Home > Uncategorized > ඔබේ දරුවාගේ අනාගත සිහින සඵල කිරීම

ඔබේ දරුවාගේ අනාගත සිහින සඵල කිරීම

“මගේ දුව උසස්පෙළ විභාගයෙන් පසුව, දොස්තර කෙනෙක් වෙනවා” ඉතා ආඩම්බරයෙන් පැවසූ පද්මිණි, රාතිකාගේ හිස ආදරයෙන් අතගෑවේය. නමුත්, රාතිකාගේ එකම සිහිනයවූයේ මෝස්‌තර නිර්මාණ ශිල්පිණියක් වීමයි.   නමුත්, ඇයගේ දෙමව්පියන් ඇයට වෛද්‍යවරියක් වීමටඋනන්දු කරද්දී, ඇගේ සිහිනය පිළිබඳව ඔවුන්ට කිවහැකිද?  ශ්‍රී ලංකාවේ බොහෝ ළමයින් මෙන් රාතිකාද, ඇගේ සිහිනය බොඳවී යන අයුරු බලමින් නිශ්ශබ්ද වූවාය.

අනාගත බලාපොරොත්තු පිළිබඳ ප්‍රශ්ණය ඉස්මතු වන විට, සියළුම මිනිසුන් කොටස් දෙකකට බෙදාවෙන් කළහැකිය.

පළවෙනි කොටස – උසස් පරමාර්ථ සහිත සහ එය පසුපස හඹා යාම.

දෙවෙනි කොටස – කලබල නොමැතිව රැල්ල සමඟ ගසාගෙනයාම.

පළවෙනි කොටසේ දෙමව්පියන්, දෙවෙනි කොටසේ දරුවෙක් බිහිකළවිට, ඔවුන් දරුවන්ගේ අනාගත බලාපොරොත්තු පිළිබඳ කිසිදු තැකීමක් නොකර, දෙමව්පියන්ගේ ආශාවන් ඉටුකරගැනීම සඳහා දරුවාට බලපෑම් කරනු ලැබේ.

අපි නිතරම ශ්‍රී ලංකාවේදී දකින්නේ තම අනාගත රැකියා බලාපොරොත්තු පසෙකලා, තම දෙමව්පියන්ගේ සිහින සැබෑකිරීම සඳහා වෙහෙසවන දරුවන් වේ.  කාලයාගේ ඇවෑමෙන්, එම ළමයින් පසුකාලීනව, අසහනයට පත්වී, අසතුටින් සහ අවුල් සහගත චිත්තාවේගයෙන් දිවිගෙවති.  තම දරුවන් අනාගත බලාපොරොත්තු රහිතව සිටීමට කැමති කිසිකෙනෙක් මෙලොව නොමැත.   නමුත්, අපේ දරුවන්ගේ අනාගත රැකියා සිහින තේරුම්ගෙන, ඒවා සැබෑකිරීම සඳහා හැකි සෑම උදව්වක්ම සපයන ආදරබර දෙමව්පියන්වන්නේ කෙලෙසද?

දරුවන් සඳහා ගැලපෙන රැකියා සිහින ඇතිකිරීම සඳහා පහත දැක්වෙන සරල නීති හත සළකා බලමු.

තේරුම්ගැනීම ඔබේ දරුවාගේ චරිතාංග, ශක්තිය සහ දුර්වලතාවයන්    හඳුනාගන්න.

උනන්දු කරවන්න ඔබේ දරුවාගේ අධ්‍යාපනයට අමතරව ඇති හැකියාවන් ඔහුට/ඇයට හඳුනාගැනීමට උනන්දුකර, එයටඅනුබද්ධිත ක්‍රියාකාරකම් සහ විනෝදාංශ තෝරාගැනීමට අනුබල දෙන්න.

අනාවරණය කරන්න ලෝකයේ ඇති විවිධ මාදිලියේ රැකියාවන් දරුවාට අනාවරණයකර දෙන්න.  එසේම, කාලයත් සමඟ ලෝකයේ අවශ්‍යතාවයන් වෙනස්වන බවත්, අවුරුදු ගණනකට පෙර ඉතා ඉහළ මට්ටමේ යම් රැකියා සඳහා තිබූ ඉල්ලුම, වර්තමානයේ අඩුවී ඇතිබව දරුවාට පැහැදිළිකර දෙන්න.

අවවාද කරන්න විවිධ රැකියාවන්හි ඇති පක්ෂ, ප්‍රතිපක්ෂ, හේතු ආදිය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා සුදුසු, විවිධ මාදිලියේ රැකියා තනතුරු දරණ අයවලුන්ගේ ජාලයක් දරුවාට හඳුන්වා දෙන්න. මෙමඟින් දරුවාට කෙළින්ම ලැබුණු ආරංචි ඔහුගේ/ඇයගේ අනාගත රැකියාව තෝරාගැනීමට බෙහෙවින් උපකාරීවෙනු ඇත.

අදහස් හුවමාරු කරගන්න දරුවා සමඟ නිදහසේ අදහස් හුවමාරු කරගන්න. ඔබේ දරුවාගේ අනාගත රැකියා සිහිනය පිළිබඳ ඔබට යම් ප්‍රශ්ණයක් ඇත්නම්, එය ඔබේ දරුවා සමඟ කෙළින්ම කතාබස් කරන්න.

අවසර දෙන්න දරුවාගේ අනාගත රැකියා සිහිනය පසුපස හඹායාමට ඔබේ දරුවාට නිදහස දෙන්න. අවසානයේදී, මුදල් සහ තත්වයට ඉහළින් සතුට රජයන බැවිනි. අපි සියළු දෙනාටම අවශ්‍ය අපේ දරුවන් සතුටින් දිවිගෙවනු දැකීමයි.

උපකාර කරන්න ඉදිරියේදී, ඔබේ දරුවා තෝරාගන්නා වෘත්තීය ඉතාම හොඳින් ඉටුකිරීම සඳහා ඔහුට/ඇයට ඔබට හැකි අයුරින් උදව්කරන්න.

සෑම ළමයෙකුටම මූලික පාසැල් අධ්‍යාපනය අත්‍යවශ්‍ය වුවත්,  ශාස්ත්‍රීය ගමන්මඟ සැමවිටම ඉතා හොඳ රැකියා මඟක් නොවේ.  සෑම පුද්ගලයෙකුටම වෙනස් ශක්තීන්, හැකියාවන් ඇති අතර, සමහර ළමයින් චිත්‍ර ශිල්පයට සහ කලා විෂයයන්ට දක්ෂවන අතර, සමහර ළමයින් වැඩිදක්ෂතාවයක් දක්වනුයේ වඩුකාර්මික ශිල්පයට හෝ යාන්ත්‍රික ඉංජිනේරු වෘත්තියට වේ.

`අවසානයේදී, අපි කරන රැකියාව නොව, කෙතරම් හොඳින් අපි එය ඉෂ්ඨ කරනවාද යන්නත්, අපේ සමාජයට එමඟින් ලැබෙන සේවය සහ ප්‍රතිලාභය කෙතරම් වටිනවාද යන්නත් වඩා වැදගත්වේ.

#kidsdreams #srilankakidsdreams #Communicatewithkids #encourage #futureyourchildsfuturedreams

note