Home > දෙමාපිය දැනගැනිම පිණිස > ඔබත් ලමයින්ට දැඩිව අවවාද කරනවාද? එනම් මොහොතක් මේ ගැන සිතන්න

ඔබත් ලමයින්ට දැඩිව අවවාද කරනවාද? එනම් මොහොතක් මේ ගැන සිතන්න

“මල් පැළයක් හිටවපුවාම අපි ඒකට වතුරදලා, පොහොර යොදලා දවසින් දවස පැලය වැඩෙන තුරු බලාගෙන ඉන්නවා සමහර වෙලාවට අව්ව වැඩිනම් බලලා හෙවන තැනකින් තියලා පරිස්සම් කරනවා නේද? ඒ වගේ තමයි පුංචි දරුවෙක් වුනත් ලොකු වෙන තුරු බලාගන්න ඕනේ. මොකද පුංචි දරුවොත් පුංචි මල් පැල වගේ”

දරුවෝ නිතරම පුංචි පුංචි වැරදි වැඩ කරනවා. ඒ වගේ වෙලාවට එයාලට ආදරයෙන් කියල දෙන්න ඕනේ ඒවගේ වැරදි කරන්න එපා කියලා. වැරදි වැඩ කරපුහාම එකෙන් වෙන ප්‍රතිපලය එයාලට කියල දෙන්න ඕනේ එතකොට පුංචි පැටවූ ඒවා තේරුම් ගන්නවා. සමහර වෙලාවට දෙතුම් පාරක් කියන්න වෙයි. ඒක කරදරයක් කියල හිතන්න නරකයි. එහෙම නැතුව ගහලා බැනලා ඒ දේවල් කියන්න ගිහාම පුංචි අයට දුක හිතෙනවා. ආදරයෙන් තේරුම් කරලා දෙන එක තමා වටින්නේ. එතකොට එයාලා තේරුම් ගන්නවා. වැඩිහිටි අපි වුනත් කැමති නැහැනේ කවුරුත් අපිට බනිනවට, අපි වුනත් කැමති ආදරයෙන් කියනවාටනේ. ඒවගේ තමයි පුංචි දරුවොත් එක්ක වැඩ කරනකොට ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ. නැතුව ගහලා බැනල දරුවෝ හදන්න ගිහාම එයාලා මුරණ්ඩු වෙනවා. කියලා කියලා බැරිම අවස්ථාවකදී පුංචි දඩුවමක් දුන්නාට කමක්නැහැ. දඩුවමක් කියන්නේ මොකක්ද කියල එයාලත් තේරුම් ගන්න ඕනේ. ඒවගේම ,ඒ අවස්ථාවෙදීම් ඔයා පුතේ මේ කරපු වැඩෙන් වෙන්නේ මේකයි කියලා තේරුම් කරලා දෙන්න ඕනේ. නැත්නං වෙන්නේ අර අපේ අත්අම්මාලා කියනවා වගේ  “හැදි නොගා හදපු කිරි හොද්ද වගේ.” එහෙම නැතුව කරන කරන හැම වරදකටම ගහන්න ගිහාම එයාල ගණන් ගන්නේ නැතුව ඉන්නවා. තව තවත් මුරණ්ඩු වැඩ කරනවා .

අපි හිතමු පුංචි දරුවෙක් පාසලේදී තවත් ළමයෙකුගේ පැන්සලක් ගෙදර අරගෙන ආවා කියලා, සමහරවිට එයා ගෙදර ඇවිල්ලා හරි ආසාවෙන් කියයි මම මගේ යාළුවගේ පැන්සල හොරෙන් අරගෙන ආවා කියලා. අද ගොඩක් දෙමාපියන් ආ පැන්සලක් කියලා ලොකුවට ගණන් ගන්නේ නැහැ. නමුත් දෙමාපියන් විදිහට එහෙම කරන්න එපා, ඒ වගේ වේලාවකදී  දරුවා ලගට අරගෙන “පුතේ ඔයා ඔය කරපු දේ හොද නැහැ. ඔයාගේ යාළුවා ගෙදර ගිහින් දැන් පැන්සල හොයනවා ඇති, සමහරවිට එයාට තව පැන්සලක් ගන්න සල්ලි නැතුවත් ඇති, එක නිසා ඔයා හෙටම ගිහිල්ලා යාලුවට ඕක දීලා සමාවෙන්න කියලා” කියන්න. “නැත්තම් මොකද වෙන්නේ දන්නවාද? ඒ යාළුවා කියයි අනිත් යාලුවන්ටත් ඔයා බඩු හොරකම් කරනවා කියලා. ඔයා කැමතිද ,හොරෙක් කියලා අහගන්න? නැත්නම් ඔයාගේ බඩුවක් වෙන කවුරු හරි හොරෙන් ගන්නවාට ඔයා කැමතිද? නැහැ නේද? ඒ නිසා එහෙම කරන්න එපා පුතේ,”

ඒ අයුරින් දරුවාට ආදරයෙන් තේරුම් කිරීමෙන් එය දරුවාගේ හිතට තදින් දැනෙනු ඇත. තවත් කොටසක් ඇත. පාඩම් කරන්න කම්මැලි, ගෙදර වැඩ කරන්නේ නැති, පන්ති යන්නේ නැති මෙවැනි නොයෙක් ආකාරයේ මතයන් වල සිටින දරුවන් අප අතර ඉන්නවා. තවද වැඩිහිටි දරුවන්නම්, පාසල් ප්‍රේමය, දුම්වැටි, මත්පැන්, මත්කුඩුවලට හුරුවී සිටීම, නැතිනම් පරිගණකයට ඇබ්බැහිවීම ආදී නොයෙක් ප්‍රශ්න තියෙනවා .

මේ සෑම අවස්ථාවකදීම දරුවන්ට අවවාද දීමේදී පළමුව ඔවුන් සමග සුහදව කතා බහ කල යුතුයි. දෙමාපියන් වශයෙන් දරුවන් තේරුම් ගත යුතුයි. එසේ නොමැතිව ඔවුන්ට හිංසා පීඩා කර ඔවුන්ව අපහසුතාවයට පත් කිරීමෙන් දරුවත් ඔබත් අසරණ වනු ඇත. දරුවන් සමග කටයුතු කිරීමේදී අවබෝදයකින් කටයුතු කරයුතුයි. මන්ද අපේ වරදින් ඔවුන් මෙවැනි අවස්ථා වලට ගොදුරු වී සිටීමට පුළුවන. අවවාද දීමේදී හා දඩුවම් කිරීමේදී මදක් ඔබ සිතන්න. “අවවාදයට වඩා ආදර්ශය උතුම් කියා ” ඔබ අසා තිබෙනවා නේද?

මන්ද බොහෝ දරුවන් තම දෙමාපියන් දෙසබලා ඔවුන්ද ඒ දේවල් අත්හදා බැලීමට යාමෙන් කරදර වලට පැටලෙති. ඒ පිලිබදවත් ඔබ සිතා බලන්න. අද දරුවන් දෙමාපියන් දෙන දඩුවම් වැරදි ආකාරයට තේරුම් ගෙන ඔවුන් තවත් මුරණ්ඩු වෙති. මෙවැනි අවස්ථා වල කෝපය පාලනය කරගත නොහැකිව තම ජීවිතය නැති කරගෙන ඇති අවස්ථා ඕනෑ තරම් ඔබ අසා ඇති නේද? ඒ නිසා දරුවෙකුට දඩුවම් කිරීමේදී දෙවරක් සිතන්න .

දරුවන් නිතරම බලාපොරොත්තු වන්නේ තම දෙමාපියන්ගේ ආදරය සෙනෙහස පමණයි. එය ඔවුන්ට ලබා දෙන්න එය ඔවුන්ගේ අයිතියයි. මේ අයිතිය මවකට ඉතා හොදින් දිය හැකිය. මවක් වශයෙන් ඉවසීමෙන් දරුවන් තේරුම් ගත යුතුයි. (මේකා යකා කියලා අතහරින්න එපා )

දරුවන් නිදැල්ලේ යාමට ඉඩ හැර ඔවුන් අසරණ කරනවද? නැතිනම් ආදරය තුලින් ඔවුන්ගේ සිත් මොලොක් කරනවාද යන්න ඔබම සිතා බලන්න.

“මානව හික්මවුනු දරු පිරිසක් ගොඩනගමු”

#children #childrenparent #kidz #Parents

note

You may also like
දරුවන් අතර ඇති ස්ථූලභාවය
බබාලා පොදුවේ පෙන්වන අපහසුතාවන් ගැන ඔබ දැනුවත්ද?
ඔබත් කාර්යය බහුල මවක්ද? පියෙක් ද?
වෙස්වළා ගෙන ආ දේව දුතියන් – ආත්තම්මලා
error: Content Protected © mummypages.lk