Home > දෙමාපිය දැනගැනිම පිණිස > ඔබත් තයිරොයිඞ් ගැන දැනුවත් ද?

ඔබත් තයිරොයිඞ් ගැන දැනුවත් ද?

mummypages.lk-Tiki-banner

තයිරොයිඞ් ග්‍රන්ථීය ආශ්‍රිත රෝග ගැන විමසීමට ප්‍රථම, එහි ජෛව විද්‍යාත්මක ව්‍යුහය ගැන මදක් දැනගැනීම වැදගත් වේ. තයිරොයිඞ් ග්‍රන්ථීය යනු වම් හා දකුණු පළු දෙකකින් යුතු, ගෙලෙහි ඉදිරිපස පිහිටි හෝමෝන නිෂ්පාදනයට ඉවහල් වන ග්‍රන්ථීයකි. එහි ක්‍රියාකාරීත්වය මෙන්ම ව්‍යුහයේද ඇතිවන අසමතුලිතතා වෙනස්කම් විවිධ රෝගවලට පසුබිම වේ.

තයිරොයිඞ් ග්‍රන්ථීයේ ක්‍රියාකාරීත්වයේ අසමතුලිතතාවයන් නිසා අධිකව තයිරොක්සින් නිපදවීම හෝ අඩුවෙන් තයිරොක්සීන් නිපදවීම සිදුවීම නිසා ශරීරය රෝගී විය හැක.

හෝමෝනවල අඩුවීමේදී පහත සංකූලතා ඇති විය හැකිය.

■ ශරීරය මහත් වීම
■ හිසකෙස් ගැලවීම
■ මල බද්ධය
■ අධික නිදිමත
■ කටහඬ වෙනස්වීම
■ ශුද්ධ වීම අක්‍රමවත් වීම
■ දරුඵල ප්‍රමාද වීම

එලෙසම හෝමෝන වැඩිවීම නිසා පහත සංකූලතා ඇති විය හැකිය.

■ අධිකව කෙට්ටුවීම
■ හදවතේ ගැස්ම දැනීම
■ අධිකව දහඩිය දැමීම
■ කේන්තියාම

එලෙස හෝමෝන වෙනස්කම් හඳුනාගැනීමට රුධිර සාම්පල පරීක්‍ෂණයක් ප්‍රමාණවත් වන අතර, වැඩිදුර තයිරොයිඞ් ග්‍රන්ථීයේ ස්කෑන් පරීක්‍ෂණයක් සිදු කිරීමද වැදගත් වේ. අදාල ඖෂධ මගින් ඉහත කී තත්ත්වයන් බොහෝ විට සුව කළ හැකි අතර, සංකීර්ණ අවස්ථාවන්හීදි විකිරණ සහ ශල්‍යකර්ම භාවිතා වේ. මීට අමතරව බහුලව දක්නට ලැබෙන තත්ත්වයක් වන්නේ තයිරොයිඞ් ග්‍රන්ථීයේ ඉදිමීම හෝ විශාල වීමයි. ගෙල ඉදිරියේ ප්‍රමාණයෙන් විශාල වන ග්‍රන්ථීය හෝ ගැට සහිත ග්‍රන්ථීයක් හඳුනාගතහොත් ස්කෑන් පරීක්‍ෂණය, රුධිර පරීක්‍ෂණය හා ඉඳිකටුවක සෛල ලබාගන්නා පරීක්‍ෂණ අවශ්‍ය වේ. ඉහත ආකාරයට ඇතිවන ගැට සාමාන්‍ය ගැට, සැක සහිත ගැට හෝ පිළිකා සෛල අඩංගු ගැට වේ.පිළිකා සෛල හඳුනාගතහොත් අනිවාර්යයෙන්ම ශල්‍යකර්මයක් අවශ්‍ය වන අතර පසු ප්‍රතිකාර වශයෙන් විකිරණ ප්‍රතිකාර ලබාදීමට සිදුවේ. නමුත් ගැට තුල සාමාන්‍ය සෛල පමණක් තිබුණහොත් ගැට කිහිපයක් තිබීම, ප්‍රමාණයෙන් විශාල වීම, ගිලීමේ අපහසුතා ඇතිවීම යන කරුණු සාධක ශල්‍යකර්මයකට රෝගියා යොමුකිරීම සඳහා හේතු වේ.

මේ අතරම තවත් රෝගීන් පිරිසකට ග්‍රන්ථීයේ ගැට හා ප්‍රමාණයේ වෙනස්කම් මෙන්ම හෝමෝන අසමතුලිතතාවයන්ද ඇතිවිය හැක. එහිදී වෛද්‍යවරයා ඖෂධ හෝ ශල්‍යකර්මය යන ප්‍රතිකාර ක්‍රම දෙකෙන් එකක් තෝරාගනු ඇත. ශල්‍යකර්මය පිළිබඳ කෙටි විවරණයක යෙදීම පාඨක ඔබේ දැනුමට ඉවහල් වන බැවින් එහි සංකූලතා පිළිබඳව මීළඟට විමසමු. මෙම ශල්‍යකර්මය පූර්ණ නිර්වින්දනය යටතේ ගෙල ඉදිරිපස කැපුමකින් සිදුකරන අතර, එහිදී කටහඬ හා හුස්මගැනීමට අවහිරතා ඇතිවීමට ඉඩ ඇත. එයට හේතුව ස්වර තන්තුවල ක්‍රියාකාරීත්වය පාලනය කරන ස්නායුව මෙම ග්‍රන්ථීයට ඉතාම සමීපයෙන් පිහිටා තිබීම හා එයට හානි වීමට ඇති ඉඩකඩ වැඩි නිසාය. නමුත් අවධානයෙන් හා අවබෝධයෙන් කරන විට මෙම  සංකූලතා පහසුවෙන් අවම කරගත හැක.

KEYWORDS:
#areyouawareofthyroid #thyroidsinhalaarticle #sinhalaarticle #healthcarearticle #healthcare #thyroid

note

You may also like
කුඩා දරුවන්ගේ පෙරළිකාර වයස
ඔබ දන්නවාද? මව්කිරි ගැන
ශ්‍රි ලංකාවේ විශේෂ අවශ්‍යයතා ඇති ළමුන් හදා වඩා ගන්නා අයුරු
ගර්භනී අවස්ථාවේදී ඇතිවන රුධිර පීඩනය
error: Content Protected © mummypages.lk