දත් රැක ගැනීමටත්, ශක්තිමත් කිරීමටත් ඉවහල් වේ 

සෞඛ්‍ය සම්පන්න දත් සහ ප්‍රීතිමත් ළමුන්

අතිශය දීප්තිමත් සිනාවක් තරම් සුව දෙන අන් දෙයක් ලොවෙහි නැත.  එම සිනාව ඔබේ දරුවාගෙන් ලෝකයට දායාද කිරීම ඔබ සතු යුතුකමකි.  ඒ සඳහා නිසියාකාර සැළකිල්ලක් ඔබේ දරුවාගේ මුඛ සෞඛය වෙනුවෙන් ලබා දෙන්න.

නරක දතකින් දරුවා විඳින වේදනාවෙන් ඔබේ දරුවා බේරා ගන්න.  අදම ඔබේ දරුවාගේ දන්ත සෞඛ්‍ය පිළිබඳව සැළකිලිමත් වී, ඔහුගේ/ඇයගේ මුතුවන් දීප්තිමත් දත් දෙපළ රැක ගන්න!