Home > Latest Articles > ඔබත් රැකියාවට යන මවක් ගර්භනී මවක්ද ?

ඔබත් රැකියාවට යන මවක් ගර්භනී මවක්ද ?

ad-banner2

රැකියාවට යන මවක් ගර්භනී තත්වයට පත්වූ පසුවත් රැකියාවකට යායුතුයි. මන්ද අද පවතින ආර්ථිකයත් සමගම දෙදෙනාම රැකියාවක් කල යුතු බැවිනි. නමුත් සමහර මව්වරුන් දරුවෙකු පිළිසිද ගත් පසු රැකියාවෙන් ඉවත්වන අවස්ථාද ඇත. කෙසේවෙතත් ගර්භනී සමයේ රැකියාවට යන මවක් මුහුණ දෙන පාද ආශ්‍රිත ප්‍රධාන ගැටලු වන්නේ ,

  • පාද ඉදිමීම
  • යටිපතුලේ වේදනාව
  • නහර ගැට ගැසීම

මේවා ගර්භනී සමයේ ඇති වුවත් ප්‍රසුතියෙන් පසුව සාමාන්‍ය තත්වයට පත්විය හැකිය. නමුත් අද අප රටේ මවුවරුන් රැකියාවට යාමේදී භාවිතා කරන්නේ සාමාන්‍ය කාන්තාවක් භාවිතා කරන පාවහන්මයි. සමහරුන් උසින් වැඩි පාවහන් පලදී. නමුත් ගර්භනී සමයේ තමාගේ මෙන්ම තම කුස තුල වැඩෙන දරුවාගේ ආරක්ෂාව ද සිතිය යුතුයි. එම නිසා උසින් වැඩි පාවහන් පැළඳිම අවදානම් සහිත හා නොකළ යුතු දෙයකි.

විදේශ රටවලනම් මේ කාලයේදී භාවිතා කල හැකි පාවහන් වර්ගයක් හදුන්වා දී තිබේ. එම පාවහන් නිෂ්පාදනය කරන්නේ ස්පැනිෂ් රටේය. එහි ඇති විශේෂත්වය නම්,

  • එහි ඇතුලත පතුල නිර්මාණය කර ඇත්තේ කෝමාරිකා පට්ටයෙනි. එයින් පාදවලට සිසිලසක් ගෙනදෙයි.
  • එයට උඩින් දමා ඇති අවරණයද ඉතා මෘදු කපු රෙදි වර්ගයකි.
  • අනිත් කරුණ වන්නේ මෙහි ඇති හැඩය, එයින් පාදවලට විශාල පහසුවක් ඇති අතර, පාවහන් යුගලක් පැළද සිටිනවාද කියාවත් ඔබට නොදැනෙනු ඇත.

එම හේතුන් නිසා ඉහත මා සදහන් කල පාදයේ අපහසුතා බොහෝ පාලනය කරගත හැක. එයින් හිටගෙන සිටීම, ඇවිදීම ඔබට ඉතා පහසු කාර්යයක් වනු ඇත.

මෙම පාවහන් යුගල අපේ රටේ මව්වරුන්ටත් හදුන්වා දීමට  පාවහන් නිශ්පාදන කරන  ආයතන කටයුතු කරගෙන යන අතර එය ඔබට සුභ දායක ආරංචියක් වනු නොවනුමානය.

  • මෙය වර්ණ පහකින් ඔබට මිලදී ගත හැක.
  • තවත් වැදගත් කරුණක් නම් මෙම පාවහන් මිලදී ගැනීමේදී ඔබ එදිනෙදා භාවිතා කරන ප්‍රමාණයට වඩා වැඩි පාවහන් යුගලක් තෝරා ගත යුතුයි.

ඔබත් මෙය පාවිච්චි කර වෙනස අත්විදින්න. ගර්භනී සමයෙන් පසුවද භාවිතා කල හැකියි.

සුමුදු වලා රොදක් මත ඇවිද යනවාවැනි හැගීමක් ඔබට දැනෙනු ඇත.

 #pregnancy #pregnancycare #pregnancywomen #pregnancytime #pregnancypain

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න

You may also like
ගර්භනී අවස්ථාවේ ගමන් බිමන් යාම
ඔබ රැකියාව කරන විට ඔබේ සෞඛ්යෙ සුරැකීම
ගර්භණී අවස්ථාවේ ව්‍යායාම් කිරීම
මත්පැන් සහ බෙහෙත්