Home > දෙමාපිය දැනගැනිම පිණිස > ගුණදායි ආහාර > ඔබත් චීස් වර්හ ගැන දැනගන්න

චීස් චීස් යනු බොහෝ විට එළදෙනුන්ගේ කිරි වලින් සාදන ලද පෝෂ්යදායී ආහාරයක් වන අතර බැටළුවන්, එළුවන්, මී හරකුන්, ඔටුවන් වැනී සතුන්ගේ කිරි භාවිතා කරමින්ද චීස් වර්ග සාදනු ලැබේ.මීට වසර 4000 කට පමණ පෙර සිට මිනිසුන් කිරි සැකසීමට පටන් ගෙන ඇති අතර, ඒ අනුව චීස් නිෂ්පාදනය ද ඒ තාක් දුරට විහිදෙන පැරණි ආහාරයකි. චීස් වර්ග කිරීමේදී විවිධ ආකාරවලින් වර්ග කළ හැක.
1. චීස් වල ස්වාභාවය අනුව ඒ කියන්නේ (මෘදු, අර්ධ මෘදු, තද)
2. රසය අනුව (මෘදු, කටුක රසයන්)
3. චීස් වල වයස ඒකියන්නේ නිපදවීමට ගතවන් කාලය
4. සකස් කිරීමේ ක්රමය අනුව ( කිරි ප්රෝටීන (කැසින්) අම්ලය සමග කැටි ගැසීමෙන් උදාහරණ ලෙස ක්රීම් චීස් ,කොටේජ් චීස් වගේ මෘදු චීස් වර්ග.) ,(කිරි ප්රෝටීන පුස්, බැක්ටීරියා සමග ක්රියාකාරිත්වයෙන් සාදන චීස් වර්ග )
5. භාවිතා කරන කිරි වර්ගය අනුව (ගව, එළු, බැටළු, මී හරක්)
6. චීස් වල වර්ණය අනුව
7. නිපදවන රට අනුව
8. නිපදවන කලාපය අනුව අපි නිතර අහන දකින චීස් වර්ගයන්ට වඩා ඉත විශාල චීස් විශේෂයෙන් ලොව පුරා භාවිතා වෙනවා. එවැනි අපට හුරු පුරුදු චීස් වර්ග කීපයක් ගැන කරුණු ටිකක් බලමු.

1. මොසරෙල්ලා චීස් මොසරෙල්ලා බොහොම ජනප්රිය චීස් වර්ගයයි. එය සාම්ප්රදායිකව මී හරකුන්ගෙන් සාදන ලද දකුණු ඉතාලි කිරි නිෂ්පාදනයක් වන නැවුම් මොසරෙල්ලා සාමාන්යයෙන් සුදු පැහැතිවේ අඩු තෙතමනය සහිත මොසරෙල්ලා ද ඇත ඒවා ලා කහ පැහැ වේ. සාමාන්යයෙන් ලුණු රහිත , ආම්ලික රසක් සහිත මොසරෙල්ලා චීස් ප්රධාන ලෙස පීසා සෑදීමට යොදා ගනී. මේ චීස් සාමාන්යයෙන් නිපදවන්නේ බෝල ලෙසය.

2. පර්මසන් චීස් පර්මසන් චීස් ඉතාලි ගව කිරි නිෂ්පාදනයක් වන අතර එය ශක්තිමත්, කටුක රසයක් සහිත චීස් වර්ගයක් වන අතර කෑමට එකතු කරන විට, කුඩා ප්රමාණයක් එකතු කළ යුතුයි. පර්මසන් වැඩිපුරම පැස්ටා වලට , සලාද වලට, කැසරෝල් වැනි බොහොමයක් කෑම සැදීමට යොදා ගනී.

3.ෆෙටා චීස් ෆෙටා යනු බැටළුවන් සහ එළු කිරි වලින් සාදන ලද ග්රීක චීස් වර්ගයකි. එය සුදු පැහැති චීස්, ලුණු සහිත, රසවත් හා තෙත ස්වාභාවයක් යුක්ත වේ. ෆෙටා චීස් සලාද , සැන්විචස් වලට සහ තවත් බොහොමයක් කෑම ජාති වලට භාවිතා කරනු ලැබේ.

4. රිකොත්තා රිකොත්තා යනු බැටළුවන්ගේ කිරි වලින් සාදන ලද ඉතාලි චීස් වර්ගයකි. ක්රීමි,මෘදු පැණිරස හා නැවුම් රසයකින් යුතු සිනිඳු චීස් වර්ගයක් වේ. ඒ වගේම එය මේදය අඩු බැවින් ඩයට් කරන අයට වුවද භාවිතා කරන්න පුළුවන්. එහි ලුනු ගතියඉතා අඩුය. ඒ නිසාම පැණිරස කෑම සදහාත් යොදගන්න පුළුවන් ලසන්යා සෑදීමට ප්රධාන වශයෙන් යොදා ගන්නා අතර පැස්ටා,පයි ,චීස් කේක් සදහා ද භාවිතා කරයි

5. කොටේජ් චීස් රිකොත්තා සහ කොටේජ් චීස් බොහෝදුරට සමානයි . එකක් අනෙක වෙනුවට ආදේශ කරන්න පුළුවන් . ඒත් සම්පූර්ණයෙන්ම සමාන නැහැ. දෙකේම ස්වාභාවය එකිනෙකට වෙනස් නමුත් මෘදු සහ සියුම් රසයකින් යුක්තයි. චීස් නිෂ්පාදකයින් කිරි කර්ඩ් සහ වේහ් ලෙස වෙන් කරනවා ඉන්පසු, කොටේජ් චීස් සෑදීමට කර්ඩ් භාවිතා කරන අතර වේහ් රිකොත්තා සෑදීමට යොදා ගනී. චීස් වර්ග දෙක අතර ස්වාභාවය වෙනස් වීමට හේතුව ඒකයි. කොටේජ් චීස් නැවුම්, කිරි සහිත සහ ක්රීමි ගතියකින් යුක්තයි ඒවගේම මධ්යස්ථ ලුණු රසයක් ඇත. කොටේජ් චීස් ගොඩක් කෑම වර්ග සෑදීමේදී සහ බේකින් වලට භාවිතා කරනවා.

6. මාස්කපෝන් මෙම චීස් වර්ගය ඉතාමත් ජනප්රිය ඉතාලියානු චීස් වර්ගයක්. ඉතාමත් සිනිදු ස්වාභාවයක් ගන්නා අතර කිරි රසයක් , බටර් රසයක් සහ මිහිරි පැණි රසක් සහිතයි. මෙහි බටර් ෆැට් එක අධිකය. මෙය නිපදවන්නේ ක්රීම් සහ සිට්රික් අම්ලය සමග එකතු කර ආම්ලීකරණය කිරීමෙනී. මෙය වඩාත්ම ප්රචලිත වී ඇත්තේ තිරමුසු නැමැති ඉතාලි ඩෙසට් එක සදහා ප්රධාන අමුද්රව්යක් ලෙසය. ඒවගේම මේ චීස් වර්ගය පැස්ටා ,ලසන්යා සදහාද යොදාගන්නවා .මෙම චීස් වලට ඔලිව් ඔයිල්,ස්පයිසි සහ හර්බ්ස් එකතු කර රසවත් ඩිප් වර්ගයන්ද සාදාගන්නවා.

7. චෙඩාර් චීස් චෙඩාර් චීස් එන්ගලන්තයේ නිපදවන ලද වියළි හා තද ස්වාභාවයකින් යුක්ත වන අතර මිහිරි රසයක් ඇත. කහ පැහැති සහ තද කහ දක්වා වර්ණය වෙනස් වේ. චෙඩාර් චීස් බර්ගර් ,සැන්ඩ්විච් සඳහා භාවිතා කරයි.ක්රීම් චීස් ලෙසද චෙඩාර් චීස් නිපදවන අතර ඕනෑම කෑමකට එකතු කල හැකි ඉතාමත් රසවත් චීස් වර්ගයක්.

8. ගවූඩා චීස් ලොව පුරා ජනප්රියම චීස් වලින් එකක් වන ගවූඩා නෙදර්ලන්තයෙ නිපදවන ගව කිරි චීස් ය. මෙම චීස් වර්ගය පරණ වූ විට චීස්වල එහි රසය හා ස්වාභාවය වෙනස් වේ. මිහිරි රසයක් ඇත. සලාද සදහා භාවිතා කරයි .

9. ස්විස් චීස් ස්විස් චීස් සුදුමැලි කහ පැහැයට හුරු අර්ධ මෘදු චීස් වර්ගයකි .මෙහි කුඩා කුඩා කුහර ඇති අතර ඇමරිකාවේ වඩාත්ම ජනප්රිය චීස් වලින් එකකි. එහි මෘදු පැණිරසක් ඇති අතර සැන්ඩ්විච් සඳහා සුදුසු වේ.

10. එම්මෙන්ටල් එම්මෙන්ටල් මෙම චීස් මෘදුයි, ටිකක් පැණිරසයි, ටිකක් කුළුබඩු රසයක් ද සහිතයි . එය බොහෝ කෑම වර්ගවල භාවිතා කළ හැකිය. ස්විස් චීස් වලට සමානතාවක් දක්වයි. ඊට සමානව කුහර සහිත ස්වාභාවයක් ඇත.

11. බ්රී බ්රී යනු ඊසානදිග ප්රංශයේ නිපදවන මෘදු ස්වාභාවයක් සහිත එළකිරි චීස් වර්ගයකි. කිරි සුදු පැහැ නොවන අදුරු සුදු පැහැයක් ගන්නා මෙම චීස් වල පලතුරු හා හතු වැනි රසයට සමාන රසයක් ඇත. එහි අප්රසන්න ආම්ලික බවක් ඇත එහෙත් විවිධ ආවේණික ආහාර පිළියෙළ කිරීමට යොදා ගනී

12.කැමම්බර්ට් චීස් කැමම්බර්ට් පෙනුමෙන් හා රසයෙන් බ්රී චීස් වලට බොහෝ සමාන සියුම් වෙනස්කම් තිබේ. මෙයද විවිධ වූ ආවේණික ආහාර පිළියෙළ කිරීමට සහ විවිධ පානයන් සමග ආහාරයට ගනී

13. හැලූමි හැලූමි යනු එළු සහ බැටළුවන්ගේ කිරි මිශ්රණයකින් සාදන ලද චීස් වර්ගයකි. සයිප්රස් හී නිපදවන අර්ධ දෘඩ ලුණු සහිත චීස් වර්ගයකි. එය සලාද වලට එකතු කළ හැකිය.එළවළු ,ඔම්ලට්, මුහුදු ආහාර, කොමඩු ,දෙළුම් වැනි නැවුම් පලතුරු සමඟ එය භාවිතා කරයි .

14.රොක්ෆෝර්ට් රොක්ෆෝර්ට් ,ලොව ප්රසිද්ධ නිල් චීස් වලින් එකකි. මෙම ප්රංශ පුස් චීස් තෙතමනය සහිතය. එය බැටළුවන්ගේ කිරි වලින් සාදා ඇති අතර යීස්ට් වලින් එන තියුණු, පැණිරසක් වැනි අමුතු රසයක් ඇත. රොක්ෆෝර්ට් භාවිතා කරන වට්ටෝරු බොහෝ තිබේ ටෝස්ට් සමඟ, ඇට වර්ග සහ මී පැණි සමඟ කෑමට ගනී

15. ප්රොවොලොන් ප්රොවොලෝන් යනු ඉතාලියානු අර්ධ දෘඩ චීස් වර්ගයකි. එහි රසය එහි වයස අනුව වෙනස් වේ.තියුණු, කුළුබඩු සහ පැණිරස දක්වා ඉතා මෘදු රසයකින් යුක්ත අතර කැසරෝල් ,පීසා, සැන්ඩ්විච් සහ බේක් කළ පැස්ටා සදහා භාවිතා කළ හැකිය.

16. මොන්ටරේ ජැක් මොන්ටරේ ජැක් යනු ඇමරිකානු චීස් කිහිපයෙන් එකකි. එය එළකිරි වලින් සාදන ලද ලා කහ පැහැති අර්ධ දෘඩ චීස් වර්ගයකි. එය මෘදු හා බටර් රසයකින් යුක්ත වන අතර සැන්ඩ්විච්, චීස් ඩිප්ස් සහ ග්රිල් කළ චීස් සෑදීම සඳහා යොදා ගනී

17.එඩම් එඩම් යනු ලන්දේසි අර්ධ දෘඩ චීස් වර්ගයකි. සාම්ප්රදායිකව ඇතුලත ලා කහ පැහැති සහ පිටත රතු පැරෆින් ඉටි වලින් වට කර ඇත. එය ඉතා මෘදු රසයක් සහිතයි තරමක් ලුණු ද ඇත අනෙකුත් චීස් සමඟ සසඳන විට ගන්ධ රහිත ය. චීස් පරණ වන විට එහි රසය වැඩි වේ.පැස්ටා, සලාද සෑදීමට එඩම් චීස් හොඳින් යොදා ගනී

18.ගෘයේරා චීස් මෙම චීස්, කහ පැහැතිය.පැණිරස නමුත් තරමක් ලුණු රසයෙන් යුක්ත වන අතර එහි වයස අනුව වෙනස් වන රසය ඇත. බේකින් සඳහා හොඳම චීස් වලින් එකක් ලෙස මෙම චීස් වර්ගය හදුන්වනු ලැබේ.සාම්ප්රදායිකව චීස් සෝස් සෑදීමට එය භාවිතා කරයි.

19.නිල් චීස් නිල් චීස් සාදා ඇත්තේ එළකිරි, බැටළුවන්ගේ කිරි හෝ එළු කිරි වලින් වන අතර නිල් චීස් වල අප්රසන්න සුවඳක් ඇත. එය යීස්ට් මෙන් කටුක රසයක් සහිතය.ටිකක් කුළුබඩු රසයක්ද ඇත.එම රසයට හුරු වූ අය විවිධ ක්රම වලට මෙය ආහාරයට ගනී .

20.ගොර්ගොන්සෝලා ගොර්ගොන්සෝලා යනු නිල් චීස් වර්ගයකි. නමුත් එය විශේෂ වන්නේ එහි ඇති කුඩා ‘නිල්’ ඉරි නිසාය. එය මෘදු, පැණිරස හා කිරි රසැති චීස් වර්ගයකි.